Google+ Followers

Saturday, July 20, 2013

හුදකලාව

කලණමිතුරකුම ඇසුරු කරන්න. එවැන්නකු නොමැතිවිට හුදකලාවම ප්‍රියකරන්න යැයි බුදුපියාණන් වහන්සේ පවසා ඇත. මෙහි හුදකලාව යන්නෙන් තනිකම(Loneliness) නොව, උත්තරීතර  හුදකලාව (Solitude) යන්න අර්ථවත් වේ.
ලෝක ස්වභාවය අනුව, ඇනුම්, බැනුම්, නින්දා, අපහාස මේ FB එක නිසා අපමණය.
ඒ වගේම අතලොස්සක් වූ මිනිසුන්, අර්ථවත් විවේචන, අදහස්, යෝජනා  ඉදිරිපත් කිරීම, කෘතවේදීත්වය ප්‍රකාශකිරීම  මේ ව්‍යායාමයට දිරියකි.
නූතණ දියුණු සමාජයේ දෙමව්පිය- දුදරු ආදරය, අඹු- සැමි ආදරය, ගුරු- සිසු, ගිහි-පැවිදි ආදී සබදතා ‘ගනු-දෙනු’ ස්වරුපයක් ගනී.
කලණ මිතුරැ  සබදතාවකට, මුනගැසීමක් හෝ කථාබහ කිරීමක් අත්‍යවශ්‍යම නැත. සත්‍යය වචනය, සත්‍යය සොයන්නාට ලගාකරදීමේ දම්වැලේ පුරුකක් වුනානම්, ඒ හොදටම ප්‍රමාණවත්ය.
මා විසින් ඔබ වෙතට ගෙනෙන ඉගැන්වීම්වල ආධ්‍යාත්මික ගුරුවරු මේ පිලිබදව නොදනී. කිසිදු ගිවිසුමක් හෝ සංවිධානයක් නොමැත. නිවසේ සහ කාර්යාලයේ මගේ කාමරයේ තිබෙන කුඩා පොත් අල්මාරිය, ‘සදහම් පුස්තකාලයයි’.
අප මිතුරැ Dilantha Shalutha මහත්මානන්ගේ අදහසකට අනුව,

මෙම  FB Wall එකේ Post කරන වැදගත් තතු සියල්ල Mahamevnawa Sadaham Library බ්ලොග් එක තුල, Google Plus, සහ twitter  වෙබ් අඩවියේ පල කෙරෙනු ඇත. ‘හැමදෙයක්ම එක තැනකට කැටි කරලා තියන නිසා කියවන්න වගේම විශාල පිරිසක් අතර එම තොරතුරු බෙදාහැරීමට හැකියාව ඇත. හොද පාඨක පිරිසක් හදාගන්නත් පුළුවන්. බුදුපියාණන්වහන්සේ වෙළදාමක් ව පවතින අවදියක බුදුපියාණන්වහන්සේ අපරිමාන බුදු ගුණ පිළිබදව අවබෝධයක්  තරුණ පරම්පරාවට දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා’.