Google+ Followers

Saturday, July 6, 2013

කලණ මිතුර

කලණ මිතුරකුගේ ඇසුර නොමැතිනම්, හුදකලා වාසය සුදුසු බව බුදුන්වහන්සේ පවසා තිබෙනවා.
උත්තරීතර හුදකලාව යනුවෙන් එහිදී අදහස් කරන්නේ සම්බන්ධතා වලින් මිදී, කැළෑ වැදීම නොවේ. අතෝරක් නැතිව ගලා එන සිතුවිලිවලින්, මනසේ ඝෝෂාවෙන් නිදහස්වීමයි. උන්වහන්සේ අපිට කිව්වේ සිහිය/ සතිය වඩන්න. බහුල වශයෙන් පුරුදු පුහුණු වෙන්න. ඇයි? මේ වෙනතෙක් පුරුදු කලේ, මනෝ ගහන්න. මියගිය අතීතය හිත හිත විඳිනවා. නොඉපදුණු අනාගතයේ සිහිනමාලිගා හදනවා. සුන්දර ජීවය ගලායන මේතන, මේ මොහොත ගිලිහිලා. ඇයි, මෙලොසිහියකින් නෙවෙයිනේ ඉන්නේ. බාහිරෙන් මිතුරො නැතුවට, ඔළුවේ ශබ්දගෝෂා එමට. 
සිතීම එදිනෙදා ප්රායෝගික කටයුතු වලට අවශ්ය නැතිව නොවේ. වෛද්ය පර්යේෂණවලට අනුව සාමානය මිනිසකුගේ සිතීමෙන් 90% කට වඩා අනවශ්ය ය, තේරැමක් නැත, වටිනා ජීව ශක්තීන් අපතේයාමකි.