Google+ Followers

Monday, September 30, 2013

Out of the Darkness

Out of the Darkness 

There are so many ways to feel dissatisfied
so many different needs to meet
so many goals to keep striving for
so many problems to try to fix
so much of the past you wish you could change
so many fears from the future.
No wonder you feel overwhelmed
like a traveller carrying too many bags
with too many paths to choose from
who has to keep stopping to rest
until he can’t go on, and collapses.
How could you ever be happy?
Life’s too demanding and complicated.
But then – an electric shock, an illness or accident
death creeps behind and swipes you hard across your back
awakening you from your torpor
and suddenly the fog dissolves away
And you can see the narrow ledge you’re walking
- the one you’ve always been walking – between life and death.
And now it’s all so simple and makes perfect sense -
life is temporary and fragile, precious beyond value
and life contains nothing except this present moment
this brilliant beautiful river of experience.
And suddenly those needs stop niggling you
the guilt and fear stop gnawing
the phantoms of the past can’t scare you anymore
there’s nothing to worry about or to be afraid of
Everything obliterated
but the glory of this moment
the grandeur of the world itself
And you know that this is all there is
that this is where fulfilment lies
and everything else is only a shadowplay of the mind.

Saturday, September 28, 2013

හේතුඵල දහම සහ තදනින්ද

හේතුඵල දහම සහ තදනින්ද                       

බුදුන් දවස කෝලිය උපතිස්ස යන මිතුරන් දෙදෙන එක්ව සත්‍ය සොයා ගියහ. මෙම ගමනේ දී, දෙදෙනාගෙන් කවරකුට හෝ සත්‍ය දැනගන්නට ලැබුණොත් තම මිතුරාට ද ඒ බව දැන ගන්නට සැලැස්වීමේ පොරොන්දුවක් මත දෙදෙනා මාර්ග දෙකක යන්නට තීරණය කළෝය. උපතිස්සට, දහවල් ආහාරය වළඳමින් සිටි අස්සජි මහ තෙරුන් වහන්සේ දැකගන්නට ලැබුණේ මේ ගමනේදී ය. ආහාරය වළඳා අවසන් වූ පසු උපතිස්ස තරුණයා අස්සජී මහරහතන් වහන්සේ ඉදිරියට පැමිණ ප‍්‍රශ්න කළේ, ‘ඔබ යම් දහමක් දේශනා කරන කෙනෙක් ද?’ යන්නයි. තෙරුන් වහන්සේගේ පිළිතුර වූයේ ගෞතම බුදුන් වහන්සේගේ ස‍්‍රාවකයකු වන බවයි. උපතිස්ස පෙරළා ප‍්‍රශ්න කළේ එසේ නම් ඔබගේ ගුරුවරයා ඔබ හසුරුවන්නේ කෙසේ ද? ’ යන්නයි. උන් වහන්සේ ගාථා පද හතරකින් දේශනා කළේ මෙම ලෝකයේ හසුරුවන්නෙක් නැත, හේතුඵල ධර්මයක් ක‍්‍රියාත්මක වේය යන්නයි. ගාථාවේ පළමු පද දෙක ඇසූ පමණින්ම උපතිස්ස සත්‍යයේ මාර්ගයට අවතීර්ණ වූයේ ය. සෝවාන් වූයේ ය. එම සම්පූර්ණ ගාථාව උපතිස්ස ගෙන් ඇසූ කෝලිය තරුණයා ද සෝවාන් වූයේ ය. 

බොහෝ බෞද්ධයින් එක් වරක් නොව කීපවාරයක් මෙම ධර්මය අසා තිබෙන්නට ඇත. නමුත් සත්‍යයේ මාර්ගයට අවතීර්ණ නොවූයේ හේතුඵල ධර්මය දකින්නට අවශ්‍ය වූ පාරමිතා සම්පූර්ණ වී නැති බැවිනි. පාරමිතා ධර්ම වලින් පළමු වැනි පාරමිතාව වූ දාන පාරමිතාව සම්පූර්ණ නොකර සත්‍ය දැකිය නොහැකිය. දානය යනු අතහැරීමයි. අතහැරිය යුත්තේ මොනවාද? දාන පාරමිතාව සම්පූර්ණ කරන්නේ කෙසේ ද? මෙම ප‍්‍රශ්න වලට යමෙක් පිළිතුරු සොයන්නේ ද තමන් අනුන්ගෙන් අහුලා ගත් දැනුමෙනි. මෙම ලෝකයෙහි තමන්ට අයිති වස්තු දන් දී දාන පාරමිතාව සම්පූර්ණ කර නිවන් දැකිය හැකි ද? එසේ හැකිනම් නිර්ධනයින් පළමුව නිවන් දකිනවා ඇත. බුද්ධ කාලයේ බොහෝ දෙනෙක් සත්‍ය දුටුවේ සියලූ සම්පත් භුක්ති විඳිමින් සිටියදීය. එපමණක් නොව මෙම මාර්ගඵල ලාභීන් තමන් ට ඇති සියලූ සැපසම්පත් බුක්ති වින්දෝ ය. අප ජීවත් වන ලෝකය තම තමන්ගේ මනසින් නිර්මාණය කරගත් මනංකල්පිත ලෝක බැවින් එම ලෝකවල වස්තු හෙවත් දේවල් ඇතයි පිළිගැනීම මුළාවකි. අප විසින් අත්හැරිය යුත්තේ අප විසින්ම නිර්මාණය කරගෙන උපාදානය කරගත් පංච ස්කන්ධය මිස අනෙකක් නොවේ. මුළාවක් වූ පංච උපාදානස්කන්ධය අත්හැරෙන විට ඔබ උපාදානය කර ඇති සියලූම ධර්මයන් ඉතිරි නොවීම ක්‍ෂය වෙයි. පංච ස්කන්ධය උපාදානය කීරීම යනු ධර්මය පිළිගැනීමයි. ධර්ම අවබෝධය ලැබෙන්නේ පංච ස්කන්ධය උපාදානය කිරීමෙනි. දාන පාරමිතාව පිරීමට නම් හේතුඵල ධර්මය අසන්නට පෙර තමන් උපාදානය කර ඇති ධර්ම අත හැරීමට සූදානම තිබිය යුතු ය. යමෙක් යම් ධර්මයක් පිළිගන්නේ හෝ විස්වාස කරන්නේ එම ධර්ම සත්‍ය නොවන බැවිනි. සත්‍ය ධර්මයක් පිළිගැනීමට හෝ විස්වාස කිරීමට අවශ්‍ය නැත. එය දකින ධර්මයකි. පිළිගැනීම හෝ විස්වාශයඅත්හැරිය විට පිළිගත් ධර්ම වල සත්‍යතාව පිළිබදව සැක උපදී. දාන පාරමිතාව පිරීමට උපකාරී වන්නේ ද විතක්කය විචාරය ඇති බුද්ධිමතා තුළ වර්ධනය වන සැකයයි. 

කෝලිය උපතිස්ස යහළුවන් දෙදෙනා ද සත්ත්ව පුද්ගල ධර්මයක් ම ඇසුවෝය. එම ධර්ම පිළිගත්හ. මෙම ධර්ම ධාරණය කර ඒවා ක‍්‍රියාත්මක කළහ. නමුත් බොහෝ දෙනකුට නැති තර්කය හා විතර්කය ඔවුන් තුළ තිබුණි. මෙම තර්ක විතර්ක වලින් ඔවුහු පිළිගත් ධර්ම වල පරස්පර විරෝධතා දුට හ. එමනිසා කාලයක් එම ධර්ම හදාරන විට එම ධර්ම කෙරෙහි සැක ඇති විය. තමන් හසුරුවන කෙනෙක් ඉන්නවා ද?‘ ‘මෙම හසුරුවන්නා කව්ද?’ ආදී වශයෙන් සත්ත්ව පුද්ගල ධර්ම කෙරෙහි සැක ඇති විය. ඔබගේ ගුරුවරයා ඔබ හසුරුවන්නේ කෙසේ දැයි අස්සජි මහරහතන් වහන්සේගෙන් ඇසුවේ මෙම සැකය සිතෙහි තිබූ නිසාය. තෙරුන් වහන්සේ ගේ පිළිතුරෙන් උපතිස්ස අවදි විය. මෙතෙක් කල් යටිකුරු ව සිටි ඔහු උඩුකුරු විය. සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය වැරදි දෘෂ්ඨියක් බව දුටුවේ ය. 

අස්සජි මහ රහතන් වහන්සේ දේශනා කළ හේතු ඵල ධර්මය කෝලිය උපතිස්ස පිළිගත්තේ ද නැත. එම ධර්ම පිළිගත්තා නම් දාන පාරමිතාව සම්පූර්ණ වන්නේ නැත. ධර්ම පිළිගැනීම යනු දාන පාරමිතාවට ප‍්‍රතිවිරුද්ධ වූ ධර්මයකි. සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය පිළිගැනීම එක් අන්තයකි. සත්ත්ව පුද්ගල දෘෂ්ඨියෙන් තොර වූ හේතු ඵල ධර්මය පිළිගැනීම තවත් අන්තයකි. සත්‍ය දැකීමට නම් මෙම අන්ත දෙකම අතහැරිය යුතු ය. සත්‍යයට අන්ත නැත. අන්ත වලින් යුත් සියලූම ධර්ම ලෞකික ධර්ම වෙයි. හේතුඵල ධර්මය ද පෘතග්ජනයාට ලෞකික ධර්මයකි. එය ලෝකෝත්තර ධර්මයක් වන්නේ එය දැකිය හැකි නම් පමණි. හේතුඵල ධර්මය දුටු විට එතැන හේතුඵල ධර්මයක් ඉතිරිවන්නේ නැත. යමෙක් සත්‍ය දුටු විට ද දකින්නට සත්‍යයක් නැති බව දකී. පෘතග්ජන පුද්ගලයා නිවන් හඹා යයි. නමුත් යම් කෙනෙක් නිවන් දකී ද ඔහු හෝ ඇය දකින්නට නිවනක් නැති බව දකී. ධර්මය නැමති පහුර තොටුපොලේ තබා යන තොටියා අත කිසිම ධර්මයක් නැත. ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෝ මධ්‍යම ප‍්‍රතිපදාව හෝ මාර්ගඵල හෝ නිවන හෝ ඔහු අත නැත. ලෝකෝත්තර ධර්ම දකිනවා මිස දැනුම හරහා විස්තර කළ නොහැකිය. බුදුකෙනෙක් නිවනෙහි නැති දේවල් දේශනා කරනවා විනා තියෙන දේවල් දේශනා නොකරන්නේ එබැවිනි. රහතන් වහන්සේ කෙනෙක් අනුගමනය කරන්න යයි බුදුකෙනෙක් දේශනා කරන්නේ නැත. එවිට එය ලෞකික දහමකි, ව‍්‍රතයකි. පිළිගත් ධර්ම අතැතිව කිසිවකුට බුදුන්ට ළඟාවිය නොහැකිය. අංගුලිමාල කථාවෙන් එය මනාව පැහැදිලි වෙයි. අංගුලිමාල කඩුව අමෝරාගෙන බුදුන් පසුපස එලෙව්වේ ය. ඔහු හති වැටී මග නතර විය. නමුත් බුදුන් ට කිට්ටු කළ නොහැකි විය. බුදුන් වහන්නේ ශාන්ත ගමනින් වැඩියහ. බුදුන් වහන්සේ ගේ එක් වචනයකින් අංගුලිමාල අත තිබූ කඩුව බිම වැටුණි. අංගුලිමාල බුදුන්ට කිට්ටු කළේ ධර්මය නැමති කඩුව අතහැරිය පසුවයි. 

බුදු කෙනෙක් එන්න බලන්නයයි දේශනා කරන්නේ එබැවිනි. දේශනා කරන ඕනෑම ධර්මයක් ලෞකික ධර්ම වන බැවින් එන්න මගේ ධර්මය අහන්නයැයි දේශනා කරන්නේ නැත. ධර්ම පිළිගැනීමෙන් සත්‍ය වැසෙන බැවින් ධර්ම පිළිගන්නයයි දේශනා කරන්නේ ද නැත. බුදුන් දවස එක් සිටුවරයකු බුදුදහම අසා පැහැදී බුදුන් සරණ ගියේ ය. නමුත් කොතරම් බල කළ ද ඔහුගේ පුත‍්‍රරත්නය බුදු බණ අසන්නට ගියේ නැත. අවසානයේ පියා උපායක් යොදා, මසුරන් දහසක් දෙන පොරොන්දුව පිට එක් බුද්ධ වචනයක් අසාගෙන එන්නට පුතා බුදුන් සමීපයට යැවීය. එක් වචනයක් අසාගෙන ආපසු එමියි සිතා පුත‍්‍රරත්නයද ධර්ම දේශනා කරන ස්ථානයේ කොනකින් වාඩි වූයේය. වචනයක් අසා උන් තැනින් නැගිටින්නට උත්සාහ කරන විටම එම වචනය අමතක වෙයි. දිගටම ධර්මය ඇසුවත් එකදු වචනයක් වත් මතක තබා ගැනීමට නොහැකි විය. නමුත් අවසානයේ දී පුත‍්‍ර රත්නය සත්‍ය දුටුවේ ය. නමුත් ඔහු සත්‍ය දැකීමට ව‍්‍රත සමාදන් වූයේත් නැත. භාවනා කළේත් නැත. ධර්මය ධාරණය කළේත් නැත. ධර්මය පිළිපැද්දේත් නැත. ඔහු සෑම වචනයක්ම ඒ මොහොතේම අත්හැරිය බැවින් ධර්මය ඇසුවේත් නැත. නමුත් ඔහු ධර්මය දුටුවේ ය. එය ධර්මයේ ඇති ඒහි පස්සිකෝ’ ‘එන්න බලන්නගුණයයි. සත්ධර්මය ශ‍්‍රවණය කරන විට එම අසන වචනයක් පාසා අත් හැරිය හැකිනම් ධර්මය ශ‍්‍රවණය කරන අවස්ථාවේදීම දාන පාරමිතාව සම්පූර්ණ වී සත්‍ය දකී. දාන පාරමිතාව සම්පූර්ණ වන්නේ සියලූම නාම ධර්මත් රූප ධර්මත් අත්හැරීමෙන් විනා එවා උපාදානය කිරීමෙන් නොවේ. බොහෝ මතක ශක්තිය ඇති අය ධර්මය ගබඩාකර ගනිති. නමුත් මතක ශක්තිය සත්‍ය දකින්නට උපකාරයක් නොවේ. 

තද නින්ද තුළ කරන්නෙක් හෝ කරවන්නෙක් නොමැත. යම් කෙනෙක් තද නින්දේ සිටින විට ලේ ගමන් කිරීමත් ආශ්වාස ප‍්‍රශ්වාසයත් ශරීරයයෙහි සිදුවන නමුත් එම ක‍්‍රියා තමන් කරනවායයි කියන්නේ නැත. එම ධර්ම වලට අයිති කාරයෙක් නැත. එය විශ්ව ධර්මයකි. තද නින්දෙහි පුද්ගලයෙක් ද නැති බැවින් කරන්නෙක් කරවන්නෙක් නැතිව ආශ්වාස ප‍්‍රශ්වාසය සිදු වෙයි. එය තද නින්දෙහි ක‍්‍රියාත්මක වන හේතුඵල ධර්මයයි. මෙම තද නින්දෙහි සිදුවන හේතුඵල ධර්මය යම් කෙනෙකුට දැකිය හැකිනම් තදනින්දෙන් අවදි වෙයි. මෙම අවදිවීමත් සමග සත්‍ය දකී. බුදුන් වහන්සේ මෙම තද නින්ද තුළ ඇති ධර්ම විවෘත කර කාලයාගේ ඇවෑමෙන් එම ධර්ම විලෝපනය විය. මාර්ගඵල ලාභීන්ගෙන් ලෝකය හිස් විය. නැවත තද නින්දෙහි ඇති ධර්ම විවෘත කර වැසී තිබුණ සත්‍යය පළමුවරට ලොවට හෙළිදරව් කලේ මගේ කල්‍යාණ මිත‍්‍ර, ලොකුගේ සිරිවර්ධන මැතිතුමායි. තද නින්ද නොදැක කිසිම කෙනෙකුට නිවන් දකින්නට නොහැකි බව මම කියමි. සත්‍ය දකින තුරු සියලූ දෙනා ඉන්නේ තද නින්දේය. අපි සාමාන්‍යයෙන් අවදි වනවා යැයි කියන්නේ මොළයත් ඉන්ද්‍රියනුත් අතර සිදුවන රසායනික ක‍්‍රියාකාරීත්වයකටයි. එය නියම අවදිවීම නොවේ. ඉන්ද්‍රියන්ට අවදි වූ විට පුද්ගලයා ආශ්වාස ප‍්‍රශ්වාසය තමන් කරන්නේ යයි පිළිගනී. එවිට ක‍්‍රියාත්මක වන්නේ සත්ත්ව පුද්ගල ධර්මයයි. තමන්ට අයිති නැති ආශ්වාස ප‍්‍රශ්වාසය තමන්ගේ යයි පිළිගන්නා යෝගාවචරයා එය භාවනාවක් ලෙස වඩයි. විශ්ව ධර්මයක් වූ ආශ්වාස ප‍්‍රශ්වාසය ඉන්ද්‍රියන්ට අවදි වූ පසු තමන්ගේ යැයි උපාදානය කරන බැවින් දර්ශනයට පත්වන තෙක් සියල්ලෝම සොරු වෙති. 

එක්තරා ගොවියකුට අයිති ගොන් බානක් ගොවියා නිදි අතරේ යමෙක් සොරා ගත්තේ ය. ගොවියා අවදිවන විට ගොන් බාන නැත. ගොවියා ගොන් බාන සොයා යන විට සොරා හමුවෙයි. දෙදෙනාම ගොන් බානට අයිතිය කියයි. දෙදෙනාගේ කෝලාහලය මහෞෂධ පඩිතුමාට දැන ගන්නට ලැබෙයි. මහෞෂධ පඩිතුමා ගොන් ප‍්‍රශ්නය විසදයි. ගොන් බානට කන්නට දුන්නේ මොනවා දැයි සොරාගෙන් අසයි. මම ඇල් හාලේ බත් දුන්නායයි සොරා කියයි. කන්න දුන්නේ මොනවා දැයි ගොවියාගෙන් ඇසූ විට මම තණකොළ කන්න දුන්නායයි ඔහු කියයි. දැන් කළ යුත්තේ ආහාරයට ගත් දේ වැමෑරීමයි. ගොන් බාන මෙතෙක් කල් ආහාරයට ගෙන තිබෙන්නේ තණකොළබව දකින්නේ මෙම ආහාර වමාරන විටදී ය. ගොන් බාන ආපසු ගොවියාට බාර දෙයි. 

මෙහි ගොවියා නම් හේතු ඵල ධර්මයයි. දර්ශනයට පෙර හේතුඵල ධර්මය ක‍්‍රියාත්මක වන්නේ තද නින්දෙහි බැවින් ගොවියා සිටින්නේ නිදාගෙන ය. සොරා නම් සත්ත්ව පුද්ගල ධර්මයයි. සත්ත්ව පුද්ගල ධර්ම ක‍්‍රියාත්මක වන්නේ අවදිව ඇතිවිට චින්තනය තුළයි. ගොන්බාන නම් කායික වීර්යය හා මානසික වීර්යය යි. මෙම සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය නැමති සොරා තමන්ට අයිති නැති කායික වීර්යය, මානසික වීර්යය නැමති ගොන් බාන තමන්ගේ යයි කියයි. තමන්ට අයිති නැති හේතුඵල ධර්මයක් වූ ආශ්වාස ප‍්‍රශ්වාශයතමන්ගේ යයි පිළිගන්නා යෝගාවචරයෝ ද, එම සොරාගත් ආශ්වාස ප‍්‍රශ්වාසයෙන්ම සත්‍ය දැකීමට කායික වීර්යය හා මානසික වීර්යය යොදයි. ධර්මයෙන් සත්‍ය සොයන ගවේශකයන්ට ධර්මය නැමති ආහාරය ඇල් හාලේ බත් ය. ධර්මය හිස තබාගෙන යන්නේ එබැවිනි. සොරා නියම ගොවියා නොවන බැවින් ඔහුගේ සී සෑමෙහි සහ වැපිරීමෙහි අවසානයක් නැත. මෙම කන්නයේත් වපුරා ඊළඟ කන්නයත් වපුරන්නට බලාපොරොත්තු වෙයි. දෙව් මිනිස් සැපෙන් සෑහීමකට පත්නොවී සක්විති රජකම ද ප‍්‍රාර්ථනා කරන්නේ එබැවිනි. මේ අතර ගොවියා අවදි වෙයි. එනම් හේතුඵල ධර්මය දකී. එය ඉන්ද්‍රියන් අභිබවා අවදි වීමකි. මෙම අවදි වීම සිදුවන්නේ සංසාරයටම එක් වරකි. හේතුඵල ධර්මය දකින මෙහොතේ, එනම් සත්‍ය දකින මොහොතේ ගොන් බාන නැත. කායික හා මානසික වීර්යය, නැමති ගොන්බානත් සමග සත්‍ය දැකිය නොහැක. සත්‍ය දකින මොහොතේ සියලූම ධර්ම වලින් නිදහස් බැවින් කායික වීර්යයක් හෝ මානසික වීර්යයක් එතැන නැත. නමුත් තවමත් කෙළෙස් තුරන් වී නොමැති බැවින් අවදි වූ පසු ගොන් බාන සොයාගෙන යයි. මෙතෙක් මනසට ගත් ධර්මය නැමති ආහාරය තණකොළ බව ගොවියා දකි. සත්‍යය දුටු පසු ඕනෑම කෙනෙකුට ධර්ම වමාරන්නට සිදුවන නිසා තමන් මෙතෙක් ආහාරයට ගෙන ඇත්තේ ඇල් හාලේ බත් නොව තණකොළ බව තමන්ටම දැකිය හැක. මා කියන්නක් පිළීගැනීමට අවශ්‍ය නැත.

......තිස්ස සේනානායකයන් 