Google+ Followers

Sunday, September 8, 2013

Chethana Thoughts

එක්තරා සහෝදරයන් දෙදෙනකුට පිය උරුමයෙන් පැවැත ආ නගර මධ්‍යයේ පිහිටි වටිනා ඉඩමක් අයිතිව තිබුණි. මෙම සහෝදරයන් දෙදෙන තරමක විරසකයකින් පසු විය. එක් සහෝදරයෙක් තමන්ට අයිති ඉඩම් කොටසේ සිනමා ශාලාවක් සෑදීමට ආරම්භ කර අර්ධයක් පමණ එහි වැඩ කටයුතු අවසන් කරන විට අනෙක් සහෝදරයා කළේ, එම ඉඩමේ ම ඔහුට අයිති කොටසේ පන්සලක් සාදා එය සඟසතු කිරීමයි. බලපවත්නා නීතිය අනුව පන්සලක් ආසන්නයේ සිනමා ශාලාවක් පවත්වා ගෙන යාම තහනම් ය. එම නීතිය මත අනෙක් සහොදරයාට සිනමා ශාලාවේ වැඩකටයුතු අතරමග නවතා දැමීමට සිදුවූ අතර නටබුන් වූ ගොඩනැගිල්ල එම නගරයේ තවමත් දක්නට ලැබෙයි. පන්සලක් සාදා සඟසතු කිරීම මහත්ඵල මහානිසංශ දෙන ක‍්‍රියාවකි. නමුත් දෙවැනි සහෝදරයා පන්සල සාදා සඟසතු කළේ ඔහුගේ සහෝදරයාගෙන් පලිගැනීමේ චේතනාවෙනි. ඔහුට අවශ්‍ය වූයේ සහෝදරයාගේ ආදායම් මාර්ග ඇහිරීමයි. එකම ක‍්‍රියාව විවිධ චේතනා වලින් කළ හැක. උදාහරණයක් ලෙස ලංකාවේ බෞද්ධයින් දන්දෙන්නේ පින් ලබා ගැනීමේ චේතනාවෙනි. එතැන දන්දීමේ පරමාර්ථයක් නැත. වැදගත් වන්නේ ක‍්‍රියාව ද, නැතිනම් චේතනාවද?