Google+ Followers

Saturday, July 6, 2013

මහායානද,

එක් එක් අයගේ ඉගැන්වීම් වලට අපි අයි තරහගන්නෙ.
ගිහිද,පැවිදිද, මහායානද, වෙන යානයක්ද, සිංහලද, දෙමළද, අමෙරිකන්ද, 
හින්දුද, තරැණද, ....
මේවායේ කිසිදු හරයක් නැහැ.
සම්මතයක් පමණයි.
ජීවිතයට කිසිඳු වටිනාකමක් නැහැ.
බෙදී, වෙන්වී, ඇනකොටා ගන්න මිසක්
සැනසීමකට මග පැදෙන්නේ නැහැ.

වචන කාගේ වුනත් කමක් නැහැ
එහි මග සලකුණු නිවැරදිද බලන්න.
බුද්ධියෙන් විමසන්න.

එකග නම් පිළිපදින්න
නැතිනම් ඉවත ලන්න.
ඇයි ගැටෙන්නේ.

වෛද්‍ය පර්යේෂණ වලින් පෙන්නුම් කරනවා, උද්වේගකාරිබව, නොරිස්සුම් ආදිය මගින් සිරුරේ ජෛව විද්‍යාත්මක වියූහයේ පවා වෙනස්කම් ඇතිකරන බව.

අවසන් ප්‍රතිඵලය මානසික දුක මදිවට, කායික රෝගාබධවලින්ද පෙලීමයි.
පීඩාවට පත්වීමයි. හෙම්බත්වීමයි.

කවුද දැන් ඒකට පලි?
අසවලා නිසයි මම දුක් විදින්නේ කියන එක
මිතයාවක්නේද?

ඒකයි බුදුපියානන්වහන්සේ කීවේ
සැනසීම බාහිරෙන් සොයන්න බැහ කියල.