Google+ Followers

Saturday, September 28, 2013

බුද්ධ රාජ්ජය බැබලවීම


බුදුසසුන/ බුද්ධ රාජ්ජය බබලවන්නේ 
ගොඩනැගිලි තනා, ගොඩවල්/ මහ සෑ වන්දනා මාන කොට, මිථ්‍යාදෘෂ්ටික වැඩපිළිවෙල වැපිරීමෙන්ද?

නුගත්, අඥාණ, ගිහි/ පැවිදි පිරිස්,
ආගම, ජාතිය ඉස්සරහට දමා
අවිද්‍යා අන්ධකාරයේ ගිලී, දුක්විදින
මිනිසුන්
ආමිස පුජාවට දැක්කීම
බුද්ධ රාජ්ජය බැබලවීමද?

අනිත්‍යය සංඥාව, අසුණු සැරයක් තරම්
වෙලාවක් වැඩීම 
බුදුන්ට දන් දීමටත්
වඩා මහත්ඵලයයි
පැවසූ බුදුපියානන්වහන්සේට
මේ මෝඝ පුරුෂයින් කරන්නේ
මහත්වූ නින්දාවකි.
බුදු සසුන විකුණගෙන කෑමකි.

දේශපාලකයාද, කදිමට රංගනයේ යෙදේ.

හෙට ඉපිදෙන
දරුවනට
විනාසකාරි හා  ප්‍රචණ්ඩකාරීත්වයෙන් 
බෙදුණු 
අනාගතයක් උරුමවීම
හැර අන් කවරක්ද?