Google+ Followers

Sunday, October 13, 2013

නැටුම් නොබලමි

‘නැටුම් නොබලමි’ යි සමාදන් වුවත් බාහිර බලන්නට නැටුමක් නැත. නැටුම යනු තමන්ගේ මනසේ සාදාගත් සංස්කාර ධර්මයකි. ගැයුම ද, වැයුම ද, මනසින් ම සාදාගත් සංස්කාර ධර්ම වෙයි. මෙම සංස්කාර ධර්ම වලට පදනම වන්නේ වැරදි රූපයයි (වර්ණ, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනුවෙන් රූප පහකි). දැනුමෙන් සාදාගත් මෙම ධර්ම සත්‍ය නොවේ. මම ‘නැටුම් නොබලමි, ගැයුම් වැයුම් නොඅසමි’ යයි සමාදන් වීමෙන් යෝගාවචරයා කරන්නේ එම වැරදි සංස්කාර ධර්ම පිළිගැනීමයි. මෙම ‘පිළිගැනීම’ එම සංස්කාර ධර්ම වලින් නිදහස් වීමට බාධාවක් නොවෙන්නේ ද? ඇසෙන් රූප නොදැක සත්‍ය දැකිය හැකිද? අනුරාධපුර යුගයේ එක් තෙරුන් වහන්සේ නමක් රහත් වූවේ තමන් වහන්සේ ඉදිරියට පැමිණි තරුණ කාන්තාවකගේ සිනහව දැකීමෙනි. තරුණ කාන්තාවගේ මුතුවන් දත් දෙපළ එම තෙරුන් වහන්සේ විසින් දුටුවේ ඇට සැකිල්ලක් ලෙසිනි. බොහෝ දෙනෙක් සත්‍ය දකින්නට වීර්යය දරන්නේ දෑස් පියාගෙන ය. නමුත් යමෙක් සත්‍ය දකින්නේ ඉන්ද්‍රියන් හොදින් විවෘතව ඇති විට පමණි.
-tissa senanayaka