Google+ Followers

Saturday, December 27, 2014

එපා කීමෙන්/ Don't


Allow the child to:

         Go through the dilution

                  (My toy, my car, my wife...)

         and suffer.

One day He/ She

may see the dilution.

ඇවිත් බැලීමට/දැක ගැනීමට මිස

කියවා/ අසා දැන උගැන ගැනීමට නොවේ.

දරුවාට ලෝකය

(මගේ සෙල්ලම් කාරය,

මගේ කාරය, මගේ බිරිඳ ආදී වශයෙන්)

අත්දැකීමට

දුක් විදීමට ඉඩදෙමු.

තෙම්පරාදුවීමෙන්/

ඇතිතරම් දුක්විදීමෙන්

ඔහු/ ඇය යම් දිනක

මේ මුලාව දැක ගැනීමට ඉඩ ඇත.

එසේ නොමැතිව උගැන්වීමෙන්, ඇසීමෙන්

එපා කීමෙන්, වසා තැබීමෙන්,

නින්දා අපහාසවලට ලක්කිරීමෙන්

සත්‍ය දැකගත නොහේ.

Make me happy ඔබ මගේ එකම ලෝකයයි


Make me happy

You are my world

You are always on my mind

Unhappiness- the cause is the expectation (thought)

Not the situation.

වසර ගණනක ප්‍රේමයෙන් පසු,
කේන්දර/ පොරොන්දම්  බලා,

සුභ නැකතට,

පෝරුවේ නැග,

මංගල මුදු ඇත පැළද

පොතේ අත්සන් කර

කරකාර බැදී

ඔබ මගේ එකම ලෝකයයි

මියයන තුරා මාව සතුටින් තබන්න

(ප්‍රාර්ථනාව) බලාපොරොත්තුව අපව දුකට පත්කරයි

opportunity අනගි අවශ්ථාවක්


Wonderful opportunity to accept and surrender
එක පියවරක් ආපස්සට ගැනීමට අකමැති,

වරදක් පිළිගෙන සමාවගැනීමට තරම් නිහතමානිකමක් නොමැති,

මම බලාපොරොත්තු වූ විදියටම සියල්ල සිදුවියයුතුයයි සිතන,

අපිට

එය කුමක් වුවද

නිහතමානිව පිළිගැනීමට පුරුදු කරන,

ඊට යටහත් පහත් වීමට හුරුකරණ

අනගි අවස්ථාවකි
රථවාහන තදබදය

Friday, December 26, 2014

Make me happy



Do not expect

The world

(Parents,Children,

Friends etc),

to make you happy

මේ මැරිලා ඉන්නේ මගේ අම්මා!






 
 
 
 
දුක් සෝ තැවුල් වලින්

මිනිසුන්ගේ සිත් සතන්

පහන් කිරීමට

සමත් හිමි නමක්

පන්සලක  වාසය කළා.

දිනක් පන්සල

දෙකවෙන්නට මේ

හිමිනම හඬා

වැලපෙන්නට පටන්ගත්ත.

දායක: ඇයි, ලොකු හාමුදුරුවනේ

මොකද වුනේ?

හාමුදුරුවෝ: මගේ අම්ම නැතිවෙලා.

කියමින් හඬා වැලපෙනවා.

මිනිසුන් පන්සලට එක් රොක්

වන්නට පටන්ගත්තා.

දායක: හාමුදුරුවනේ ගමේ

මිනිස්සු ඇවිල්ල..

හිමිනම දිගටම මර ලතෝනි

දෙමින් හඬයි.

දායක: හත් දෙයියනේ, ඔය ඇඬිල්ල

නවත්තන්න. විලිලැජ්ජාවේ බැහැ.

හාමුදුරුවෝ: යකෝ, මේ මැරිලා ඉන්නේ

මගේ අම්මා!

Thursday, December 25, 2014

මිය ගිය අතීතය Past is dead






මිය ගිය අතීතය

සිහිපත් කරමින්

හඬා වැටෙනු කිම?

තවමත් නොඉපදුණු

හෙට දින

වෙනුවෙන්

සිහින මවන්නේ

ගිලිහුණු අත්තීතයේ

මතකයන් යටපත්කර

හෙටක් වෙනුවෙන්වෙහෙසවීමට

අවශ්‍ය ජීවන  ශක්තිය

ලබාගැනීමටද?

බුදුපියානන්වහ්න්සේ

මහත් කරුණාවෙන්

අපට පවසන්නේ

මේ දෙකම

(අතීත/ අනාගත සිතුවිලි)

මායාවක් බවත්,

එය දුකට හේතුවන නිසාත්

ඉන් මිදී

ජීවය ගලායන

මේ ක්ෂණයට එක්වන ලෙසය.

එවිට හෙට දවසේ

ගැටළු  විසදීමට

අලුතින්, අමුතුවෙන්

කළමනාකරණ ශිල්පීය ක්‍රම

ආනයනය කිරීමට

අවශ්‍ය නොවේ.

Unhappiness


'The primary cause of unhappiness
 is never the situation
but your thoughts about it.'

                                  - Eckhart Tolle

Monday, December 22, 2014

දුක වේදනාව Pain and suffering



සතුට සොම්නස දැනෙන තරමටම,

අප ජීවිතය

දුක වේදනාවටද විවෘතය.

ජීවිතය යටින් හැම විටම

ගලාගෙන යන්නේ

සියුම් දුක් වේදනාවකි.

බාහිර පෙනුම වෙනස්කිරීම තුලින්

මේ ජීවිතය වඩාත් යහපත්,

සැහැල්ලුදායක එකක් කල හැකිය

යන විශ්වාසය ,

අප එදිනෙදා කරන කියන

හැම කටයුත්තකටම

අවශ්‍යකරන ශක්තිය ලබාදේ.

Wednesday, December 10, 2014

කිසිඳු බලාපොරොත්තුවක් නැතිව


It is the highest form of love

Where

Nothing is asked for

No condition

Where

One simply enjoys giving.

ඔහු/ ඇය කවුරු වුවද කම් නැත

කිසිඳු බලාපොරොත්තුවක් නැතිව

කළහැකිනම් පමණක්

උදව් කරන්න.

එවිට,

දුකක්, කනගාටුවක්

පසුතැවීමක්
ඇති නොවේ.

Tuesday, December 9, 2014

Awake from thoughts

Awake from thoughts.

සිතූවිලි වලින් අවදිවන්න.

Saturday, November 29, 2014

Worship it cos its the beauty of existence





එයට වන්දනා මාන කලාට කම් නැත.

ඒ සොඳුරු සොභාදහමේ පැවැත්ම බැවිනි.

ඔබද, මාද එවැනීමය.

ඒ බවක් නොදන්නේ, නොදැනෙන්නේ,

ඔබත්, මමත් මෙතන නොව,

අතීතයේ හෝ අනාගතයේ සිරවී සිටින බැවිනි.

Wednesday, November 26, 2014

අනාරක්ෂිතභවේ ප්‍රඥා සම්පත්තිය


අනාරක්ෂිතභවේ ප්‍රඥා සම්පත්තිය

කුතුහලයෙන්, බියෙන්, සහ සැකයෙන් පිරුණු
සමාජයකට (ජීවිතවලට)
දෙනු ලබන කදිම පණිවුඩයකි.

Sunday, November 16, 2014

The self is a problem that thought cannot resolve


The self is a problem that thought cannot resolve.
There must be an awareness which is not of thought.
To be aware, without condemnation or justification, of the activities of the self -
just to be aware - is sufficient.
                                                    Krishnamurti

මේ ක්ෂණයට කෘතවේදී වන්න


එය කවරක් වුවද, ඔබ මේ ක්ෂණයට, මේ දැන් සිටින තත්වයට ගරු කරන්නේනම්, කෘතවේදී වන්නේනම් නම් පමණක්, ඔබට සතුටින්, සැහැල්ලුවෙන් සිටිය හැකිය.

Friday, November 14, 2014

All are happy, except man


සතා, සිව්පාවෝ සතුටින් දිවිගෙවනවා.

ගහ, කොළ, මල් සතුටින්,

නැවුන්බවකින් පසුවෙනවා .

කුරුල්ලෝ සැහැල්ලුවෙන්, සතුටින් සිටිනවා.

සියලුම ජීවින් සතුටින්, සිනහවෙන් ජීවත් වෙනවා.

මිනිසා පමණක්

ඉතාම දක්ෂ ලෙස අනුනටත්, තමනටත්

දුක ඇතිකරනවා.

හැමෝගෙම සතුට විනාස කරනවා.

එහෙත්, මිනිසා තරම් කුශලතා පිරිපුන් කෙනෙක් තවත් නැහැ.

Friday, November 7, 2014

ජීවිතයේ තේරුම Meaning of life


ජීවිතයේ තේරුම ජීවත්වීමයි.

එය ඉතාමත්ම සැහැල්ලුය.

ඉස්පාසුවකින් යුක්තය.

මග දෙපස ගහ, කොල, මල් වල පවා සුන්දරත්වය දැක ගනී.

එසේ නමුත්, බොහෝදෙනා ලොකු කලබලයකින්,

නොඉවසීමකින්, ඔලුව බරකරගෙන,

එහෙ, මෙහෙ දුවයි.

දැඩි වෙහෙසකින් යුතුව සොයනවා.

පීඩාවට පත්වෙලා.

ජීවිතය විදවනවා.