Google+ Followers

Wednesday, March 6, 2013


උඩගුකම/ උඩගු සිත සැනසීමට බාධාවකි. නිරතුරුවම, භිය, සැක අප පසු පස හඹා එයි. ඉන් මිදීමට 1

නහිදන් අත්ත කතන් බිම්බන්

නහිදන් පර කතන් අගන්

හේතුන් පටිච්ච සම්භුතන්

හේතු බංගා නිරුජ්ජති

මජ්ජිම නිකායේ භික්කුණී සංයුක්තයේ, බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙහි කරන්නෙක් කරවන්නෙක් නොමැති බවයි. මම කියා අයකු නැත. වෙනත් අයකු නැත. කිසිවකුගේ සම්බන්දයක් නොමැතිව, මෙහෙයවීමක් නොමැතිව, ඉබේම සිදුවන හේතු ප්‍රත්‍යයන්ගේ ඇතිවීම තුලම නැතිවීමක් පමණි. සමුදය තුලම නිරෝධය සිදුවන විට ඉතිරිවන්නේ හිස් අවකාශයක් (ශුන්යතාවය) පමණි. පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය පාදක කරගෙන දිගින් දිගට ගලායන හේතුපල දහමක් පමණි. කිසිසේත්ම මම කියා පුද්ගලයකු නැත.

එහෙනම් මේ ගෙඩිය පිටින් ඉන්නේ කවුද?