Google+ Followers

Tuesday, December 31, 2013

Rev;Nakkawatte Asaranasarana buddhaparayana Tero


Rev Nakkawatte Asaranasarana buddhaparayana Thero (Kularatna Nakkawattha)




Rev  Nakkawatte Asaranasarana buddhaparayana Thero
Former Kularatna Nakkawattha
 
on
 
 
Emptyness
බුදුන් වදාළ මහා  සූනයතා  දහම
 
 
 
සිධාර්ථ ගෞතමයාණන් මම ඇතුළු ලෝකය පිළිබදව පර්යේෂණයක් කළහ. එමගින් ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ලැබුහ.එම ගැබුරු අත්දැකීම මෙසේ ඉදිරිපත් කළහ. "ප්‍රක්ඥාවන්තයනි",
මෙහි සිතක්ද නැත, කයක්ද නැත, එමනිසා "මම" කියා අයෙකුද නැත. මෙවැනි ලෝකයක් නැත. පරලොවක් නැත, ඉරක්, හඳක් නැත, මේ සියල්ල අවිද්යාව නිසා සකස් කරගත් මිත්යවන්ය. මෙම මිත්යාධර්ම මොහොතක් මොහොතක් පාසා සමුදය වෙයි. එම සමුදය තුලම නිරෝද වෙයි. එම නිරෝදය එම මොහොත තුලම ප්රඥාවෙන් දකිමින්යන්න. එසේ කරගෙන යාමේදී එක් ක්ෂණයක දී මෙම ලෝකනිරෝඩය ප්රත්යක්ෂවම අත්දැකිය හැකිය. එය සියලෙහි නිවීම දැකීම නොහොත් නිවන් දැකීම නම් වෙයි" යනු එම ගැඹුරු කරුණු දැක්වීමයි.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Truth is a pathless land


Truth is a pathless land
                         -Jiddu Krishnamurti

Relative knowledge

Relative knowledge
requires a subject and an object.
Whereas the awareness of the Self is absolute
and requires no object 
                   - Ramana Mahashi

Ehi Passiko ඇවිත් බලන්න

Sunday, December 29, 2013

එහෙයි, සාදු! කී පමනින්?


හැමෝම එකතු වී සත් ධර්මය මතු කරගනිමු.

කෙනෙකුගේ වචනයක් නිසා තව කෙනෙකුගේ සිත රිදේනම්, සිත කෝපාවිශ්ට වේනම්, සිත දුකට පත්වේනම් පළමු කෙනාගේ වචනය සංවර නැත. එමෙන්ම පළමු කෙනාගේත් දෙවන කෙනාගේත් කිසියම් දුර්වල තාවයක්ද තිබේ. මේ දුර්වලතාවය තමා තාම හදුනා නොගැනීම නිසා ඇතිවන්නක් විය හැකියි. ඉතාමත් අත ලොස්සකගේ හැර අන් සියලු දෙනාගේම මේ දුර්වලතාවය තිබිය හැක. නිසා අප සියල්ලෝම එකම බෝට්ටුවේ අය බව සිතිය යුතුය. මේ නිසා ධර්ම සාකච්චා වලදී අප කිසියම් එකඟතාවයකට ඒමට අවශ්යයි තව කෙනෙකුට අඥානයා, මෝඩයා ආදී ලෙස නොකීමට වග බලා ගැනීමට. මොකද නැත්නම් අපි ධර්ම කරුණු අවබෝධ කරගන්නවාට වඩා කරගන්නෙ ගැටුම් අති කර ගැනීමයි.

අද ලෝකය දෙස බලනවිට පෙනෙන දෙයක් තමයි සෑම දෙයක්ම අස්ථාවරයි. දේශපාලන අස්ථාවරභාවය, ආර්ථික අස්ථාවරභාවය, ආගමික අස්ථාවරභාවය, ජාතීන් වශයෙන් පවතින අස්ථාවරභාවය, දරුවන් සහ දෙමාපියන් අතර පවතින අස්ථාවරභාවය, ගුරුවරුන් සහ ලමුන් අතර පවතින අස්ථාවරභාවය ආදී ලෙස තවත් විවිධ වූ අස්ථාවරභාවයන් ඔබට උවද දැක්විය හැකියි. අපගේ මෙතන අදහස් හුවමාරුවේදීද අස්ථාවරභාවය පවතිනවා.

ඉහත කී ලෝකයේ යථා ස්වභාවය මගේවත්, ඔබගේවත් නැත්නම් වෙනත් කෙනෙකුගේවත් මතයක් නොවෙයි. ඒක තමා ලෝකයේ ඇති සැටිය. අවශ්යනම් කෙනෙකුට මේ යථා ස්වභාවය මතයක් කරගත හැකියි. හැබැයි එය මතයක් කරගනුයේ කාරණය හරියාකාරව නොපෙනෙන නිසාය.

ලෝකයේ පවතින ඉහත අස්ථාවරභාවය එන්න එන්නම දරුණු වෙනව. මේකට හේතුවක් ලෙස මා දකින්නෙ ඊට අවශ් බුද්ධිමය පිළිතුරු අප කිසිම කෙනෙකුගේ දැණුම තුල නොපැවතීමයි. එනම් පොදුවේ මනුෂ් චින්තනය තුල ඊට පිළිතුරු නොමැති වීමයි. අනෙක ඔබ පොඩ්ඩක් හිතල බලන්න අපි ඇස් ඇරගෙන ඉන්න විට අපි හිතනව අපි අවධියෙන් ඉන්නවා කියල. සිහියෙන් ඉන්නවා කියල. මේ සිහියෙන් ඉන්නවා කියලා හිතන කාලයේ අපට තිබෙන ගැටලු කන්දරාව බලන්නකො. ඉහත සදහන් කල සියලුම අස්ථාවරභාවයන් තියෙන්නෙ මේ සිහියෙන් සිටිනවා යැයි සිතෙන කාලය තුලනෙ. නිසා ඇහැරගෙන ඉන්නා මේ මොහොතේ පවා අප ඉන්නේ සිහියෙන්ද යන්න යන සාධාරණ අනුමානයකට අපට එළඹිය හැකියි නේද? එමෙන්ම දැණුම තුල, චින්තනය තුල සිහිහ තිබිය හැකිද යන්නත් යන සාධාරණ අනුමානයකට අපට එළඹිය හැකියි නේද?

මේ නිසා අපට දැන් කිසියම් ස්ථාවරයකට පැමිණිය හැකියි නේද චින්තනය නිසා ඇති වු ගැටලු වලට චින්තනය තුලම පිළිතුරු තිබිය නොහැකි බවට. ඔබ, මම, අරයා, මෙයා, උසස්, පහත්, දුක, සතුට, ඊර්ශ්යාව, ක්රෝධය, වෛරය, මාන්නය, කුහකකම, ... ආදී මේ සියල්ලම පවතින්නේ මේ අප ඇලුම් කරන චින්තනය තුල නොවේද? මෙහිදී වඩා හොද චින්තනයක් හෝ වඩා නරක චින්තනයක් ගැන නොවෙයි මා අදහස්කරන්නේ පොදුවේ සමස්ථ චින්තනයම ගැනයි මා අදහස් කරන්නෙ. මොකද අරයාගේ චින්තනයට වඩා මාගේ චින්තනය හොද යැයි මගේ චින්තනය මට කියයි. මෙතනත් ගැටුම නේද ඇතිවෙන්නෙ. මේ නිසා චින්තනයේ මෙම දෙබිඩි පිලිවෙත අප තේරුම් ගත යුතුයි. මේ නිසා කෙනෙක් තව කෙනෙක්ව හෙළා දැකීමෙන් වැලකී සිටිය යුතුයි.

කෙනෙක් පළමුවෙන්ම ආරක්ෂා කරගත යුත්තේ තමන්ගේ දේය. මේ යටතට තමාගේ මුදල්, දේපල, ශරීරය, ඇස්, ඉස්, මස්, ලේ ආදී විවිධ දේ ඇතුලත් කරගත හැක. කමා බලනුයේ තමාගේ ඇස් තුලින් අනුන්ගේ ඇස් තුලින් නොවේ. නිසා අනුන්ගේ ඇස් ආරක්ෂා කිරීමට වඩා තමා තමාගේ ඇස් ආරක්ෂා කරගත යුතුයි. තමාගේ ඇස් විනාශ කරගෙන තමා කොහොමද අනුන්ගේ ඇස් ආරක්ෂා කරන්න යන්නෙ මොකද ඔබට එතකොට පේන්නෙ නෑනෙ. අනුන්ගේ දේවල් ආරක්ෂා කරන්නට යන කෙනාට කොහොමත් නිදහසක් තිබිය නොහැකියි. මොකද කී දෙනෙක්ගෙ දේවල් ආරක්ෂා කරන්නද? එතකොට කොයින්ද නිදහසක්.

මේ ටික කෙනෙකුට තේරුනානම්, අරයගෙ, මෙයාගෙ, ජේසු හිමිගෙ, මහමද් හිමිගෙ, බුදු හිමිගෙ, ආදී විවිධ අයගෙ දේවල් මොකටද ආරක්ෂා කරන්නේ. අනෙක අය එහෙම කියල නෑනේ. අය දැකපු දේවත් අය ආරක්ෂා කරන්න පෙලඹුනේ නෑනෙ. සමහර විට එසේ ආරක්ෂා කරන්න දෙයක් නැතුවත් ඇති. මෙච්චර කාලයක් අපි නැති දෙයක් ආරක්ෂා කෙරුවාවත්ද? අපි මේවා කොහොමද දන්නෙ. මෙච්චර මේ ගැටලු විසදා ගැනීමට තිබියදී අපි මේ ඇයි භේද ඇති කරගන්නෙ.

බුදුරජාණන් ගේ දර්ශණය තුල පමණයි ධර්මය විමසා බැලීමට, ප්රශ්ණ කිරීමට අවසරය තියෙන්නෙ. එයින් තමා දැනගත් ධර්මය තවත් බබළන බව උන්වහන්සේ දැනගෙන සිටියා. එනිසා එතුමා මෙහෙම අදහසක් ඉදිරිපත් කලා. සත් මැණිකකටත්, අසත් කාන්තාවකටත් උපමා කලා. විවෘ වන්නට වන්නට තමාගේ දර්ශණය මැණිකක් මෙන් බබලන බවත්, විවෘර්ත වන්නට වන්නට අනෙකුත් දර්ශණයන් කාන්තාවක් මෙන් ලැජ්ජාවට පත් වන බවත් උන් වහන්සේ පැහැදිලි කලා.

නිසා තථාගත දර්ශණය තුල විමසා බැලීමට, ප්රශ්ණ කිරීමට තථාගතයන් වහන්සේම අවසරය දීල තියෙනවානම් අවසරයට අභියෝග කරන්ඩ පුලුවන් කාටද?ඒක කරන්ඩ පුලුවන් තථාගතයන් වහන්සේට එරෙහි වන්නන්ටම පමණයි.

මා පුරා අවුරුදු 43 නක් දැනට පවතින තථාගත දර්ශණය අනුගමණය කලා. නමුත් මට එයින් මාව අවබෝධ කරගැනීමට නොහැකි වුනා. නමුත් හොද යැයි සම්මත ක්රමයකට ජීවත් වුනා. නමුත් හොද යැයි සම්මත ක්රමයකට ජීවත් වන්නට අනෙකුත් දර්ශණ අනුගමනය කිරීමෙන්ද පුලුවන්. නමුත් කිසිවකින් තමාව අවබෝධ කර ගැනීමට නොහැකියි. තමා ජය ගැනීම, තමා අවබෝධ කර ගැනීම හැකියාව තිබෙනුයේ මෙම තථාගත දර්ශණය තුල පමණයි. නමුත් ඒව දැන් වැහිලයි තිබෙන්නෙ. හරියට දැන් අර කාන්තාවක් වගේ. නිසා මෙම දර්ශණය විවෘත කරන්නට විමසා බලන, ප්රශ්ණ කරන අයට එසේ කරන්නට ඉඩ හල යුතුයි. තථාගත දර්ශණයට අයිති කාරයෝ නැත.

මේ දර්ශණය අප හැමෝම එකතුවී බබලවන්නට උත්සාහ කරමු.

ස්තුතියි.

සේනක සෝමරත්න
From Dr Senanayaka's facebook.