Google+ Followers

Friday, October 25, 2013

Noble Quest

සෙන් ගුරුතුමකු තම පුහුණුව පැහැදිලි කරන්නේ මෙසේය.
මම ආහාර ගන්නා විට, මම ආහාර ගන්නවා
මම ඇවිදිනකොට, මම ඇවිදිනවා
මම නිදාගන්නා විට, මම නිදාගන්නවා
ආදරණීය ගොඩ්වින් ගුරුතුමා අපට මේ කියමන මතක් කර දෙන්නේ, සත්‍ය සොයා පිපාසයෙන් මෙන් දුවන්නන්, රවටිලිකාරයින්ගේ ඔඩොක්කුවට වැටීමෙන් වලක්වාගැනීමටය.
‘සත්‍ය’ විකුණාගෙන කන, ගිහි පැවිදි මෝඝ පුරුෂයින්ගෙන් අපව බේරා ගැනීමටය.
භාවනාව සම්බන්ධ අපගේ එදිනෙදා ජීවිතයටයි. සාර්ථකත්වය නම්, පවුලේ ආදරණීය සාමාජිකයින් තුලින් පෙන්නුම් කරන ආදරයයි, සෙනෙහසයි. වගකීම්, යුතුකම්, රාජකාරි කටයුතු ගුණත්වයකින් සිදුවීමයි. දසබලදාරි නම් දසගුනයකින්, එදිනෙදා වැඩකටයුතුවල  ගුණාත්මකබව ඉහළයාමයි.
අහසින් වැඩීම ......ආදී මැජික් නොවේ.
ඉතාම සරලව කියනවානම්, දිනෙන් දින ඔබ කැදැල්ලේ සතුට, සමගිය, සැනසීම වැඩිවිය යුතුය. සම්බන්දතා ගුණාත්මකව වැඩි දියුණු වෙනවා.
මේ හැම දෙයක්ම අපේම ජීවිතයට සම්බන්ධ සාමාන්‍ය දේවල්. විශේෂ දේවල් නොවේ.
හොරු, තක්කඩි උත්සාහ කරනවා මේවා සුවිශේෂී කාණ්ඩයකට පමණක් අයිතයි කියලා පෙන්වන්න.

ඔබ, මම එදිනෙදා ජීවිතයේ කරන සරල කටයුතු, සිහියෙන් කරන්න පුරුදු පුහුණු වන්න. අන්න එතකොට ඒවා විශේෂ වෙනවා.
මෙතරම් කලක්, එක  වහල යට සිටියත්, නොදැක්ක , ආදරණීය සැමියා, බිරිඳ, දුවා, දරුවන් දැක ගන්නට පුලුවනිනම්, එය තමා මේ ගමනේ සාර්ථකත්වය මනින මිම්ම.

Serious and busy

The life we live is just a colourful and deposit toy. Some of us take it so seriously and fight and cry for it. Some of us break and throw it. Either we give extreme importance, either not enough. Better to stay far from extremes.

~ Shams Tabrizi
 
Thursday, October 24, 2013

Our “heart teacher,” and the most “awake” person I have ever known.

Our “heart teacher,” and the most “awake” person I have ever known, Godwin says......

A meditation master described his practice as:  “When I eat, I eat.  When I walk, I walk.  When I sleep, I sleep.”  So when you consider this, you’ll realize that meditation is related to ordinary things, not extraordinary things, not special things…[When we do] simple, practical, ordinary things in life consciously, then these ordinary things become extraordinary.

a eulogy written by Bhikkhu Bodhi for Godwin at the time of his death:

An eminent lay teacher, a quiet, thoughtful, and serene resident of Kandy named Godwin Samararatne, with whom I had the fortune to be closely associated during my twenty-three years living in Sri Lanka.
I first met Godwin within two months of my arrival in Sri Lanka, in late 1972, when I was visiting the great German elder Ven. Nyanaponika at the Forest Hermitage.
At the time, Godwin was working as librarian at the Kandy Municipal Library, but his keen interest in Buddhism, psychology, and human spirituality often drew him to the Forest Hermitage to borrow books and discuss ideas with Ven. Nyanaponika.
For close to twenty years, Godwin had been the resident teacher at the Nilambe Meditation Centre in the lovely Sri Lankan hill country.
He had also taught meditation at the Lewella and Visakha Meditation Centres (two affiliates of Nilambe), in Kandy itself at the University of Peradeniya, at private homes, and at the Buddhist Publication Society. But Godwin did not belong to Sri Lanka alone.
He belonged to the whole world, and he was loved and esteemed by people around the globe. Thousands of people from many lands came to Nilambe to practise under his guidance, and they also invited him to their own countries to conduct meditation courses and retreats.
Thus for over two decades Godwin had become an international Buddhist figure, constantly in demand in countries ranging from Europe to Singapore and Hong Kong. He was also a regular visitor to South Africa, where he conducted his last meditation retreat just months before his death.
What was so impressive about Godwin was not what he did but what he was. I can say that Godwin was above all a truly selfless person, and it was this utter selflessness of the man that accounts for the impact he had on the lives of so many people. I use the word “selflessness” to describe Godwin in two interrelated senses.
First, he was selfless in the sense that he seemed to have almost no inner gravitational force of a self around which his personal life revolved: no pride, no ambition, no personal projects aimed at self-aggrandizement.
He was humble and non-assertive, not in an artificial self-demeaning way, but as if he had no awareness of a self to be effaced. Hence as a meditation teacher he could be utterly transparent, without any trips of his own to lay on his students.
This inward “emptiness” enabled Godwin to be selfless in the second sense: as one who always gave first consideration to the welfare of others.
He empathized with others and shared their concerns as vividly as if they were his own.
In this respect, Godwin embodied the twin Buddhist virtues of loving-kindness and compassion, metta and karuna.
Even without many words, his dignified presence conveyed a quietude and calm that spoke eloquently for the power of inner goodness, for its capacity to reach out to others and heal their anxiety and distress.
It was this deep quietude and almost tangible kindness that drew thousands of people to Godwin and encouraged them to welcome him into their lives. The trust they placed in him was well deposited, for in an age when so many popular “gurus” have gained notoriety for their unscrupulous behaviour, he never exploited the confidence and goodwill of his pupils.
Though Godwin taught the practice of Buddhist meditation, particularly the “way of mindfulness,” he did not try to propagate “Buddhism” as a doctrine or religious faith, much less as part of an exotic cultural package. His inspiration came from the Dhamma as a path of inner transformation whose effectiveness stemmed primarily from its ability to promote self-knowledge and self-purification.
He saw the practice of meditation as a way to help people help themselves, to understand themselves better and change themselves for the better. He emphasized that Buddhist meditation is not a way of withdrawing from everyday life, but of living everyday life mindfully, with awareness and clear comprehension, and he taught people how to apply the Dhamma to the knottiest problems of their personal lives.
By not binding the practice of meditation to the traditional religious framework of Buddhism, Godwin was able to reach out and speak to people of the most diverse backgrounds. For him there were no essential, unbridgeable differences between human beings.
He saw people everywhere as just human beings beset by suffering and searching for happiness, and he offered the Buddha’s practice of mindfulness as an experiential discipline leading to genuine peace of heart. Hence he could teach people from such different backgrounds - Western, Asian, and African; Buddhist, Hindu, Christian, and Muslim; Sri Lankan Theravadins and Chinese Mahayanists - and all could respond readily to his guidance.
If it was not for a chronic liver condition that he had patiently endured for years, with hardly a word of complaint, Godwin might well have lived on to actively teach the way of mindfulness for at least another decade.
But this was not to be, for in late February of the year 2000, almost immediately upon his return from a teaching engagement in South Africa, his illness deteriorated and a month later claimed his precious life.”
http://www.ramdass.org/embracing-aging-within-society/#

Frees us of all the pain in life

"One word frees us of all the weight and pain in life. That word is love."

~Sophocles

Refreshing harts- Thich nhat hanh

ජීවත් වීමේ රටාව Art of Living

ජීවත් වීමේ රටාව
Art of Living

ආදරණීය දුවේ පුතේ,
හෙම්බත් වෙලා 
හොම්බ බිම ඇනගන්නකම්ම 
බලාගෙන සිටීම අවශ්‍ය නැහැ.

ජීවිත ගමනේ 
අරමුණු දෙකක් තියෙනවා:
  • බාහිර අරමුණු. මේ ලෝකයේ ඔබ මම සාර්ථක වීමට ගනු ලබන වෙහෙස.
  • ආධ්‍යාත්මික අරමුණු. ජීවත් වීමේ රටාව.

පළමු අරමුණ කොතරම් සාර්ථක වුවද
ජීවිතයට සැනසීම/ ඉස්පාසුව  නොමැතිනම්
ලැබුවාවූ දුර්ලභ ජීවිතයේ  කවර නම් ප්‍රතිපලයක්ද?

ඉතාම හොද පොත් තුනක්
ඔබගේ කියවීම සදහා ඉදිරිපත් කරනවා.

තිස්ස සේනානායකයන් විසින් රචිත:

  1.  ධර්මපහුර හිසතබාගෙන මෝහ ගඟ තරණය කරන්නෝ.
  2.   තථාගත
  3.  බුද්ධ පහළවිය. 

දිවයින පුරා ඇති සරසවි පොත්හල් වලින් දැන් ලබාගත හැක. 
එසේ ලබාගැනීමට අපහසුනම් තැපෑලෙන්ද  එවියහැකිය.

වේයන්ගොඩ සහ කොළඹ අවට අයට 
සදහම් පුස්තකාලයෙන් ලබාගෙන කියවිය හැකිය.

විමසීම්:
Tissa & Mahima Senanayake
tissamahima@gmail.com

Be opened and continue to inquire 
මෙයා හරි කියල කොටුවෙන්න එපා.
දැක්ක ගමන්
ඇසුන ගමන් හරි කියල
අනෙක්වා ප්‍රතික්ෂේප කර
කොටු වීම සුදුසු නොවේ.
These various sources of spiritual teachings 
are recommended not as an end to your journey. 
Do not just believe that this or that is correct and final. 
Be opened to others and inquire mindfully. 

Noble quest is to be continue 
in your day to day activities.

Talks of Dr. Tissa Senanayaka and Mr. Siriwardena could be found here:
http://www.enlightenedones.org/

තමන්ට අයිති වස්තු දන් දී දාන පාරමිතාව සම්පූර්ණ කර නිවන් දැකිය හැකි ද?

බුද්ධ කාලයේ බොහෝ දෙනෙක් සත්‍ය දුටුවේ සියලූ සම්පත් භුක්ති විඳිමින් සිටියදීය. එපමණක් නොව මෙම මාර්ගඵල ලාභීන් තමන් ට ඇති සියලූ සැපසම්පත් බුක්ති වින්දෝ ය. අප ජීවත් වන ලෝකය තම තමන්ගේ මනසින් නිර්මාණය කරගත් මනංකල්පිත ලෝක බැවින් එම ලෝකවල වස්තු හෙවත් දේවල් ඇතයි පිළිගැනීම මුළාවකි. අප විසින් අත්හැරිය යුත්තේ අප විසින්ම නිර්මාණය කරගෙන උපාදානය කරගත් පංච ස්කන්ධය මිස අනෙකක් නොවේ.- තිස්ස සේනානායකයන් 

Wednesday, October 23, 2013

Monday, October 21, 2013

ළමා මනසේ වැඩීම, එහි ස්වභාව

ළමා මනසේ වැඩීම, එහි ස්වභාවය අධ්‍යයනය කිරීමට මෙම ලිපිය ඔබට පිටුවහලක් වනු ඇත.

කුඩා දරුවා ඉගෙනුම ආරම්භ කරන්නේ වචනයකිනි. වචනයක් ගොඩනැගීමට මුලික වන්නේ කන්බෙරය කරා පැමිණෙන වායු කම්පනයයි. මෙය ‘ශබ්දය’ ලෙස අපි හඳුන්වමු. වායු කම්පනයක් නොමැති කල ශබ්දයක් පැන නගින්නේ නැත. කම්පනයට විවිධ වූ සංඛ්‍යාත ඇති අතර කන්බෙරයෙහි ගැටෙන වායු කම්පනයන්ගේ විවිධ සංඛ්‍යාත, තාරතාව වැනි ගුණයන්ට මොළය ප්‍රතිචාරයක් දක්වයි. මේ කම්පනයන්ගේ ඇති විවිධත්වය නිසා එම කම්පනයට අදාළ ව මොළයේ නිර්මාණය වන විවිධ ‘ශබ්ද’ වල වෙනස ක්‍රම ක්‍රමයෙන් කුඩා ළමයා හඳුනා ගනියි. මේ වෙනස අඳුනා ගැනීමට හැකිවන්නේ විශ්ව ධර්මයක් වන සඥාව නිසයි. එය කම්පන ස්වභාවයකි. එක් ශබ්දයක් තවත් ශබ්දයකින් වෙන් කර හෝ  එක් වර්ණයක් තවත් වර්ණයකින් වෙන් කර හඳුනාගන්නේ මෙම සඥාව නමැති ධර්මය නිසයි. සඥාවේ ක්‍රියාකාරිත්වය මිනිස් මනස තුල ලෝකයක් ගොඩ නැගීමට ඉවහල් වන ‘වචන’ ගොඩ නැගීමේ මුලික පියවර වෙයි. නමුත් සඥාවෙන් දැනුම ගොඩනැගී බුද්ධි වර්ධනයක් සිදුවන්නේ නැත. තිරිසන් සත්වයා තුලත්  කුඩා ළමයා තුලත්  සඥාව නමැති දර්මය හේතුකොටගෙන වර්ණ ශබ්ද රස ඝන්ධ ස්පර්ශ ආදී වූ රූප ජායා මොළය තුල ඇතිවුවද තිරිසන් සත්වයාගේ මොළයේ වර්ධන ක්‍රියාවලිය එතනින් නවතින අතර කුඩා ළමයා සඥාව ඉක්මවා යන බැවින් වචන ඉගෙනීම හරහා දැනුමක් ගොඩනගා ගනියි. තිරිසන් සත්වයාගේ ඉන්ද්‍රිය සහ මොළයේ ක්‍රියාකාරිත්වය සඥාව ඉක්මවා නොයයි.

සඥාවෙන් ඔබ්බට යාමේ ප්‍රතිපලයක් ලෙස මිනිස් දරුවා සංස්ඛාර ධර්ම නිසා දුර සහ කාලය ගොඩනගා ගනියි.  ඇසෙන් දැක්ක දේ “මේ කුමක් ද” කියා අසා දැන ගැනීමෙන් සහ බලාපොරොත්තු තුලින් මේ සංස්ඛාර ලෝකය ගොඩනගා ගනියි. සංස්ඛාර ධර්ම නිසා ඇතිවන දුරෙන් සහ කාලයෙන් ගොඩනැගෙන ක්‍රියාව තිරිසන් සත්වයා තුල නැත. සංස්ඛාර ලෝකය පිළිගත් දරුවා තුල දැන් යම් පමණක ඉගෙනුමක් ඇත. නමුත් දරුවා තුල තවම දැනුම සම්පුර්ණ නැත. සඥාවත්, සංස්ඛාරත් පමණක් ග්‍රහණය කර ලබා ගන්නා දැනුම පරිගණකයකට සමාන කල හැක.

වැඩිහිටියකු වූ මිනිසා පරිගණකයට වඩා ඉදිරියෙන් සිටියි. එයට හේතුවන අනෙක් ධර්මතා දෙක නම් වේදනාව සහ විඥානයයි. මේ ලිපියේ වේදනාවත් විඥානයත් පැහැදිලි කිරීමට මේ ලිපිකරු අදහස් නොකරයි. නමුත් ලෝබය ද්වේශය ආදරය කරුණාව මාන්නය උද්දච්ච කම වැනි ගුණාංග මිනිසා තුල මතුවන්නේ මේ වේදනාව නමැති ධර්මතාවය නිසා බව පමණක් මෙහි සදහන් කරමි. මිනිස් සත්වයාගේ පිරිපුන් ප්‍රීතිමත් ජිවිතයකට හේතුවන්නේ වේදනාව හෙවත් වින්දනයයි. සාරාංශ කොටගත් විට මිනිසාගේ දැනුම සම්පුර්ණ වන්නේ ඉන්ද්‍රියන් වලින් නිර්මාණය කරගත් රූප ස්කන්ධයත් වේදනා, සඥා, සංඛාර සහ විඥාන නම් වූ නාම ස්කන්ධ හතරත් සමබරව උපාදානය කිරීමෙන් පමණි.

සංගීත වාදන භාණ්ඩයකින් නිකුත්වන ‘ශබ්ද කම්පනය’ යනු සඥාවක් පමණි. මෙම සඥාව උපාදානය කිරීම නිසා ශබ්ද දෙකක වෙනස හඳුනා ගැනීමට ළමයාට හැකිවෙයි. එමනිසා ළදරුවාට දරු නැළවිලි ගීතය අවශ්‍ය දෙයකි. නමුත් ළදරුවෙක් වාදන භාණ්ඩයකින් නිකුත්වන ශබ්දය පමණක් ග්‍රහණය කරන තෙක් ඔහුගේ/ඇයගේ බුද්ධිය තිරිසන් සත්වයා ඉක්මවන්නේ නැත. එතන නාමරූප තුලින් ඇති වූ දැනුම ගොඩනැගීමක් නොමැති බැවිනි. පෙර සඳහන් කල පරිදි තිරිසන් සත්වයාගේ මනසේ ස්වරුපය ද එය වෙයි. දෙවනුව භාෂාවක් හෝ ආගමක් හෝ විද්‍යාවක් ඉගෙනීම තුලින් සංස්ඛාර ධර්ම ගොඩ නැගෙයි. සම්පුර්ණ මනුෂ්‍යයෙක් බිහි වීමට නම් මීට අමතරව තමන් ඉගෙනගත් දැනුම කෙරෙහි ඇතිවන ප්‍රශ්න කිරීමත් තර්කනයත් අවශ්‍යය වෙයි. බොහෝ විට ගණිතය වැනි විෂයන් හැදෑරීමෙන් මේ සම්පුර්ණ බව ඇතිවෙයි. ඊට අමතරව පිරිපුන් මිනිසෙක් බිහිවීමට අවශ්‍යම ධර්මතාවයක් නම් ලෝභය, ද්වේශය, රාගය, මානය ආදී කෙලෙස් ය. සංස්ඛාර ධර්ම කලයකට උපමා කලොත් මෙම කලය පිරි ඇත්තේ කෙලෙස් වලිනි. මිනිස් සත්වයා තුල කෙලෙස් ස්වභාවිකව ඇතිවෙයි. විර්යය දරා උපදවා ගතයුතු නැත. නමුත් අවාසනාවකට මෙන් බොහෝ ධර්ම දේශකයෝ කෙලෙස් යනු සත්වයා විසින් මුලිනුපුටා දැමිය යුතු ධර්මයක් ලෙස සලකා කෙලෙස් ප්‍රහින කරන්නට තම අනුගාමිකයන් යොමු කරවති. එහි ප්‍රතිඵලක් ලෙස බොහෝ දෙනෙක් වීර්ය දරා කෙලෙස් ප්‍රහින කරන අතර එමගින් සංස්ඛාර නමැති කලගෙඩිය හිස් වී මනස හිස් කළයක් බවට පත්වෙයි. මෙවැන්නන් තුල ජිවත් වීමට අවශ්‍ය කෙලෙස් ධර්ම නොමැති කමින් ඉතා ඉක්මනින් කලකිරීමට පත්වෙයි. බොහෝ විට සියදිවි නසා ගැනීමට පවා පෙළඹෙයි.

කුඩා අවධියේදී ළමයා රූප වේදනා සඥා සංඛාර විඥාන නම්වූ පංච උපාදානස්කන්ධයෙන් පරිපුර්ණ වීම සඳහා ඉගෙනීමට වැඩි කාලයක් යෙදවිය යුතුය. සංගීතය, නැටුම්, භාෂාව, සාහිත්‍යය, ගණිතය, ඉතිහාසය වැනි විෂයන් සමබරව ඉගැන්විම තුලින් දරුවාගේ බුද්ධි වර්ධනය වී සියලුම නාම ස්ඛන්ධයන් (වේදනා සඥා සංඛාර විඥාන ) උපාදානය කරගත් පිරිපුන් මිනිසෙක් දරුවා තුලින් බිහිවෙයි. නමුත් මොළය අවශ්‍ය පරිදි දියුණු වී නැති ළමා අවදියේදී ‘තරුවක්’ කිරීමේ බලාපොරොත්තුවෙන් තමන්ගේ දරුවාට සංගීතය වැනි සඥාව පමණක් දියුණු කරන විෂයන්ට වැඩිකාලයක් යෙදවීමෙන් දරුවාගේ මොළයෙහි නියමාකාර වර්ධනය වීමක් පෙන්නුම් නොකරයි. බුද්ධි වර්ධනයට අවශ්‍ය භාෂා ප්‍රගුණ කිරීමට, තර්කනය දියුණු කිරීමට, කායික වර්ධනයට අවශ්‍ය ක්‍රීඩා කිරීමට අවශ්‍ය කාලය මගහැරී යයි. මෙවැනි දරුවෙකුගේ අනාගතය කෙබදු වෙයිද යන්න ඔබම සිතා බැලිය යුතුය. සඥාව පමණක් උපාදානය කිරීමෙන් ප්‍රගුණ කල හැකි දරුවාගේ සංගීත හැකියාවන් දැක සතුටුව, මේ ළමයා කුඩා අවධියේදී මෙවැනි දක්ෂතාවයක් දක්වයි නම් වැඩිහිටියෙකු බවට පත්වන විට කෙබදු වේයැයි කියමින් උදම් අනති. නමුත් මෙම ‘තරුමේනියාව’ නිසා දරුවා සඥාව තුල සිරවෙන අතර සාර්ථක මිනිසෙකු බිහි කිරීමට අවශ්‍ය අනෙකුත් ධර්මතා එනම් සංස්කාර, වේදනා සහ විඥාන උපාදානය කිරීම සිදුවන්නේ ඉතා අඩුවෙනි. එහි ප්‍රතිපලයක් ලෙස අඩු බුද්ධි වර්ධනයකින් යුතු මෙවැනි දරුවන් තුල වාදනය සහ ගායනය හැරුන කොට වෙනත් කාර්යයක් කිරීමේ හැකියාවන් මොට වී යයි. සාකච්චාවට භාජනය වියයුතු කාලින ප්‍රශ්නයක් වුවත් මෙය ප්‍රශ්නයක් ලෙස හඳුනාගත හැකි බුද්ධිමතුන් ලෝකයේ ඉතා විරලය.

තම දරුවා තරුවක් කිරීමට වැඩි කාලයක් යොමු කිරීමට දරන උත්සාහය තුල සාර්ථක බුද්ධිමත් වැඩිහිටියෙක් ඔබේ දරුවාගෙන් බලාපොරොත්තු විය නොහැකි බව මම පැහැදිලිවම කියමි. ඔබ ඔබේ දරුවාගෙන් බලාපොරොත්තු වන්නේ ළමා තරුවක් ද නැතිනම් සමාජයට වැඩදායි වැඩිහිටියෙක් ද යන දෙකෙන් එකක් තෝරාගැනීම ඔබට බාරය.  

ආචාර්ය තිස්ස සේනානායක

සත්ත්ව පුද්ගල දෘෂ්ඨි

කෝලිය උපතිස්ස යහළුවන් දෙදෙනා ද සත්ත්ව පුද්ගල ධර්මයක් ම ඇසුවෝය. එම ධර්ම පිළිගත්හ. මෙම ධර්ම ධාරණය කර ඒවා ක‍්‍රියාත්මක කළහ. නමුත් බොහෝ දෙනකුට නැති තර්කය හා විතර්කය ඔවුන් තුළ තිබුණි. මෙම තර්ක විතර්ක වලින් ඔවුහු පිළිගත් ධර්ම වල පරස්පර විරෝධතා දුට හ. එමනිසා කාලයක් එම ධර්ම හදාරන විට එම ධර්ම කෙරෙහි සැක ඇති විය. ‘තමන් හසුරුවන කෙනෙක් ඉන්නවා ද?‘ ‘මෙම හසුරුවන්නා කව්ද?’ ආදී වශයෙන් සත්ත්ව පුද්ගල ධර්ම කෙරෙහි සැක ඇති විය. ‘ඔබගේ ගුරුවරයා ඔබ හසුරුවන්නේ කෙසේ දැ’ යි අස්සජි මහරහතන් වහන්සේගෙන් ඇසුවේ මෙම සැකය සිතෙහි තිබූ නිසාය. තෙරුන් වහන්සේ ගේ පිළිතුරෙන් උපතිස්ස අවදි විය. මෙතෙක් කල් යටිකුරු ව සිටි ඔහු උඩුකුරු විය. සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය වැරදි දෘෂ්ඨියක් බව දුටුවේ ය.
tissa senanayaka

Sunday, October 20, 2013

Mahamevnava Sadaham Library

Noble Quest- Talk 10
Satthis Bodhi Pakshika Damma
By Rev. Asaranasarana
(Former Kularatna Nakkawatta)
Now uploaded
For your
Listening pleasure pl.
Dhamma DVDs, CDs,
Books
Could be delivered by hand
To the seekers of dhamma
Free of charge,
To the following destinations:
Veyangoda
Nittambuwa,
Gampaha,
Yakkala,
Minuwangoda,
Divulapitiya,
And from next
January onwards to
Colombo as well.

Asaranasarana (Kularatna Nakkawatta) on VIP

Asaranasarana himi (Kularatna Nakkawatta) on VIP Radio

on October 31st 2013, at 08.00 p. m.

Noble Quest (Aarya Paryeshanaya) Satthisbodhipakshika damma

Noble Quest- Talk 10
Satthis Bodhi Pakshika Damma
By Rev. Asaranasarana
(Former Kularatna Nakkawatta)
At a Workshop (audio talk 10, 11, and 12)
Conducted at the Thummodara Lovthuru Dhaham Peethaya.
September 2013
To listen to the audio sermon
Please go to the following link:
Audio talk 11 and 12 continue…
Will be uploaded soon.

Asaranasarana himi (Kularatna Nakkawatta) on VIP Radio

Asaranasarana himi (Kularatna Nakkawatta) on VIP Radio

on October 31st 2013, at 08.00 p. m. 

Kularatna Nakkawatta (Asaranasarana himi) Dhamma Sermons will soon be uploaded.

will soon be uploaded.

Saturday, October 19, 2013

Thursday, October 17, 2013

What was the point in continuing to live with this burden of misery?

One night not long after my twenty-ninth birthday, I woke up in the early hours with a feeling of absolute dread. I had woken up with such a feeling many times before, but this time it was more intense than it had ever been. The silence of the night, the vague outlines of the furniture in the dark room, the distant noise of a passing train - everything felt so alien, so hostile, and so utterly meaningless that it created in me a deep loathing of the world. The most loathsome thing of all, however, was my own existence. What was the point in continuing to live with this burden of misery? Why carry on with this continuous struggle? I could feel that a deep longing for annihilation, for nonexistence, was now becoming much stronger than the instinctive desire to continue to live.
"I cannot live with myself any longer." This was the thought that kept repeating itself in my mind. Then suddenly I became aware of what a peculiar thought it was. `Am I one or two? If I cannot live with myself, there must be two of me: the `I' and the `self' that `I' cannot live with." "Maybe," I thought, "only one of them is real."
I was so stunned by this strange realization that my mind stopped. I was fully conscious, but there were no more thoughts. Then I felt drawn into what seemed like a vortex of energy. It was a slow movement at first and then accelerated. I was gripped by an intense fear, and my body started to shake. I heard the words "resist nothing," as if spoken inside my chest. I could feel myself being sucked into a void. It felt as if the void was inside myself rather than outside. Suddenly, there was no more fear, and I let myself fall into that void. I have no recollection of what happened after that.
I was awakened by the chirping of a bird outside the window. I had never heard such a sound before. My eyes were still closed, and I saw the image of a precious diamond. Yes, if a diamond could make a sound, this is what it would be like. I opened my eyes. The first light of dawn was filtering through the curtains. Without any thought, I felt, I knew, that there is infinitely more to light than we realize. That soft luminosity filtering through the curtains was love itself. Tears came into my eyes. I got up and walked around the room. I recognized the room, and yet I knew that I had never truly seen it before. Everything was fresh and pristine, as if it had just come into existence. I picked up things, a pencil, an empty bottle, marveling at the beauty and aliveness of it all.
That day I walked around the city in utter amazement at the miracle of life on earth, as if I had just been born into this world.
For the next five months, I lived in a state of uninterrupted deep peace and bliss. After that, it diminished somewhat in intensity, or perhaps it just seemed to because it became my natural state. I could still function in the world, although I realized that nothing I ever did could possibly add anything to what I already had.
I knew, of course, that something profoundly significant had happened to me, but I didn't understand it at all. It wasn't until several years later, after I had read spiritual texts and spent time with spiritual teachers, that I realized that what everybody was looking for had already happened to me. I understood that the intense pressure of suffering that night must have forced my consciousness to withdraw from its identification with the unhappy and deeply fearful self, which is ultimately a fiction of the mind. This withdrawal must have been so complete that this false, suffering self immediately collapsed, just as if a plug had been pulled out of an inflatable toy. What was left then was my true nature as the ever-present I am: consciousness in its pure state prior to identification with form. Later I also learned to go into that inner timeless and deathless realm that I had originally perceived as a void and remain fully conscious. I dwelt in states of such indescribable bliss and sacredness that even the original experience I just described pales in comparison. A time came when, for a while, I was left with nothing on the physical plane. I had no relationships, no job, no home, no socially defined identity. I spent almost two years sitting on park benches in a state of the most intense joy.
But even the most beautiful experiences come and go. More fundamental, perhaps, than any experience is the undercurrent of peace that has never left me since then. Sometimes it is very strong, almost palpable, and others can feel it too. At other times, it is somewhere in the background, like a distant melody.
Later, people would occasionally come up to me and say: "I want what you have. Can you give it to me, or show me how to get it?" And I would say: "You have it already. You just can't feel it because your mind is malting too much noise." That answer later grew into the book that you are holding in your hands.

Before I knew it, I had an external identity again. I had become a spiritual teacher.

mindfulness

"If we make an effort to be mindful every moment that we do something, say something, or think about something, it we keep this constant recollection, then we will have unbroken mindfulness (sati) like water drops which turn into a stream of water." Ajahn Chah

ලෝභය සහ රාගය එකම තේරුම දේද?

පඨමං බෝධි පල්ලංකං  - දුතියංච අනිම්මිසං
තතියං චංකමනං සෙට්තං - චතුත්ථනං  රතනාගාරං
පන්චමං  අජපාලංච - මුචලිං දේන ජට්ඨමං 
සත්තමං  රාජායතනං
සත්සතියෙන් පෙන්වන්නේ බුද්ධත්වයට පසු සිහිය පිහිටුවන අවස්ථා හතකි. බුදු දහමට අනුව මාර්ග සහ ඵල අටකි. සෝවාන් මාර්ගය සහ ඵලය, සකෘදාගාමී මාර්ගය සහ ඵලය, අනාගාමී මාර්ගය සහ ඵලය සහ අරහත් මාර්ගය සහ ඵලය මෙම මාර්ග සහ ඵල 8 යි. විවිධ සුත්‍ර සහ ජාතක කතා වල මෙම සෝවාන් මාර්ගය කුමක්‌ ද යන්න වක්‍රව සදහන් ව ඇත. සෝවාන් මාර්ගය බුද්ධත්වයට පෙර කයෙහි සිහිය පිහිටවන අවස්ථාවයි.

සත්‍යය පහළවීමත් සමග ඇතිවන සතිය (පඨමං බෝධි පල්ලංකං) යනු සෝවාන් ඵලයේ සිහිය පිහිටුවීමයි. එය බුද්ධත්වයෙන් පළමු සතියයි. බෝධි මුලයේ සිහිය පිහිටුවන මෙම අවස්ථාවේදී ඇස විවෘතව ඇති නමුත් කිසිම වස්තුවක් නොදකියි. උප්පත්තිය සහ මරණය සෑම මොහොතකම ඉන්ද්‍රිය තුල සිදුවන්නෙකි. පෘතජන සත්වයා මෙම ඉන්ද්‍රිය මරණයෙන් එක් ඉන්ද්‍රියකට අවදි වන නමුත් සත්‍යය පහළවන විට මරණයෙන් ඉන්ද්‍රියන්ට අවදි නොවී මරණය සහ ඉන්ද්‍රිය ඉක්මවයි. ඉන්ද්‍රියන් ඉක්මවූ විට ලෝකයක් දකින්නේ නැත. මරණය ඉක්මවන බැවින් මරණයක් දකින්නේ ද නැත. සෝවාන් ඵලයෙන් පසු පුද්ගල දෘෂ්ඨියෙන් නිදහස් වන අතර කිසිම ආකාරයක සිල්වෘතයක් නැත, දර්මය සොයා යාමක් නැත. මේ පඨමං බෝධි පල්ලංකං ලෙස හඳුන්වන පළමු සතියයි.

බුද්ධ පහළවන්නේ කෙලෙස් සහිත සිතෙහි හෝ මනසෙහි නොව මරණයෙන් නිදහස් වීමෙන් බැවින් බුද්ධ කෙලෙස්වලින් තොරය. කෙලෙස් සමග බුද්ධ පහළ නොවන බව ඔබට පැහැදිලි ඇතයි සිතමි. සෝවාන්ඵලයෙදී ලෝභය ද්වේශය ආදී කෙලෙස් ප්‍රහාරණය වී නොමැති බැවින් එතන තථාගත වැඩ ඉන්නේ කෙසේද යන්න බොහෝ පෘතජන අයට ඇති ප්‍රශ්නයකි. බෝධි මූලය ලෙස හදුන්වන්නේ සත්‍යය පහළවන විට සිත සහ මන ඉක්මවන නිසයි.

මම මෙතන මරණය ලෙස හඳුන්වන්නේ සෑම මොහොතකම සිදුවන ඉන්ද්‍රිය මරණයයි (සම්මුති මරණයේදී සිදුවන්නේත් ඉන්ද්‍රිය මරණයයි). තද නින්දේදී ද ඉන්ද්‍රිය මරණය ඇත. එතන හය ඉන්ද්‍රියන් ක්‍රියාත්මක නොවෙයි (නමුත් අඩ නින්දේදී මනේන්ද්‍රිය ක්‍රියාත්මක වෙයි). බුද්ධත්වය හෙවත් සෝවාන්ඵලයෙන් පසු මරණය ඉක්මවන බැවින් තද නින්දක් ද නැත. සෑම මොහොතකම සිදුවන ඉන්ද්‍රිය මරණයද නැත. සත්‍ය සොයායන බොහෝ දෙනෙකු නොසලකා හරින නමුත් දැකීමට අවශ්‍යම ධර්මතාවයක් නම් මේ ඉන්ද්‍රිය මරණයයි. බොහෝදෙනෙක් මරණය එලෙසම තිබියදී චින්තනය සහ මන තුලින් සත්‍යය සොයති. ගවේෂණය කරන්නේ චින්තනය හරහා බැවින් ගවේෂණයෙන් ද සත්‍යය දකින්නට නොහැකිය. නමුත් අපි සත්‍ය ගවේෂණය කරන්නෙමු. යම් දවසක් සත්‍ය දකින්නේ මෙම ගවේෂණය ද අත්හැරිය පසුවයි. මම සත්‍යය දුටුවේ එනම් බෝධිමූලයේ සතිය පිහිටියේ  එතෙක් කරගෙන ආ ගවේෂණය අතහැර ටෙලිනාට්‍ය නැරඹීම ආරම්භ කල පසුවයි. නමුත් ගවේෂණය අතහැර ටෙලිනාට්‍ය බැලුවාට සත්‍ය දකින්නට නොහැකි බව ඔබට අවධාරණය විය යුතුය. තථාගත වචනය අනුගමනය කිරීම, එනම් ප්‍රතිපත්ති පුජාව සත්‍යය දකින්නට යන ගමන දුරස් කරයි.  

“දුතියංච අනිම්මිසං” ලෙස හදුන්වන දෙවන සතිය අනමිසලෝචන පුජාවයි. මෙතනදී ඇසිපිය ගැසීමකින් තොරව  පහළවූ බෝධිය දෙස බලා සිටියි.  මෙය සකෘදාගාමි මාර්ගය ට පැමිණීමේ දී සිහිය පිහිටන ආකාරයයි. ඉහත පරිචේදයේ සඳහන් කර ඇති පරිදි බුද්ධත්වයෙන් දින කිහිපයකට පසු මවිසින් අත්දැක්කේ මේ දෙවන සතියයි. ඉන්ද්‍රියයන්ගෙන් තොරව මේ සතියෙහි පිහිටන නිසා මගේ ඇසට කිසිම විඩාවක් නොතිබුණි. එමනිසා ඇසිපිය ගැසීමට අවශ්‍යතාවයක් ඇති නොවිය. එය මවිසින් අත්දකින ලද අනමිසලෝචන පුජාවයි.

තෙවන සතිය විස්තර කරන “තතියං චංකමනං සෙට්ඨන්” යනු ශ්‍රේෂ්ඨ ගමනයි. වර්ණ, සබ්ද, ඝන්ධ ආදී බාහිර පිළිගත් රුපයේ සිට ඉන්ද්‍රියන් හරහා ගමනක් ඇත. මෙම ගමන  සිදුවන්නේ ලෝභය සහ ද්වේශය ආදී කෙලෙස් සමඟයි. නමුත් සකෘදාගාමී ඵලයට වැටෙන අවස්ථාවේ සිහිය පිහිටුවන විට (එනම් සකෘදාගාමී ඵලයට පත්වන විට) ලෝභයෙන් සහ ද්වේශයෙන් තොරවූ ශ්‍රේෂ්ඨ ගමනක් ඇත. සකෘදාගාමී ඵලයේදී ද සසර ගමන නතර වී නොමැත. නමුත් මෙම ගමන ශ්‍රේෂ්ඨ වෙයි. මා මෙම සතියෙහි පිහිටියේ රුපවාහිනිය නරඹමින් සිටිනවිටදී ය. එනම් ගමනේ යෙදී සිටිනවිටදී ය. එතන ඉන්ද්‍රිය ක්‍රියාත්මක විය, රුප පෙනුන බැවින් හා එම රූප මතකයේ ඇතිබැවින් සඥාව ක්‍රියාත්මක විය, ක්‍රියාව ඇති බැවින් සංස්ඛාර ධර්ම එතන විය. නමුත් කෙලෙස් ක්‍රියාත්මක නොවීය. වේදනාවෙන් නිදහස් වීම මෙම රුවන් සක්මනේදී සිදුවෙයි.

හතරවන සතිය නම් රතනාගාරයයි. මේ අවස්ථාව ලෝභයෙන් සහ ද්වේශයෙන් තොරව ඉන්ද්‍රියන් වැසී ඇතිවිට මා ලැබූ අත්දැකීමට සමාන වෙයි. ඒ අවස්ථාවේදී ඇස ඇතුළු ඉන්ද්‍රියන් වැසී තිබුණ බැවින් ඇතුලත මනේන්ද්‍රියේ ක්‍රියාකාරිත්වය මෙම සතියෙන් පෙන්වයි. ඉන්ද්‍රිය නමැති දොරටු වැසි චින්තනයේ සිහිය පිහිටුවන බැවින් මෙය ‘රුවන්ගෙයි වාසය කිරීම’ ලෙස හැදින්වෙයි. මේ අනාගාමී මාර්ගයට පත්වීමයි. මෙය අද්විතීය තැනකි. ඉන්ද්‍රිය හරහා ගමනක් නොමැතිව වැඩ වාසය කරයි. වැඩ වාසය කරනවා යනු තවමත් චින්තනය තුල වාසය කරයි. මෙම සතියේ පිහිටන මොහොතේදී බාහිර ගමනක් නැති බැවින් මා මගේ අත්දැකීමෙන් පෙන්වා ඇති පරිදි අනාගාමී මාර්ගයට පත්වන විට බාහිර ඉන්ද්‍රිය පහම වැසි පවතියි.

අනාගාමි මාර්ගයෙන් පසු චින්තනයේ සහ මනසෙහි සිදුවන වෙනස්වීම ආශ්චර්යමත් ය. අනාගාමි මාර්ගයේ සිට ඵලය දක්වා ගමනට ප්‍රඥාව තන්හාව සහ රාගයේ ක්‍රියාකාරිත්වය උදව් වන ආකාරය උම්මග්ග ජාතකයේ පෙන්වා ඇත. මගේ අත්දැකීම් උම්මග්ග ජාතකයේ පෙන්වන එම ධර්ම වල ක්‍රියාකාරිත්වය සමග මනාව ගැලපෙයි.

රාගයේ සහ ලෝභයේ ඇති වෙනස දකින්නේ අනාගාමි මාර්ගයෙන් පසුවයි. අනාගාමි මාර්ගයෙන් පසු මනසේ පහළවන රාගය මානය ආදී ධර්ම යම් තරමකට දැකීමට හැකිය. බොහෝ ධර්ම පඬිවරු ලෝභය සහ රාගය එකම තේරුම දෙන සේ ධර්ම දේශනා කල ද ලෝභය ප්‍රධාන වශයෙන් නාමරූප වල පහළවීම නිසා ඇතිවන අතර රාගය යනු ලෝකය ඉක්මවූ ක්ලේශයකි. අනෙක් කාරණය නම් රාගය යනු සාමාන්‍ය පෘතජන පුද්ගලයින් දෙන තේරුම ඉක්මවූ ධර්මතාවයක් බවයි. මම රාගය දැකීමෙන් පසු දේශනා කරන ලද දර්ම ශ්‍රවණය කල බොහෝ දෙනෙක්  මගේ ධර්ම ශ්‍රවණය සදහටම නවතා දමා ඇත. ඒ තරමටම රාගය නමැති ධර්මතාවට වැරදි චිත්‍රයක් ධර්ම දේශකයන් විසින් ලබා දී ඇත.

සිද්ධාර්ථ සමග එකදා උපන් ධර්මතා පහක් ගැන සඳහන් වෙයි. ඒවා නම් සිද්ධාර්ථ, යශෝධරාව, ජන්න, කණ්ඨක අශ්වයා සහ බෝඇටයයි. මෙයින් කණ්ඨක අශ්වයා යනු බුරබුරා නැගෙන රාගයයි. සිදුහත් කුමාරයා නේරංජනාවෙන් එතෙර වුයේ (නොඇලෙන තැනකට පැමිණියේ) කණ්ඨක අශ්වයාගේ උපකාරයෙනි.

උම්මග්ග ජාතකයේ පෙන්වන පරිදි කේවට්ටයන්ගේ උපදෙස් පරිදි වේදේහ රජතුමා බ්‍රහ්මදත්ත රජජුරුවන්ගේ දූ කුමරිය (රාගය) සරණ පාවා ගන්නට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ රාජ්‍යට යන්නට සිත් පහළවන්නේ අනාගාමි මාර්ගයෙන් පසුවයි. එය වේදේහ රජ (තන්හාව) ගෙන්වාගෙන මරාදැමීමට කේවට්ටයා කරන උපක්‍රමයක් බව මහෝෂධ පඬිතුමා දනියි. නමුත් මහෝෂධගේ උපදෙස් පිළිනොපදින රජතුමා ගමනට සුදානම් වෙයි. එමනිසා වේදේහ රජතුමා බේරා ගැනීමට මහෝෂධ පඬිතුමා උමඟක් කනියි.
ප්‍රඥාව පහළවී රහත් ඵලය දක්වා යන ගමනේදී කෙලෙස්වල ක්‍රියාකාරිත්වය මෙයින් පෙන්වයි. රාගය මතුනොවුනේ නම් වේදේහ රජ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ රාජ්‍යට යන්න කැමති වන්නේ නැත. එසේ වුයේනම් මහෝෂධ උමඟ කනින්නේ ද නැත. සමහර අවස්ථාවලදී තන්හාව ප්‍රඥාවට එරෙහි වෙයි. වේදේහ රජතුමා මහෝෂධයන්ගේ බස් අසා දූ කුමරිය කැඳවාගෙන ඒමට නොගියේ නම් උම්මග්ග ජාතකය උමඟ කැණීමෙන් තොරවම නිමවෙයි. බොහෝ යෝගාවචරයෝ මුලිනුපුටා දැමීමට වෙර දරන රාගය ආදී කෙලෙස් රහත්ඵලය දක්වා යන ගමනට කොතරම් වැදගත් වේද යන්න මෙයින් මොනවට පැහැදිලි වෙයි.      

පස්වන සතිය අජපල් නුග රුක මුල වාසය කිරීමයි (පංචමන් අජපාලංච). එනම් අනාගාමී පලයේදී ලෝභයෙන්  සහ ද්වේශයෙන් සම්පූර්ණයෙන් නිදහස් ව රුපරාග, අරුපරාග, මාන, උද්ධච්ච ආදී මනෙහි පවතින්නාවූ කෙලෙස් සමග පවතින මෙම සතිය තුල පැවැත්ම වචනයෙන් විස්තර කිරීමට නොයන්නේ එම සතියේ ස්වභාවය තවමත් මවිසින් අත්දැක නොමැති බැවිනි.

            හයවන සතිය ‘මුචලිං දේන ජට්ඨමං’ ලෙස හදුන්වයි. හය වන සතියේ මහා වර්ෂාවක් ඇතිවන බව සදහන්වෙයි. මෙම වර්ෂාවෙන් පෙන්වන්නේ රාග ගින්න සම්පුර්ණයෙන් නිවීමයි. මුචලින්ද සුත්‍රයේ ඒ බව සඳහන් කර ඇත. ගෞතම බුද්ධ මේ සියළුම මාර්ග සහ ඵල සුත්‍ර දේශනා වලින් විස්තර කර ඇත.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් ගන්නා විට මාර්ග සහ ඵල සම්පුර්ණ කිරීමට රාගය ඉතා මහත් වූ කාර්ය භාරයක් ඉටු කරයි. නමුත් ප්‍රඥා ඇස පහළවෙන තෙක් මෙම ධර්ම දැකීමට නොහැකිය. එබැවින් පෘතජන යෝගාවචරයෝ රාගය යටපත් කිරීමට වෙර දරති. 
සත් වන සතියෙන් පෙන්වන්නේ රහත් ඵලයයි. රජායතනය යනු ආයතන 6 න් ( ඇස කන නාය දිව ශරීරය සහ මන) නිදහස් වී මහා ප්‍රඥාව දැකීමයි.

දැකීම තුල වචන නැත. නමුත් මෙතෙක් ඉගෙනගත් ඉන්ද්‍රිය ධර්ම (වචන) හරහා දැකීමේ ස්වභාවය විස්තර කිරීම පහසු නොවෙයි. සත්‍යය පහළවූ පමණින්ම දේශනා හැකියාව පහළ නොවන්නේ එබැවිනි. 

බුද්ධ පහළවිය - by Dr TIssa Senanayake 

බුද්ධත්වයට පසු සිහිය පිහිටුවන අවස්ථා