Google+ Followers

Monday, October 7, 2013

විභාගෙ තමයි අපේ අභාගේ

සතුට, සැහැල්ලුව උරුමකරගත් දු පුතුන්ගේ
හෙට දවස එලිය කිරීමට 'අධ්‍යාපනය'
(අනුන්ගේ දැනුම) ලබා දී,
'මහා බුද්ධිමතුන්' කිරීමේ මහා සැලැස්මේ,
පළමු පියගැටපෙළ
කටේ කිරි සුවද යාමටත්  පෙර 
 කාගේ හරි දැනුමක්, කාගෙන් හරි අහල/ පොතකින් බලල,
කටපාඩම් කරල, වමාරල,
'විද්‍යාර්ථීන්ගේ සමාජයට' බහිනව,
අනාර්ය පර්යේෂණය ප්‍රගුණ කිරීමට
අතිදක්ෂ, සුවිශේෂ, සියල්ල මගේම නුවනින් පසක් කරගත්,
අභිමානයෙන් යුතුව 

 නිරන්තරයෙන්ම, දැනුම අලුත්කරගැනීමට  (යල් පනින නිසා) අරගල කරමින්,
එත්,
මගේ දැනීම ප්‍රමාණවත්ද?
කිසිවකුටත් නොදෙවෙනිද?
යන නිරන්තර භියකින් යුතුව,
'මම' සම්පුර්ණ වනු දැකීමේ ආශාවෙන්,

 දිවි තිබෙනතුරා,
වෙහෙස නොබලා,
දිව්වෙමි.


ජීවත් වීමේ රටාව
නොදත් මම
'රැකියා දියව්'
'පඩි වැඩි කරපියව්'
කියමින් 
හඬ, හඬා,
වැලපෙමින්
මගේ ආදරණීය දු, පුතුන්ට
ලෝකයේ ශ්‍රේෂ්ඨතම කළමනාකරණ ශිල්පීය ක්‍රම
උගන්වමි.

කාලයේ අවශ්‍යතාවයට සරිලන ලෙස
විෂය නිර්දේශයට
ලෝකෙම තියෙන කුණුගොඩවල් එකතුකරන අපි,
අනේ  කවදානම්,
සත්‍ය, ජීවත් වීමේ රටාව
(කිසිලෙසකින්වත් ආගම නමැති විෂබීජය නොවේ)
එකතු කොට, දරුවනට දායාද කරන්නෙමුද?