Google+ Followers

Saturday, July 12, 2014

බුද්ධ පහල වී ධම්ම චක්ක පවත්වන සුත්‍රය දේශනා කල වගයි.

ධම්ම චක්ක පවත්වන සුත්‍රය යනු බුද්ධ පහල වූ බව ලෝක සත්වයාට  හෙළිදරවු කරන සුත්‍ර දේශනයයි.  ධම්ම චක්ක පවත්වන සුත්‍රය දේශනා කල හැක්කේ බුද්ධ පහල වීමෙන් පසුව පමණයි. එතෙක් අන් බුදුවරයෙකු දේශනා කල සුත්‍රය කටපාඩමින් සජ්ගායනා කිරීම පමණක් සිදුවෙයි.

අද ඇසල පුරපසළොස්වක් පොහොදිනයයි. තමා විසින් පහළකර ගත්, දකින ලද, ගමන කරන ලද තථාගත මාර්ගය මෙසේ සාරාංශ කොට දේශනා කර...මි.

ඉන්ද්‍රියන් විසින් පංච උපාදානස්කන්ධය සේවනය නොවන්නාවූ අන්ත දෙකක් ඇත (ද්වේ මේ භික්ඛවේ, අන්තා පබ්බජිතෙන න සේවිතබ්බා). මේ අන්ත දෙක නම් කාමසුඛල්ලිකානුයෝගය සහ අත්තකිලමතානුයෝගය වෙයි. මෙම අන්ත එදා සිට අද දක්වාම සත්‍යය (නිවන) සොයන්නාවූ සත්වයා විසින් අනුගමනය කරන්නාවූ අනාර්ය වූත් තමන්ට සහ අනුන්ට වැඩක් නැති පෘතජනයන් විසින් අනුගමනය කරනු ලබන අන්ත දෙකකි.

මේ අන්ත දෙක අභිබවා ගිය මජ්ඣිම ප්‍රතිපදාව මට විවෘත විය. මේ මාර්ගයෙන් දහම් ඇස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.
දුක්ඛ ආර්ය සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය සහ මාර්ග සත්‍යය දැකීම සිදුවිය. ආර්යාෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරමි. සම්මා දෘෂ්ඨිය පහළවිය, සම්මා සංකප්ප පහළවිය, සම්මා  වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජිව පහළවිය. තවමත් මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල ගමන සිදුවෙයි.

මෙසේ පහල කරගත්තාවූ තථාගත මාර්ගය මවිසින් දේශනා කරමි. මවිසින් පහල කරනොගත් යම් ත්‍රිපිටක ධර්මයක් හෝ ගෞතම බුදුන් වහන්සේ දේශනා කල ධර්මයක් දේශනා නොකරමි.

මවිසින් දේශනා කරන ධම්ම චක්ක පවත්වන සුත්‍රය ඇස පහල කරගැනීම සඳහා මිස අවබෝධ කරගැනීමට හෝ පිළිගැනීමට නොවෙයි. අවබෝධයෙන් හා පිළිගැනීමෙන් ඇස පහල නොවන්නේය.

ආචාර්ය තිස්ස සේනානායක