Google+ Followers

Thursday, December 25, 2014

මිය ගිය අතීතය Past is dead






මිය ගිය අතීතය

සිහිපත් කරමින්

හඬා වැටෙනු කිම?

තවමත් නොඉපදුණු

හෙට දින

වෙනුවෙන්

සිහින මවන්නේ

ගිලිහුණු අත්තීතයේ

මතකයන් යටපත්කර

හෙටක් වෙනුවෙන්වෙහෙසවීමට

අවශ්‍ය ජීවන  ශක්තිය

ලබාගැනීමටද?

බුදුපියානන්වහ්න්සේ

මහත් කරුණාවෙන්

අපට පවසන්නේ

මේ දෙකම

(අතීත/ අනාගත සිතුවිලි)

මායාවක් බවත්,

එය දුකට හේතුවන නිසාත්

ඉන් මිදී

ජීවය ගලායන

මේ ක්ෂණයට එක්වන ලෙසය.

එවිට හෙට දවසේ

ගැටළු  විසදීමට

අලුතින්, අමුතුවෙන්

කළමනාකරණ ශිල්පීය ක්‍රම

ආනයනය කිරීමට

අවශ්‍ය නොවේ.