Google+ Followers

Monday, September 16, 2013

ලිදේ (මවා ගත් ලෝකයේ) ඉන්න මැඩියා (විඤ්ඤාණවාදියා)

ලිදේ (මවා ගත් ලෝකයේ) ඉන්න මැඩියා (විඤ්ඤාණවාදියා)
කුඩා කාලයේ සිටම අනුන්ගෙන් (ගුරු දෙගුරුන් ආදී) අසා ඉගෙනගත් දැනුමක්/ භෞතික ලෝකයක් අපට තියෙනවා. පොත්පත් කියවා, කනෙන් අසා ඉගෙනගත් දේ වණපොත් කිරීමේ, ඒවා වැමාරීමේ (විභාගයේදී) දක්ෂතාවය පුරුදු පුහුණු කළා. එම හැකියාවේ තරමට ඉහල, විශිෂ්ට සාමාර්ථ ලබුවා. එම දැනුම ලොවට ඉදිරිපත්කොට තාන්න මාන්න ලබා ‘සුවිශේෂී’ පුද්ගලයින් ලෙස මේ සමාජයේ ඉහලින් වැජඹෙනවා.
නමුත් අප නැවතත් දැනගතයුතු කාරණයනම්, අප ලෝකයට ඉදිරිපත් කලේ, දුවා දරුවනට පෙව්වේ ළදරු කාලයේ සිට අනුන්ගෙන් අසා දැනගත් දැනුම් පදනමම බවයි. මුලාව නිසා අපි නැති ලොවක් මවාගෙන ජීවත් වෙනවා.

භෞතික විද්‍යාවේ නව සොයාගැනීම් වලින් හෝ අපට මේ බව පසක් කර ගැනීමට හැකිනම්, එය මහත් වූ භාගයකි. මන්ද විනාසකාරි උඩගු සිතෙහි බල බිදීමට එය හේතුවන බැවින්.