Google+ Followers

Saturday, July 6, 2013

ලෝකය බොරුවෙන් වහල

කුඩා කල සිටම, සංවර්ධනය
මොලේ පමනයි පෝෂණය කරන්නේ.
හදවතක් තියෙනවද කියල දන්නෙත් නැහ.

එදත් අදත්, මේ ලෝකය බොරුවෙන් වහල තියෙන්නෙ. දේශපාලකයෝ, ප්රභුන්, පුජකයෝ, ශ්රමණයෝ
දුර්ලභ වූ මිනිසත්බව ලැබුවන්, 
‘අන්ධ විශ්වාශය’ කඩතුරාවෙන් වසා, 
තම බඩගෝස්තරය වෙනුවෙන්,
ධාතු; බුදුරැස්; දඹදිව;
පුජාකලාප; තොරන්; දන්සල්;
දැන්; පැන්; ශීල; භාවනා;වෘත,
චෛත්ය; බෝධිපුජා; කෝටියක් මල්;
කවි; ගායනා; කාලින බන;දෙවියන්,
යැදීම්, පිලිම, කේන්දර. නැකත්, යක්ෂ, බලිතොවිල්,
ආදී වන්දනාවල දක්කනවා…

උපසම්පදාව යනු පන්සලේ බූදලයට/ උරුමය‍ට නීතිමය හිමිකම් කියා පෑමක්.....
බුද්ධිමත් ජනතාව රැවටීමට ආගම තවදුරටත් සමත් නොවනු ඇත. මන්ද,
ඔවුන් ඇසු පමණින් පිළිනොගෙන, බුද්ධිමත්ව විමසන බැවිනි...

මදක් විමසන්න.
අනේකවිධ දුක් පීඩාවලින්,
හෙම්බත් වූ මිනුසුන්ව,
මෝඩ වූ නිසාම, තව තවත්
දුක් වේදනාවලටම ඇද දැමීම,
මිනිසත්කමට කරන
නිගාවක් නොවේද?

බුදුන් වදාල,
පටිසෝතගාමී නිවන්මග
ඔවුනට පෙන්වීමට
කාරුණික වන්න.

පිටදුවේ සමන්තභද්රද හිමි
‘ඒහි පක්ෂිකෝ’
එන්න, ධර්මය දකින්න
ස්වර්ණවාහිනී, ඉරිදා උදැසන 06.00 ට