Google+ Followers

Friday, December 26, 2014

මේ මැරිලා ඉන්නේ මගේ අම්මා!






 
 
 
 
දුක් සෝ තැවුල් වලින්

මිනිසුන්ගේ සිත් සතන්

පහන් කිරීමට

සමත් හිමි නමක්

පන්සලක  වාසය කළා.

දිනක් පන්සල

දෙකවෙන්නට මේ

හිමිනම හඬා

වැලපෙන්නට පටන්ගත්ත.

දායක: ඇයි, ලොකු හාමුදුරුවනේ

මොකද වුනේ?

හාමුදුරුවෝ: මගේ අම්ම නැතිවෙලා.

කියමින් හඬා වැලපෙනවා.

මිනිසුන් පන්සලට එක් රොක්

වන්නට පටන්ගත්තා.

දායක: හාමුදුරුවනේ ගමේ

මිනිස්සු ඇවිල්ල..

හිමිනම දිගටම මර ලතෝනි

දෙමින් හඬයි.

දායක: හත් දෙයියනේ, ඔය ඇඬිල්ල

නවත්තන්න. විලිලැජ්ජාවේ බැහැ.

හාමුදුරුවෝ: යකෝ, මේ මැරිලා ඉන්නේ

මගේ අම්මා!