Google+ Followers

Tuesday, September 17, 2013

Deep sleep

තද නින්ද තුළ කරන්නෙක් හෝ කරවන්නෙක් නොමැත. යම් කෙනෙක් තද නින්දේ සිටින විට ලේ ගමන් කිරීමත් ආශ්වාස ප‍්‍රශ්වාසයත් ශරීරයයෙහි සිදුවන නමුත් එම ක‍්‍රියා ‘තමන් කරනවා’ යයි කියන්නේ නැත. එම ධර්ම වලට අයිති කාරයෙක් නැත. එය විශ්ව ධර්මයකි. තද නින්දෙහි පුද්ගලයෙක් ද නැති බැවින් කරන්නෙක් කරවන්නෙක් නැතිව ආශ්වාස ප‍්‍රශ්වාසය සිදු වෙයි. එය තද නින්දෙහි ක‍්‍රියාත්මක වන හේතුඵල ධර්මයයි. මෙම තද නින්දෙහි සිදුවන හේතුඵල ධර්මය යම් කෙනෙකුට දැකිය හැකිනම් තදනින්දෙන් අවදි වෙයි. මෙම අවදිවීමත් සමග සත්‍ය දකී. බුදුන් වහන්සේ මෙම තද නින්ද තුළ ඇති ධර්ම විවෘත කර කාලයාගේ ඇවෑමෙන් එම ධර්ම විලෝපනය විය. මාර්ගඵල ලාභීන්ගෙන් ලෝකය හිස් විය. නැවත තද නින්දෙහි ඇති ධර්ම විවෘත කර වැසී තිබුණ සත්‍යය පළමුවරට ලොවට හෙළිදරව් කඵේ මගේ කල්‍යාණ මිත‍්‍ර, ලොකුගේ සිරිවර්ධන මැතිතුමායි. තද නින්ද නොදැක කිසිම කෙනෙකුට නිවන් දකින්නට නොහැකි බව මම කියමි. සත්‍ය දකින තුරු සියලූ දෙනා ඉන්නේ තද නින්දේය. අපි සාමාන්‍යයෙන් අවදි වනවා යැයි කියන්නේ මොළයත් ඉන්ද්‍රියනුත් අතර සිදුවන රසායනික ක‍්‍රියාකාරීත්වයකටයි. එය නියම අවදිවීම නොවේ. ඉන්ද්‍රියන්ට අවදි වූ විට පුද්ගලයා ආශ්වාස ප‍්‍රශ්වාසය තමන් කරන්නේ යයි පිළිගනී. එවිට ක‍්‍රියාත්මක වන්නේ සත්ත්ව පුද්ගල ධර්මයයි. තමන්ට අයිති නැති ආශ්වාස ප‍්‍රශ්වාසය තමන්ගේ යයි පිළිගන්නා යෝගාවචරයා එය භාවනාවක් ලෙස වඩයි. විශ්ව ධර්මයක් වූ ආශ්වාස ප‍්‍රශ්වාසය ඉන්ද්‍රියන්ට අවදි වූ පසු තමන්ගේ යැයි උපාදානය කරන බැවින් දර්ශනයට පත්වන තෙක් සියල්ලෝම සොරු වෙති.
Tissa Senanayaka.......