Google+ Followers

Wednesday, March 12, 2014

සාසනය රැකීමට විශේෂ වැඩ පිළිවෙත් කිම



මනුෂ්‍ය වාසයක් පවතින තාක් කල් මෙසේ කටපාඩමින් හෝ පොත්පත් හරහා පැවැත එන්නාවූ බුද්ධ සාසනය ද පවතියි. ත්‍රිපිටක ධර්ම ප්‍රගුණ කල අය සාසනයේ හිඟ නොවෙයි. ගෞතම බුද්ධ පහල වීමට පෙරද මේ බුද්ධ සාසනය තිබිණි. ප්‍රඥාව පහල වී නොමැති කල ධර්ම දේශකයන් වහන්සේලා තමන් පිලිගත්තා  වූ ලෞකික ධර්ම වලින් ම  මේ ත්‍රිපිටක ධර්මයද  දේශනා  කරයි, ප්‍රගුණ කරයි.  සීල භාවනා ආදී තමන් දන්නා ලෞකික ධර්ම හරහා ම තමන් ඉගෙන ගත් ධර්ම ධාරණය කර ගනීයි, පිලිපදියි, කායික සහ මානසික වීර්ය වඩා ප්‍රගුණ කරයි.

බුද්ධ පහල වී වෙනස් දර්මයක් දේශනා කරන්නේ නැත. ඒ වෙනුවට එතෙක් පැවැත ආ සුත්‍ර ධර්ම තුලින් සත්‍ය පෙන්වා දෙයි. ඒ තුලින් ඥාන වන්තයෝ ප්‍රඥාව පහල කරගනියි. සත්‍ය දකියි.
                                                                        -තිස්ස සේනානායකයන්