Google+ Followers

Thursday, October 17, 2013

මමත්වය තියෙන කෙලෙස් වලින් පිරිපුන් මනුෂයෙක් විතරයි නිවන් දකින්නේ

පුද්ගල දෘෂ්ඨිය සහ මමත්වය 

මිනිසා සංයෝජන 10 කින් බැඳිලයි ඉන්නේ. මේ 10 ම එකට ගත්තම ඒ තමයි මමත්වය- ඒ කියන්නේ කෙලෙස් පර්වතය. සක්කාය දෘෂ්ඨිය කියන්නේ පළමු වන සංයෝජනය. ඒ තමයි පුද්ගල දෘෂ්ඨිය. බුද්ධ පහල වෙනකොට පළමු සංයෝජන 3 නැතිවෙනවා. නමුත් මමත්වය තියනවා. මමත්වය නැති වෙන්නේ රහත් ඵලයේදී. ඒ අතර තුර මෙම සංයෝජන දැකලා ඒවායින් නිදහස් වෙනවා. ඇසවත් පහල නොවී (චක්ඛුං උදපාදී) මමත්වය නැති කරන්න ගියාම දකින්න තියන ධර්ම යටපත් වෙනවා. එතකොට මොනවා දැකලද නිවන් දකින්නේ?

තිරිසන් සතාට කුඩා ළමයට නිවන් දකින්න බැහැ. ඇයි? කුඩා ළමයට ගොන් නාම්බන්ට සංයෝජන නැහැ. මමත්වය තියන කෙලෙස් වලින් පිරිපුන් මනුෂයෙක් විතරයි නිවන් දකින්නේ. වීර්ය දරලා මමත්වය නැති කලාම හරියට එයා ගොන්නාම්බෙක් වගෙයි. රාගය මානය උද්ධච්ච කම ආදී කිසිම දෙයක් එතන නැහැනේ.