Google+ Followers

Tuesday, October 15, 2013

රාගය- දුරු කලයුතු වලත්තකමක් යැයි මුසා දොඩවන්නේ වෙස්වලා ගත් මෝඝ පුරුෂයෝ

රාගය- දුරු කලයුතු වලත්තකමක් යැයි මුසා දොඩවන්නේ වෙස්වලා ගත් මෝඝ පුරුෂයෝ  

ඉන්ද්‍රියන් හරහා දැනුම ලබා ගත් පසු මිනිස් සත්වයා චින්තනයෙන් ලෝකය නිර්මාණය කර ගනියි. එමගින් සක්කාය දෘෂ්ටිය ලෝබය සහ ද්වේශය ඇතිවෙයි. සිල් වෘත සහ සැකයද දැනුමේ ඵලයකි. නමුත් රාගය, මානය සහ උද්ධච්ච කම චින්තනය නිර්මාණය කර ගැනීමටත් පෙර සිටම ළමය තුල පවතියි. කුඩා දරුවා තුල රාගය පවතියි. මෙම රාගය 5 ආකාරයකට ස්මතු වෙයි. බඩ ගින්න එයින් එක ආකාරයකි. දරුවා මව කෙරෙහි ඇති වන ස්පර්ශය තුලින් ආදරය ස්මතු වෙයි. එය ආසාව හෝ ලෝබය නොවෙයි. කන ඇස නාසය හරහාද මේ ආකාරයටම රාගය ස්මතු වෙයි. නමුත් යෝගවචරයෝ රාගය දකින්නේ තමන් විසින් දුරු කලයුතු වලත්ත ධර්මයක් ලෙසයි. යමෙකුට බඩ ගින්න ස්මතු වුවිට යම් තරමකට චින්තනය යට පත් වෙයි. අතීතයෙන් සහ අනාගතයෙන් යම් තරමකට නිදහස් වෙයි. යමෙක් බඩ ගින්න ඇති වී ආහාර ගන්නා විට කතා නැත්තේ එබැවිනි. චින්තනය හරහා රාගය යට පත් කරන්නන්ට තම සිතුවිලි වලින් සාදාගත් මුලාවක් වූ ලෝකයෙන් නිදහස් විය නොහැකිය. රාගය යටපත් කරන විට චින්තනයම ස්මතු වෙයි. මුලාවෙන් නිදහස් නොවෙයි.                      -තිස්ස සේනානායකයන්