Google+ Followers

Saturday, August 17, 2013

උඩගු සිත/ මමත්වය Egoistic Mind/ Ego

ආදරණීය දුවේ, පුතේ,

ජීවිතයේ සුන්දරම අවදිය වූ, ලමාවියේදී සිටම, දෙමාපිය ගුරුවරුන් (නොදැනුවත්කම නිසා) අපට ඉගැන්වුයේ, දායාද කලේ උඩගුකම/ මමායනය සංවර්ධනය කිරීමටයි. (විෂය කරුණු (අනුන්ගේ දැනුම), පොතපතින් කටපාඩම් කර, වැමාරීමේ දක්ෂතාවය ප්‍රගුණ කර, උපාධි පිට උපාධි ගසා  ඔබට/ ලෝකෙට පෙන්නන්න මහන්සි ගත්තේ, සිසුන්ද ඒ ගොඩට තල්ලුකිරීමට (අනුසෝතගාමී පටිපදාවට), වලිකෑවේ, නොදැනුවත්කම (awareness) නිසාය).

දැන්වත් මදක් සිතන්න.
ජීවිතය  මේ තරම් වෙහෙසකර, බැරි බරක් උසුලාගෙන යන නිසයි.
විකල්පයක් ගැන සොයන්න.
ඕක (මමත්වය) බිමින් තබන්න පුළුවනි.
මහමෙරක් වන් මේ බර,  උසුලාගෙන විඳවීම නොවේ ජීවිතයේ අරමුණ.
අපිට ඒක වැටහෙන්නේ නැත්තේ, ලෝකය බොරුවෙන් වහපු නිසා.
නිදසුනක් ලෙස, ෂා, හරි අපුරුයි, මම වැඩ කරන්නේ ලෝකයේ,
විශාලතම් විගණන සමාගම වන pkmg එකේ, .... මහ පොළොවෙන් අඩි 5 ක් උඩින් පය තියල මීට පස්සේ ඇවිදින්න ඕන... මම කවුද? උඹලා  මොකුන්ද? ආදි ලෙස ...

නැතිනම් වෙන්නේ, අතෘප්තිමත් ලෙස විදවමින් සිට, තවත් එක අපිරිසිඳු මිනිහෙක් ලෙස මියයාමටයි.
බුදුපියානන්වහන්සේ පැවසූ දුර්ලභ වූ මිනිසත්බවට ඔබ අත්කරදෙන ඉරණම මේකද?

ඔබ කවරකු වුව, කුමක් කලද කම් නැත.
තනිකඩ නම් බොහොම හොදයි. විවාහක නම් බොහොම හොදයි.
දරුවෝ ඉන්නවනම් බොහොම හොදයි.
පෙරුම් පුරන්න දෙයක් නැ.
මෙතන, ඔබ ඉන්න විදිය අතිශය යෝග්‍යයි.
සිවුරු දාන්න, පන්සල්, කැලෑ වදින්න කිසිම වුවමනාවක් නැහැ.

කල යුත්තේ:

අර සංවර්ධනය කරපු, උඩගුකම/ මමත්වය ටිකෙන් ටික, හැකි පමණින්, දවසින් දවස, මොහොතින් මොහොත ඉවත දමන්න. එක හරිම ලෙහෙසියි. මක් නිසාද? ආගන්තුක නිසා. ඒ ඔබ නොවෙයි. ඔබට අන්දවලා. ඉතින් ඒක ගලවන්න.

හැබැයි, සිහියෙන්.
මේ නිසයි සිහිය/ සතිය පුරුදු/ පුහුණු කරන්න කියල බුදුපියානන්වහසේ අපට කීවේ.