Google+ Followers

Sunday, September 15, 2013

උඩගු සිතට නතු වූ මිනිසුන් Humans run by egoistic mind

උඩගු සිතට නතු වූ මිනිසුන්  Humans run by egoistic mind

බලන්න අපි උඩගු සිතට නතු වී ඇති ආකාරය.
මිනිස් සම්බන්ධතා ජීවයේ මුල්බැස නැහැ.
මේ නිසා ඒවා වේදනාවේ උල්පත වෙලා.
ගැටළු සහ පැටලිලි ජීවිත වසාගෙන.

මිලියන ගණනක් මිනිසුන් අද තනිකඩව හෝ
දික්කසාද වී ජීවත් වෙනවා. සමීප සම්බන්දත පිහිටුවා ගැනීමට නොහැකිවීමෙන්.
නැතිනම් අතීත අමිහිරි, කටුක සම්බන්ධතා අත්දැකීම්
නැවත ඇතිවෙය යන බිය නිසා.

සමහරක් අය එක් සමබන්ධතාවයකින් තව එකකට යනවා.
එක් සතුටු- වේදනා චක්ක්‍රයකින් තව එකකට මාරුවෙනවා.
කවදා හෝ ගැලපෙන කෙනා හමුවේය යන බලාපොරොත්තුවෙන්.

තව සමහරෙක් ලිංගික තෘප්තිය සොයාගෙන එකින් ඒකට යනවා.
තවත් සමහරු, අතොරක් නැති දුක් වේදනා දරාගෙන තව දුරටත් ඒකට ජීවත් වෙනවා:

  1. ලෝකෙට පෙනෙන්න
  2. සුරක්ෂිතතාවය වෙනුවෙන්
  3. දරුවන්ගේ අනාගතය වෙනුවෙන්
  4. තනිවීමට බියෙන්
  5. සමාජයේ සිනහවට ලක්වීමට බියෙන්     (අදහස- eckhart tolle)
ආදරණීය දුවේ, පුතේ,
ජීවිත ගැටලුවට , ඔබට අද නැතිනම් හෙට මුහුණදෙන්න සිදුවෙනවා.
දුක් කම්කටොලු වලින් පිරුණු ජීවිතෙන් පලායාමකට
වඩා ඊට මුහුණදෙන එක කොතරම් වටිනවද? ජීවිතේ
ගැඹුර වැටහෙන්නේ එතකොට.
දැන්ම ඉදලා, ඉඩ කඩ තියෙන වෙලාවට, ශ්‍රේෂ්ඨ  ආධ්‍යාත්මික 
ඉගැන්වීම් කියවීමට පුරුදු පුහුණු වන්න.
ඇයි මේ කලබලේ? 
ජීවිතේ ඉස්පාසුවෙන් ගෙවෙන්න දෙන්න.