Google+ Followers

Friday, September 20, 2013

Art of living

You can free yourself from your egoistic mind.
Option is with you.
මෙලෝ සිහියක් නැතිව දිව්වා.
ඇදගන වැටිල, හොම්බ බිම අනුනා.....
අද හෝ හෙට, ජීවිත ගැටලුවට මුහුණදීමට, අපි හැමදෙනාටම සිදුවෙනවා.
ඒක එහෙම නොවේනම්, ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික ඉගැන්වීම්
මේ ලෝකයේ පවතින්නේ නැහැ.
ආදරණීය දුවේ, පුතේ,
ඔබගේ ඉගනීමේ වැඩ, රැකියාවේ වැඩකටයුතු, දෛනික ජීවිතයේ වැඩකටයුතු හොදින් කරන්න.
ඉතාම සුළු වෙලාවක් (විනාඩි 10ක්), ජීවිතයට/ ඔබව ජීවත් කරවීමට  අවධානය යොමන්න.
ඔබට පහසු ඕනෑම වෙලාවක, (පෝයදිනය වෙන්න ඕන නැහැ)
ඔබ ඔය ඉන්න විධියටම, (සුදු රෙදි අදින්න, මල් කඩන්න, පන්සල් යන්න ඕන නැහැ)
ඔබට පහසු තැනක, පහසු ඕනෑම ඉරියව්වකින්
දෙනෙත් පියාගෙන දීර්ඝ හුස්ම කිහිපයක් හෙමින් ගන්න.
ඒ සමග කයට දැනෙන ඉස්පාසුවට අවධානය යොමන්න.
දැන් ඔබ කැමති ආධ්‍යාත්මික ඉගැන්වීමක් අහන්න. කියවන්න.
එය මලක් දෙස බැලීම, කුරුල්ලකුගේ ගීතයකට සවන් දීම, සුළගට ගස් සෙලවෙන ශබ්දය ඇසීම වුව විය හැකිය.
මේ සමග කයට දැනෙන ඉස්පාසුවට අවධානය යොමුකරන්න.
පුරුදු, පුහුණු වන්න.
යම් ප්‍රගතියක් තියෙනවනම්, එය දන්නෙත් ඔබම තමයි.
සාමයක්, සතුටක් දැනීම
 එදිනෙදා වැඩකටයුතු කිරීමට ආශාවක්,
දෙමව්පියන්, දුදරුවන්, අඹු-සැමි, මිතුරන් සමග රණ්ඩු සරුවල් වල අඩුවක්,
දිවීමේ අඩුවක්, එක තැනක ඉන්න බැරි ගතියෙ අඩුවක්,
හුදකලාවට, සොභාදහමට ලංවීමක්,
පැමිණිලි, අඩුපාඩු දැනීමේ  අඩුවක් ...........

Degree of peace that you feel within.