Google+ Followers

Tuesday, October 8, 2013

ධර්ම ධර

බුදුන් දවස එක් සිටුවරයකු බුදුදහම අසා පැහැදී බුදුන් සරණ ගියේ ය. නමුත් කොතරම් බල කළ ද ඔහුගේ පුත‍්‍රරත්නය බුදු බණ අසන්නට ගියේ නැත. අවසානයේ පියා උපායක් යොදා, මසුරන් දහසක් දෙන පොරොන්දුව පිට එක් බුද්ධ වචනයක් අසාගෙන එන්නට පුතා බුදුන් සමීපයට යැවීය. ‘එක් වචනයක් අසාගෙන ආපසු එමි’ යි සිතා පුත‍්‍රරත්නයද ධර්ම දේශනා කරන ස්ථානයේ කොනකින් වාඩි වූයේය. වචනයක් අසා උන් තැනින් නැගිටින්නට උත්සාහ කරන විටම එම වචනය අමතක වෙයි. දිගටම ධර්මය ඇසුවත් එකදු වචනයක් වත් මතක තබා ගැනීමට නොහැකි විය. නමුත් අවසානයේ දී පුත‍්‍ර රත්නය සත්‍ය දුටුවේ ය. නමුත් ඔහු සත්‍ය දැකීමට ව‍්‍රත සමාදන් වූයේත් නැත. භාවනා කළේත් නැත. ධර්මය ධාරණය කළේත් නැත. ධර්මය පිළිපැද්දේත් නැත. ඔහු සෑම වචනයක්ම ඒ මොහොතේම අත්හැරිය බැවින් ධර්මය ඇසුවේත් නැත. නමුත් ඔහු ධර්මය දුටුවේ ය. එය ධර්මයේ ඇති ‘ඒහි පස්සිකෝ’ ‘එන්න බලන්න’ ගුණයයි. සත්ධර්මය ශ‍්‍රවණය කරන විට එම අසන වචනයක් පාසා අත් හැරිය හැකිනම් ධර්මය ශ‍්‍රවණය කරන අවස්ථාවේදීම දාන පාරමිතාව සම්පූර්ණ වී සත්‍ය දකී. දාන පාරමිතාව සම්පූර්ණ වන්නේ සියලූම නාම ධර්මත් රූප ධර්මත් අත්හැරීමෙන් විනා එවා උපාදානය කිරීමෙන් නොවේ. බොහෝ මතක ශක්තිය ඇති අය ධර්මය ගබඩාකර ගනිති. නමුත් මතක ශක්තිය සත්‍ය දකින්නට උපකාරයක් නොවේ.