Google+ Followers

Friday, November 8, 2013

මනස රවටා ගැනීම

ව්‍රතය ද මිනිස් සත්ත්වයා සසරට බැඳ තබන තවත් සංයෝජනයකි. සියලූම ව‍්‍රත ධර්ම වල උපත සත්ත්ව පුද්ගල දෘෂ්ඨියයි. යමි කෙනෙක් මම ‘උස් වූත් විශාල වූත් ආසනයක නිදා නොගන්නෙමි’ යි සමාදන් වූ කල, සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය, උඩයට හා ආසන පිළිගෙන ඇත. ‘උස් සයනය’ යනු මනසේම නිර්මාණයකි. ඔබේ නිවසේ එක් කාමරයක කොනක ඇඳක් ඇත්නම් එය උස් සයනයකි. නමුන් එම ඇඳ කාමරය පුරාම සම්පූර්ණයෙන් විහිදී ඇත්නම් දැන් අපි කාමරයේ සයනයක් ඇතයි කියන්නේ නැත. සයනය වෙනුවට දැන් එම කාමරය අනෙක් කාමර වලට වඩා ඉහළින් පිහිටා ඇත. කඳුකරයේ පිහිටි නිවෙස් වල සියලූම කාමර එකම මට්ටමේ නැති බව ඔබ දන්නවා ඇත. යම් කෙනෙක් ව‍්‍රත රකිනවා යයි කරන්නේ තමන්ගේ මනස රවටා ගැනීමකි.