Google+ Followers

Friday, December 13, 2013

ආදරය

ආදරය

 "සංකිච්චෙන පංච උපාදානස්කන්ධ දුක්ඛා" යනු බුද්ධ වචනයයි. රුප වේදනා සඥා සංඛාර විඥාන නම් වූ පංච උපාදානස්කන්ධය දැකලයි සත්වයා දුක්ඛ සත්‍ය දකින්නේ. එහෙම දකින්න පංච උපාදානස්කන්ධයක් තමන් තුල තියෙන්න ඕන. වේදනාව කියන්නේ ඒ එක ස්ඛන්ධයක්. වේදනාව මතුවෙන්නේ ආදරය සෙනෙහස තුලින්. මවගේ ආදරය අහිමි වුනාම වේදනා ස්කන්ධය මතුවෙන්නේ නැහැ. වර්තමාන කාලයේ දරුවන්ට මවගේ ආදරය ලැබෙන්නේ අඩුවෙන්. පස්වැන්නේ ශිෂ්‍යත්ව ආදී තරගකාරී අධ්‍යාපනයට දරුවන් පුහුණු කරවන විට මව්පිය ආදරය ගිලිහෙනවා. එතන මව්පියන් තුල දරුවා කෙරෙහි තියෙන්නේ ලෝභයක් මිස ආදරයක් සෙනෙහසක් නොවෙයි. මේ නිසා රොබෝලා වගේ මිනිස්සු තමයි අනාගතයට උරුම වෙන්නේ. ඒ අයට නිවන් දැකීම තබා සමාජය තුල සතුටින් ජිවත් වෙන්නවත් අවශ්‍ය කෙලෙස් ධර්ම නැහැ. ජීවිතය තුල සතුටක් නැති නිසා මේ අය සෑමවිටම ඉන්නේ සියදිවි හානිකරගන්න බලාපොරොත්තුවෙන්. අවස්තාවක් ආව ගමන් ජිවිතයෙන් සමු ගන්නවා.

තිස්ස සේනානායකයන්
ilantha Kanameewela ඔබතුමා පහදා දෙන්නට උත්සාහ කරන්නේ, සත්‍ය සොයා යන ගමනේදී, එය දැකීමට නම් අප පන්ච උපාදානස්කන්ධයන්ගේ විඳීම් තුලින් පරිපූර්ණව සිටිය යුතුයි යන්නද?
Tissa Mahima Senanayake පැහැදිලිවම ඔව්. ආරම්භයේදී කෙසේ වෙතත් ප්‍රඥාව පහල වීමෙන් පසු.
Tissa Mahima Senanayake ප්‍රඥාව තුල පිළිගනිම සහ දෙගිඩියාව නැහැ. උපසමාය (lull) යන ගුණය ඇතිවෙනවා. එහි තේරුම නිසලබව ..

යම ධර්මයක් අනුගමනය කරන ප්‍රගුණ කරන කෙනා ප්‍රඥාවන්තයෙක් නොවෙයි.