Google+ Followers

Wednesday, January 29, 2014

being happy දුක් පීඩාවලින් තොරව ජීවත්වීමට

Every living being longs always to be happy, untainted by sorrow and everyone has the greatest love for him self, which is solely due to the fact that happiness is his [her] real nature.
හැම ජීවියෙක්ම සතුටින් සිටීමට කැමතියි. දුක් පීඩාවලින් තොරව ජීවත්වීමට කැමතියි. හැම කෙනෙක්ම තමන්ට ආදරෙයි. ඒ සතුට, ඔහුගේ නැතිනම් ඇයගේ සැබෑ ස්වභාවය නිසා.         -Ramana Mahashi

Saturday, January 25, 2014

Friday, January 24, 2014

බොරැව බව දැන දැනත්


ආගමික ස්ථාන  වල මුලුමනින්ම කෙරෙන්නේ

බොරැව බව දැන දැනත්   ඔබ ඇයි

සත්‍ය  ගවේෂණයක නොයෙදෙන්නෙ?

සමාජයේ කොන් වීමට/ හෑල්ලුවීමට ඇති  බිය නිසා.

බුද්ධ මාර්ගය සහ ගුරු මාර්ගය


බුද්ධ මාර්ගය සහ ගුරු මාර්ගය

  ගුරුවරයා ලෞකික දර්මයක් පිළිගන්නෙක් බැවින් ලෝකෝත්තර වූ නිවන සොයා යන්නට උපදෙස් දෙන්නේ ද යම් ලෞකික දර්මයක් පිළිගැනීම තුලිනි. දර්ම පිළිගත් ගුරුවරයා එම දර්ම පිළිගැනීම සහ අනුගමනය කිරීම තුලින් ම සත්‍ය සොයති. මෙම ක‍්‍රියා දාමය තුල කායික සහ මානසික වීර්යය යම් තරමකින් හෝ ඇත.

 

යමෙක් ලෝකයෙන් එතෙර වූ බුද්ධ දකින්නේ, දර්ම පිලිපැද අනුගමනය කිරීමෙන් බුදුන් දකින්නට නොහැකි බව දැකීමෙනි. එම නිසා බුදු කෙනෙක් ඉන්ද‍්‍රියන් හරහා ග‍්‍රහනය කරගත් දර්ම හරහා සත්‍ය දකින්නට තවත් කෙනෙකුට උපදෙස් දෙන්නේ නැත. ගුරුවරයෙක් දේශනා කරන දර්ම පිළීගැනීමෙන් හෝ ප‍්‍රතික්‍ෂෙප කිරීමෙන් සත්‍ය සොයා යන ස‍්‍රාවකයාට බුදු කෙනෙක් දේශණා කරන දර්ම පිළිගැනීමෙන් හා ප‍්‍රතික්‍ෂෙප කිරීමෙන් තොර වූ මැද මාර්ගය දැකීම පහසු කරුණක් නොවෙයි.

 

 බුදුන්ගේ මාර්ගය තුල වීර්යයක් නැත. නතර වී සිටීමක් ද නැත. දර්ම අනුගමනය කිරීමක් හෝ පිළීගැනීමක් නැත. එය දැකීමකි. මෙවැනි වූ මාර්ගයක් බුදුන් දේශණාකරන විට එවැනි වූ මාර්ගයක් දකින්නට තරම් ප‍්‍රඥාව නොමැති අය බුදුන්ගේ මාර්ගය ට එරෙහි වීම පුදුමයට කරුණක් නොවෙයි. අනෙක් අතට ගුරුවරයා යම් ක‍්‍රියා මාර්ගයක් කියාදෙන විට අනුගාමිකයාට මිය යන තුරු කිරීමට යම් කාර්යයක් ඇති බැවින් බොහෝ දෙනෙක් ගුරු මාර්ගයම අනුගමනය කිරීමට කැමති වෙති.   

තිස්ස සේනානායක

comments

"නිකං සිටියාම බුදුන් දැකිය හැකි බවයි." isn't this also an extreme? the effort/ tiring is one end and doing nothing is other end..... that is what Ogah Tharana sutta says......

Tissa: yes, you are right නිකන් හිටියොත් ගිලෙනවා උත්සාහ කලොත් සුලියට (සංසර චක්‍රයට) අහුවෙනවා. අන්ත වලට නොවැටී ගමන යන්න ඕන. මෙය ඉතා පැහැදිලි ගමනක්. සැක ඇතිකර ගත්තට කමක් නැහැ. නමුත් මෙම මාර්ගය විවුර්ත වෙලයි තියෙන්නේ.

I think every one know what happened to this small monk (who was unable to memories single damma.) when he is repeating this above sentence many time by robbing a clear cloth by his hand. Cloth got dirty and at last he saw the Vision.

Yes good point Upul. The Chulla panthaka monk used effort to remove the keles (Rajo Haranan) by rubbing the cloth. Finally he has seen that when he uses the effort to remove the keles, the keles are raised again and again by seeing the dirty cloths. He has seen that he cannot remove the keles by any effort.

People do the effort to see the truth until see ‘the effort is useless’ to see the truth.

ඔවු ජීවන මාර්ගය ,දහම ෙදකක් ෙනාව ඒකකි." නමුත් ජීවන මාර්ගය සහ ,දහම තුල සත්‍ය
නැත.

කැකිල්ලේ රජ්ජුරුවෝ 'Aarabatha'-->'Nikkamatha'-->'Unjatha'-->'Buddha Sasane'

කැකිල්ලේ රජ්ජුරුවෝ නතරව වීම් <==> Deep Sleep state <==> Kamma Watta.
මැද මාර්ගය <==> Dream Sleep state <==> Vipaka Watta.
ඉදිරියට යාම <==> Awake state <==> Klesha Watta.

Amila Hewagama Ananda@ "මම අදහස් ක ෙළ් ඔනෑම මාර්ගයකට අවතීර්ණවීමට යා යුතු පාර ෙම් යන ගමන තුළින් බවයි."

ඔබගේ මග කුමක්දැඉ මම නොදනිමි. නමුත් බුදුන් මාර්ගය දැනුමට ඔබ්බෙන් ඇත. එය මේ ලෝක ධර්මවලට හසු නොවේ.

 

කැකිල්ලේ රජ්ජුරුවෝ බුදුන් මාර්ගය = 'Eaa Soo A Maggo Na-Attha Na-Agnna' = There is No one called 'I' or 'You' in this Path.

කැකිල්ලේ රජ්ජුරුවෝ Why Dream Sleep State is 'මැද මාර්ගය'? That is because you can see our dreams are nothing but shadows we collected from our Awake State. But when we are in Dream Sleep our consciousness in not there. We do not know that we exist or not, we do not know whether we breath or not. If one can see The World As It Is that is Called Vidarshana. If one who is in Vidarshana see the world as shadows (shadows of light & dark). In Dream Sleep you can do anything, you can fly, you can run, you can jump from a building, someone can hit you, BUT nothing will happened to you. Why Gutama Buddha said ''Vipaka Watta'? that is because you will not collect any Kamma in this state. This is the Middle Path.

Ananda Wijayaratna Upul good explanation.
What about your "Anuppatthy Dahama" can you explain to me as....

Ananda Wijayaratna උපුල්,ඔබත් අනුෙසා්තගාමී ෙවලා ව ෙග්.ශ්‍රද්ධාව,භක්තිය ඔබ නිවරද මගින් අෑතට ෙගනයයි.කවුරැ කීවත් පිළිගන්න ඒපා.ඔබම දකින්න.ඔෙබ්
"ර ෙඡා් හරනං".....විගුහය හරි.


Senaka Somaratne පිළිගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම පවතින දැණුමට සාපේක්ෂක බව මට ඉතාම පැහැදිලියි. ඒ දෙකෙන්ම සිදුවනුයේ දැනටමත් දන්නා දෙයක් තව දුරටත් තහවුරු කර ගැනීමක්ම තමයි. නමුත් දැණුම නැමති සිරගේ සිර වී සිටින මට ධර්මය දැකීමට උත්සාහ කිරීමත් උත්සාහ නොකිරීමත් (ඕඝ තරණ සූත්‍රයට අනූව) යන කාරණය අලුත් තත්ත්වයක්, සිතා ගැනීමට අපහසු තත්ත්වයක් බව තමයි හැගෙන්නෙ. නමුත් උත්සාහ කිරීමත් උත්සාහ නොකිරීමත් යන කාරණය පුද්ගල බද්ධ බවද පැහැදිලියි (අර කැරකෙන කූඩුවේ ලේනා වගේ හැමදාම එකම තැන). ඒ නිසා ඕඝ තරණ සූත්‍රය ප්‍රතික්ෂේප කිරීමටද නොහැකියි. මාගේ ඇස් ඇර ගන්නට මෙය තව දුරටත් පැහැදිලි කරල දෙන්න ඔබට හැකි කමක් තිබේද?

ස්තුතියි.

Ananda Wijayaratna Senaka, "තහවුරු කර ගැනීමක්ම තමයි....." යනුද පිළිගැනීමකි.ප්‍රතිචාර නොදක්වා සිටීම මින් අදහස් නො වේ.මිනිසුන් වශයෙන් ගස්,ගල් වගේ ඉන්න තිබෙන අමාරැව වටහා ගන්න.ඉන්ද්‍රිය ඇත්නම් එසේ සිටීම නොකළ හැක.සිත ත්තුළ ප්‍රතිචාරයක් ඇතිවෙ.එනිසා ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නෑ කියා සිටිමු.හැබයි අවදියෙන්.
වෙන විදිහක් වචන තුළින් කෙසේ කියන්නද නොතේරේ.තිස්ස යම් අදහසක් ඔබට දේවි.

Tissa Mahima Senanayake @Senaka "පිළිගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම පවතින දැණුමට සාපේක්ෂක බව මට ඉතාම පැහැදිලියි."

ඔබේ පැහැදිලි බව දැකීමක් බවට පරිවර්තනය වෙන්නයි ඕන. එය ඔබට අවශ්‍ය විදියට කරන්න බැහැ. දර්ශනයට පසු සත්‍ය දුටු කෙනෙක් නැහැ. දර්ශනයට පෙරත් සත්‍ය සොයා යන කෙනෙක් නැහැ.

Tissa Mahima Senanayake යමක පැහැදිලි බව ඉන්ද්‍රිය ගොචරයි. නමුත් දැකීම ඉන්ද්‍රිය ගොචර නොවෙයි.

Ananda Wijayaratna "පිළිගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම නොකර සැඩ පහර තරණය කරන්නේ
දැකීමෙන් මිස එසේ කිරීමෙන් නොවේ කීවොත් මම හරිද තිස්ස?

Tissa Mahima Senanayake yes you right. අපගේ ප්‍රමාදය කුමක්ද? එය අපේ උත්සාහයයි. විර්යය කරන තාක් කල් ප්‍රමාදයි. කිසිවක් නොකර සිටියොත් එයත් ඔබේ ප්‍රමාදයයි. කාලයට අසු වෙන්න එපා. සත්‍ය දකින්න වීර්ය කලොත් කාලයට අසුවෙයි. ආනන්ද වෙන්න.

Tissa Mahima Senanayake ඉන්න ගමන් ප්‍රශ්නයක් දෙකක් සාකච්චා කරන්න. තර්ක කරන්න. ගමන යන්න, ඇඟට ගන්න එපා. club එකට ගිහින් පොඩි game එකකුත් කරන්න.

Ananda Wijayaratna ඇත්තටම ඒකම තමයි අත් දකින සැනසීම නිවන මේ මොහොතෙම.

Tissa Mahima Senanayake ඇත්තටම....

Tuesday, January 21, 2014

The power of now මේ ක්ෂණය


The power of now;
මේ ක්ෂණය මිස මියගිය අතීතය හෝ නුපන් අනාගතය වැදගත්නොවේ. අතීතය සහ අනාගතය යනු සිතුවිල්ලක් පමණි.  අපගේ කිසිදු පාලනයකින් තොර කාලයේ අතරමං වීමෙන්, උදාවනුයේ  දුක වේදනාව පමණි
Its core message is that people's emotional problems are rooted in their identification with their minds as who they are. The author writes that an individual should be aware of their "present moment" instead of losing themselves in worry and anxiety about the past or future.

According to the book, only the present moment is important, and both an individual's past and future is created by their thoughts. The author maintains that people's insistence that they have control of their life is an illusion "that only brings pain". The book also describes methods of relaxation and meditation to aid readers in anchoring themselves in the present. These suggestions include slowing down life by avoiding multi-tasking, spending time in nature, and letting go of worries about the future. Some of the concepts contained in The Power of Now, such as the human ego and its negative effects on happiness, are further elaborated in the author's later books, in particular A New Earth: Awakening to Your Life's Purpose (2005).
 

Sunday, January 12, 2014

Your nature is bliss


Your nature is bliss.
ඔබ ස්වභාවයෙන්ම සතුට, සැනසීම උරුම කර ගත්තෙකි.
ඒ සදහා වැයම් කිරීමේ (stress)  කිනම් අවශ්‍යතාවයක්ද?

In dreamless sleep there is no world, no ego and no unhappiness,
but the Self remains. I
n the waking state there are all of these.
Yet there is the Self.
One has only to remove the transitory happenings
in order to realize the ever-present beatitude of the Self.

Find that on which all the rest are superimposed
and you then remain as the pure Self.

                                                -Ramana Mahashi

ධර්මය පිළිගත යුත්තේ කෙසේද?

ධර්මය පිළිගත යුත්තේ කෙසේද?

January 8, 2014 at 7:06pm
2014/01/05 දින රිවිර ඉරිදා සංග්‍රහයේ පලවූ ලිපියකි.


විවිධ ශාතෘවරුන් දේශනා කල ධර්ම ශ්‍රවනය කර එම ධර්ම පිළිපැදීමෙන් හෙම්බත් වූ කුරු රට කාලාම වැසියන් උදෙසා මේ කාලාම සුත්‍ර දේශනාව කර ඇත. මෙම සූත්‍රයේ බුදුන් වහන්සේ දස ආකාරයක පිළිගැනීම විවාදයට භාජනය  කරයි. එනම්
  1. ඇසීමෙන්
  2. පරම්පරාවෙන් ආ බව කීමෙන්
  3. පොත් පත්වල සඳහන් වූ පමණින්ම
  4. මෙසේ යැයි කී පමණින්
  5. ශ්‍රමණයින් කී පමණින්
  6. සුදුසුකම් සැලකීමෙන්
  7. තර්කයට එකඟ බැවින්
  8. න්‍යායට එකඟ බැවින්
  9. එහෙම නිසා
10.  තම දෘෂ්ටියට එකඟ නිසා පිළිගැනිම, මෙම කරුණු දහයයි.

ඉහත දැක්වෙන දස ආකාරයකට ධර්මය පිළිගැනිමෙන් මිනිස් සත්වයා දුකට පත්වෙන බව මෙම සූත්‍රයෙන් පෙන්වා දෙයි. මේ දස ආකාරය හැරුණ විට ධර්මය පිළිගත හැකි වෙනත් ආකාරයක් තිබේද යන්න ප්‍රශ්නයකි. බොහෝ දේශක තුමන්ලාගේ ධර්මයට අනුව, අසන දේ තමන්ගේ බුද්ධියෙන් පරීක්‍ෂාකර බලා පමණක් පිළිගත යුතු බව බුදුදහමෙහි එන මූලික ඉගැන්වීම බව කියවෙයි. තමන්ගේ බුද්ධිය නිර්මාණය වී ඇත්තේ අනුන්ගෙන් අසා පිළිගත් ධර්ම වලිනි. දැනගත් ධර්මයක්, පිළිගත් ධර්මයක් නොමැති තැන බුද්ධියක් ද නැත. එබැවින් බුද්ධිය තුල ඇත්තේ දෘෂ්ඨියකි. එය ඉන්ද්‍රිය පිළිගැනීමකි. ගණිතයේ සහ විද්‍යාවේ පදනම වන්නේ ද මේ දෘෂ්ඨියයි. එමනිසා තමන්ගේ බුද්ධියෙන් පරික්ෂා කර පිළිගැනිම යනු තම දෘෂ්ඨියට එකඟ වූ පිළිගැනීමකි (අංක 10). අනෙක් අතට තමන්ගේ බුද්ධියෙන් පරික්ෂා කරන්නේද තර්කයෙනි. එවිට එතන පිළිගන්නේද තර්කයට එකග වන බැවිනි (අංක 7).

බුද්ධ හැර අන් සෑම සාතෘවරයෙක්ම යම් ධර්මයක් දේශනා කර එම ධර්මය ප්‍රගුණ කිරීමට අනුගාමිකයාට උපදෙස් දෙයි. අනුගාමිකයා එම උපදෙස් පිළිගෙන ධර්ම ප්‍රගුණ කරයි. එවිට කාලාම සුත්‍රය ඔවුන්ගේ දේශනාවන්ට පටහැනි වන බැවින් මේ සාතෘවරු කරන්නේ කාලාම සුත්‍රය තමන්ට අවශ්‍ය ආකාරයට ප්‍රතිසංස්කරණය කර දේශනා කිරීමයි. ‘විමසා බලා පිළිගැනීමට උපදෙස් දීම’ එවැනි සංස්කරණය කරන ලද ගුරු දර්මයකි. ඉන්ද්‍රිය මුලාවෙන් ග්‍රහණය කරගත් ධර්මයක් ඉන්ද්‍රිය මුලාවෙන් පැනනැගුන බුද්ධියෙන් විමසා බලා පිළිගැනීම බුද්ධ වචනය වන්නේ කෙසේද?

බෞද්ධයන් වන බොහෝ දෙනෙක් නිවන් දැකීමේ පරමාර්ථයෙන් පන්සිල් අටසිල් ආදී සිල්වෘත, විවිධ භාවනා ක්‍රම, චින්තනයෙන් නිදහස් වීම, මනසින් සියල්ල අතහැරීම ආදී ධර්ම අනුගමනය කරන බව අපි දනිමු. මේවා ගුරුවරුන්ගෙන් හෝ ත්‍රිපිටක ආදී පොත්පත් වලින් හෝ අසා කියවා දැනගෙන පිළිගත් ධර්ම වෙයි. පිළිගැනීමෙන් තොර අනුගමනය කිරීමක් නොමැති බැවින් ධර්ම අනුගමනය කරන්නේ ද පිළිගැනීමෙනි. අනෙක් අතට කාලාම සුත්‍රය ද ඔබ දැනගත්තේ ඇසීමෙන් හෝ පොත්පත් වලින් බැවින් එයද ප්‍රශ්න කිරීමට භාජනය වෙයි. කාලාම සුත්‍රය පිළිගතහොත් අනෙකුත් සුත්‍ර දේශනා පිළිගැනීම විවාදයට භාජනය වෙයි. එසේම කාලාම සුත්‍රය ‘පිළිගැනීම’ ප්‍රතික්ෂේප කරන බැවින් කාලාම සුත්‍රය පිළිගතහොත් එය කාලාම සුත්‍ර දේශනාවට ම පටහැනි වෙයි. මේ අනුව බලන කල බුදුන් වහන්සේ දේශනා කල දර්මය කුමක්ද යන්න කෙනෙකුගෙන් අසා දැනගත නොහැක. බුද්ධ වචනය යනු අවබෝධකරගත හැකි ධර්මයක් ද යන ප්‍රශ්නය ද මෙතැනදී පැනනගියි.

ගුරුවරයා විසින් “විමසා බලා මගේ ධර්මය පිළිගන්න” යයි දේශනා කරන විට ශ්‍රාවකයා සිතන්නේ තම ගුරුවරයා දේශනා කරන ධර්මය සත්‍ය බවත් එම සත්‍යතාව තහවුරු කරගැනීමට විමසා බලා පිළිගන්නා ලෙස දේශනා කරන බවත්ය. තමන්ගේ ඉන්ද්‍රිය ගෝචර බුද්ධියෙන් ගුරුවරයාගේ ධර්මයේ සත්‍යතාව තහවුරු කරගැනීමේ අවසාන ප්‍රතිපලය නම් ගවේෂණය අතරමග නතර වී ගුරුවරයාගේ ධර්මය පිළිගැනීමයි. ගුරුවරයා ද තමන් දේශනා කරන ධර්මය සත්‍ය බව පිළිගන්නා බැවින් ඔහුට අවශ්‍ය වන්නේ ද තමන්ගේ ධර්මය අනුගාමිකයා තුල තහවුරු කිරීම පමණි.

විමර්ශනයත් ගවේෂණයත් අතරමග නතරවෙන බැවින් පිළිගැනීම තුලින් අවසානයක් කරා යා නොහැක. අනෙක් අතට යමෙක් විමර්ශනය කරන්නේද තමන් මෙතෙක් අසා දැනගෙන පිළිගත් ධර්මතා වලින් බැවින් ගවේෂණය ආරම්භ කිරීමට තමන් යම් ධර්මයක පිහිටිය යුතුය. නමුත් යම් ධර්මයක් පිළිගැනීමෙන් විමර්ශනය හෝ ගවේෂණයක් ඇති නොවන බව ඔබටම පැහැදිලි වී ඇතයි මම සිතමි. එසේනම් මේ ගවේෂණය ආරම්භ වන්නේ කෙසේද? විවිධ සාතෘවරුන් බිහිවීමේ ප්‍රතිඵලයක් ලෙස එකිනෙකට වෙනස් වූ පරස්පර විරෝධී වූ දර්ම ශ්‍රවනය කිරීමට අවස්ථාව ලැබීම තුලින්ම මේ ගවේෂණය ආරම්භ වෙයි. ගෞතම බුදුන් වහන්සේ කාලාම සුත්‍රය දේශනා කරන විට කාලාම වැසියන් යම් යම් ධර්ම තුල සිරවී සිටීමෙන් එය පැහැදිලි වන්නේ ඔවුන් ගවේෂණය ආරම්භකර තිබූ බවයි. කුරු රටට බුදුන්ගේ ආගමනය සිදුවන්නේ කාලාම වැසියන් මෙවන් විවිධ ධර්ම ප්‍රගුණ කර හෙම්බත් වී ඇති අවස්ථාවකදීය.

අප රටද දැන් එවන් අවදියකට එළැඹ ඇත. මෙම අවධිය කොපමණ උච්ච් අවස්ථාවකට පත් වී ඇද්දැයි කිවහොත් විවිධ ධර්මයන්ට තහංචි දැමීමට නීතිරීති පැනවීමට පවා රජයට බල කරන අවස්තා උදා වී ඇත. ‘බුද්ධ’ පහල වන්නේ මෙවැනි ධර්ම සාකච්චාවක් (වාදයක්) ඇති අවස්ථාවක දී බව තේරුම් ගැනීමට තරම් බුද්ධිය පහල වූ අය අද අල්පය. එකම ධර්මයක් සියල්ලෝම දේශනා කරන්නේ නම් එතන ධර්ම සාකච්චාවක් කොයින්ද? ‘කාලේන ධම්ම සාකච්චා’ යනු උතුම් මංගල කරුණකි.

යමෙක් යම් දේශකයකු ගේ ධර්මයක් ප්‍රතික්‍ෂේප කරයි නම් එයින් ගම්‍ය වන්නේ ද ඊට ප්‍රතිවිරුද්ධ වූ යම් ධර්මතාවයක් පිළිගන්නා  බවයි. එමනිසා ධර්ම ප්‍රතික්ෂේප කිරීමද කාලාම සුත්‍රයට එකඟ නොවෙයි. ධර්මය පිළිගැනීමක් හෝ ප්‍රතික්‍ෂේප කිරීමක් නැති තැන ඉතිරි වන ධර්මතාව කුමක්ද? ධර්මය කෙරෙහි ඇතිවන සැකය සහ ප්‍රශ්න නැගීම විමර්ශනයේ සහ ගවේෂණයේ මාර්ගය වුවත් පිළිගැනීම තුලින් සැකය දුරු කිරීමත්, ධර්මය තුලින් ලැබෙන තමන්ගේ ප්‍රශ්නයට අදාළ පිළිතුර පිළිගැනීමත් ගවේෂණය අතරමග නතර වීමට හේතුවෙයි. විවිධ ආකාරයේ ධර්ම දේශනා කරන සාතෘවරුන් දැන් බිහිවී ඇති බැවින් ඔබගේ ප්‍රශ්න වලට ඔබ පිළිගන්නා පිළිතුරුද ඔවුන්ගෙන් දැන් ලැබී ඇත. මේ ප්‍රශ්නයත් එහි පිළිතුරත් අතැති ඔබ සසර සැරිසරයි.

මෙතෙක් පැවත ආයේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ විසින් ශ්‍රවණය කර “මා විසින් මෙසේ අසන ලදී” යනුවෙන් දේශනා කරන ලද ධර්මයකි. කාලාම සුත්‍රය ට අනුව මෙම ධර්ම පිළිගැනීම විවාදයට ලක්වෙයි. එසේනම් සත්‍යය හෙවත් නිවන් දැකීමේ මාර්ගය කුමක්ද? ධර්ම පිළිගැනීමෙන් හා ප්‍රතික්ෂේප කිරීමෙන් තොර වූ මේ සත්‍ය මාර්ගය කුමක්ද යන්න බුදුවරු පෙන්වා දෙන්නේ ධර්ම චක්‍ර පවත්වන සුත්‍ර දේශනාවෙනි. සියළුම බුදුවරු ‘බුද්ධ’ පහල වූ බව ලොවට හෙළි කරන්නේ අභියෝග කිරීමෙන් නොව ධම්ම චක්‍ර පවත්වන සුත්‍ර දේශනා කිරීමෙනි. ධම්ම චක්‍ර පවත්වන සුත්‍රය තමන්ගේ අත්දැකීමෙන් දේශනා කල හැක්කේ  බුද්ධ පහල වීමෙන් පසුව පමණි. මේ දේශනාව පොතපතකින් හෝ අසා දැනගත නොහැකි, තමන්ම දැකියයුතු දේශනාවකි.

ආචාර්ය තිස්ස සේනානායක 

Monday, January 6, 2014

Truth is a pathless land ක්‍රම/ මාර්ග නොමැති සත්‍යය

TRUTH, you cannot approach it by any path whatsoever, by any religion, by any sect.

ආගම් තුලින් ලගා කරගත නොහැකි සත්‍ය. ඒවා හුදු ජීවන ක්‍රමයක් පමණි.

It never leaves you

The strange and beautiful thing about now is that it never leaves you and it doesn't change, the field of now. Because the essence of now is the unconditioned consciousness, the field in which all phenomena happen-  Eckhart

බුදු වරයෙක් පහළ වන තෙක් බලා සිටින, පරපුරෙන් පරපුරට රැගෙන ආ යම් දර්මයක්, බුදු දහම යයි පිළිගන්නා....


ආණි සූතරය-නිදාන කථාව

 ලෞකික ධර්මය සහ ලෝකෝත්තර ධර්මය වෙන් කර හදුනා ගන්නට නොහැකි වීම නිසා බුද්ධ පහළ වී ඇති කාලයක වුවද බුදුන් දැකීම පහසු කරුණක් නොවෙයි. බුදුන් පහළ වීමට පෙර අනාගත බුදුන්ට පුද පූජා පවත්වන ගරු කරන බොහෝ දෙනෙක් බුදුන් පහල වූ පසු බුදුන් දැක ගැනීමට නොහැකි කමෙන් 'බුද්ධ' රතික්ෂෙප කරති, ගරහති. බුදු දහම විනාශ කරන්නේ යයි ඔවුන් විසින් 'බුද්ධ' චෝදනා වට ලක්වෙති. පොත්පත් වල ලියා තිබූ හෝ පරපුරෙන් පරපුරට රැගෙන යම් දර්මයක් බුදු දහම යයි පිළිගන්නා බොහෝ දෙනෙක් එම පොත් පත් වල තිබූ දර්මයම දේශනා කරන බුදු වරයෙක් පහළ වන තෙක් බලා සිටිති. බුද්ධ පහළ වී පෙර නොඇසූ ධර්මයක් දේශණා කරන විට එම දර්මයට එම තමන් ඉගෙන ගත් ධර්මයට පටහැනි බැවින් බුදුන් එරෙහි වෙති.

මෙම මුලාවෙන් සත්වයා නිදහස් කිරීමට සෑම බුද්ධ සාසනයකම ආණි සූතරය විවෘත කරනු ලබයි. ආණි සූතරය විවෘත කල පසු ලෞකික ධර්මයන්ට ලෝකෝත්තර ධර්මයයි මුලාවට පත් වූ රඥා වන්තයෝ එම මුලාවෙන් නිදහස් වෙති. ඔවුහූ 'බුද්ධ' වදාරණ ගැබුරු වූ අරුත් ඇති ලොවි තුරු අරුත් දැක්වෙන ලෝකෝත්තර ධර්මය අසනු කැමති වන්නෙමු. කන් යොමු කරන්නෙමු. දැකීම පිණිස සිත එළවන්නෙමු.

සෑම බුද්ධ සාසනයකම විවෘත වන ආණි සූතරයේ නිදාන කථාව මෙයයි.මහණෙනි, පෙර වූවක් කියමි. අස්වැන්නෙන් දශයෙන් කොටසක් ගන්නා බැවින් දසාරහ නම් වූ ක්ෂතරීයයන්ගේ ආණක නම් මිහිගු බෙරයෙක් විය. දසාරණයෝ අණ බෙරය පැලුනු කල්හී ඊට අන් ඇණයක් ගැසූ . මහණෙනි, යම් කලක ආණක මිහිගු බෙරයේ පැරණි බෙර කද අතුරු දහන් වී ඇණහැකිල්ල ඉතිරි වීද එබදු කලෙක් වූයේ මය.

ආණි සූතරයේ නිදාන කථාව යම් සාසනයක විවෘත වූයේ එය බුද්ධ සාසනයයකි. දැනට පහළ වී ඇති මෛතරීය බුද්ධ සාසනයේ ආණි සූතරයේ නිදින කථාව විවෘත විවෘත කලේ සිරිවර්ධන ලොකුගේ මැති තුමා විසිනි. මෙම ධර්මය විවෘත වීම බුද්ධ සාසනයක් ඇති බවට සාක්ෂියකි. මෛතරිය බුද්ධ සාසනය තුල ආණි සූතරයේ නිදාන කථාව මෙසේ විවෘත වෙයි.

මවි කුසින් බිහිවූ දරුවා උඩුකුරුව සිටින කල්හී ඇස විවෘතව ඇති විට ඇසට ආලෝක තරංග ගැටෙයි. කණට සබිද තරංග කන් බෙරයේ ගැටෙයි. මේ ආකාරයටම රස රූපයට ගන්ධ රූපයට සහ ස්පර්ශ රූපයට අදාල වූ යම් කම්පන ඉන්දරියන්හි ගැටෙයි. නමුත් දරුවා මෙම කිසිම කම්පනයක් රහනය කරගන්නේ නැත. එය හරියට බෙරයට තටිටු කරනවා වැනි . දරුවා තුල ඇත්තේ රභාශ්වර වූ මනසකි. ඇස මත ආලෝක තරංග ගැටුන , මොළය කරා ඊට අනුරූප වූ සඥාවක් ගමන් කල , මොළයේ යම් රථිකිරියාවක් ඇති වූවද, දරුවා වර්ණයක් දුටුවේ නැත. මව දුටුවේ නැත. පියා දුටුවේ නැත. එය බෙරයට තටිටු කලා වැනි . මෙය ආණක නම් මිහිගු බෙරයයි. එය අනෙකක් නොව රභාශ්වර මනසයි. මෙය තමන් ගේ නිදාන කථාවයි. නමුත් බුද්ධ පහළ වනතෙක් මෙම නිදාන කථාව තමන් දකින්නේ නැත.

ආනණ නම් මිහිගු බෙරය අතුරු දහන් වන්නේ කෙසේ ? උඩුකුරුව සිටින දරුවා ගේ ඇස කන නාසය දිව ශරීරය නම් වූ පංච ඉන්දරියන් තුල දිගින් දිගටම මෙම කම්පනයන්ගේ ගැටීම සිදුවන විට මෙම ගැටීම කුමක් යන්න ගැන ස්වයං යෝජනයක් දරුවා තුල ඇති වෙයි. ගැටුනේ කම්පනයකි. එය තරංගයක කම්පනයක් හෝ වස්තුවක කම්පනයක් නොවෙයි. ආලෝක තරංගය තුල වර්ණයක් නැත. සබිද කරංගයේ සබිදයක් නැත. එතැන ඇත්තේ කම්පන සංඛ්යාතයක් පමණි. නමුත් දිගින් දිගටම සිදුවන මෙම ගැටීම නිසා යමක් ඇතයි යන හැගීමක් දරුවා තුල ඇති වෙයි. අණ බෙරය පැලීම නම් එයයි. දැන් බෙරය පැලී ඇත. නමුත් බෙරයක් තිබූ බවක් හෝ බෙරය පැළුන බවක් වැඩිහිටි වූ තමන් දන්නේ නැත.

දරුවා ජීවත් වන්නේ මුලාවට පත් වූ වැඩිහිටියන් සමගය. රම රමයෙන් දරුවා වැඩිහිටියන්ගෙන් ඉගෙන ගනියි. දෙමවිපියන් බාහිරට ඇගිල්ල දිගු කර ඔවුන් පිළිගත් වස්තුවක් පෙන්වා එම වස්තුවට නමක් දී එමගින් දරුවාට ඉගෙනීමක් ඇති කරයි. එමගින් දරුවා බාහිරට තම ඉන්දරියන් යොමුකර බාහිර යමක් ඇතයි පිළිගනී. මෙම පිළීගැනීම යනු බෙරය පැළුන කල්හී බාහිරින් ගසන ලද ඇණයයි. එය තිබෙනවා , ඉන්නවාය යන පිළීගැනීමකි. කාලයාගේ ඇවෑමෙන් රභාශ්වර මනස එනම් පැරණි බෙරය අතුරු දහන් වී ඇණ හැකිල්ලම ඉතිරිවෙයි. මෙම ඇණ හැකිල්ල නම් අනෙකක් නොව අනුන්ගෙන් අසා පිළිගත් දැනුමයි. එනම් දරාගෙන උසුලාගෙන සිටින ධර්මයයි. මෙම ධර්මය සත්යයයි පිළිගත් සත්වයා එම ධර්මයෙන් මුලාවට පත් වී ඇති බැවින් අතුරුදහන් වූ පැරණී බෙර කඳ ගැන දන්නේ නැත. ජාති ජරා වියාධි සහ මරණ නැමති සතර අපායට අසුවූ මිනිසා මෙම සසර අපාය ඇත්තේ ඇණ හැකිල්ලේ බව නොදනී. එම නිසා සතර අපායෙන් නිදහස් වීමට ඇණ හැකිල්ලම උදවූ කර ගනියි. පැරණි බෙර කඳ අතුරු දහන් වී ඇති බැවින් ඇණ හැකිල්ලෙන්ම සත් සොයති.

නිදාන කථාවට අනුව දසාරහයෝ අස්වැන්නෙන් දහයෙන් කොටසක් ගන්නෙකි. මෙම දහය කුමක් ? බෙර කඳ අතුරු දහන් වූ පසු පංච ඉන්දරියන් තුලින් රහනය කර ගන්නා බාහිර ඇතයි පිළිගත් ධර්ම පහකි. ඉන්දරියන් තුලින් රහනය කරගෙන මනසේ තැන්පත් කරගත් ධර්ම පහකි. එකතුව දහයකි. මිනිස් සත්වයාට මෙම දහයම එකවර පරිබෝජනය කල නොහැකි . ඇසෙන් රූපයක් දකින විට අනෙක් ඉන්දරියන් පහ වැසෙයි. මනසේ තැන්පත් කල යමක් මතකයට නංවන විට ඇස කණ නාසය දිව ශරීරය වැසෙයි. එකවරකට ගන්නේ දහයෙන් එකකි. එබැවින් දසාරහයෝ අනෙකෙක් නොව තමන්ම නොවේ ? මෙම කථාවෙන් විවෘත වන්නේ තමන්ගේම නිදාන කථාව නොවේ ?

කම්පනයට වඩා වැඩි යමක් ඉන්දරියන් තුල ගැටුනේ නැත. එම කම්පනය තුල ජාති ජරා ව්යාධි සහ මරණ තිබුනේ නැත. දරුවා "මම මරණයට පත්වන්නේ" යයි කියන්නේ නැත. එසේ නම් ජාති ජරා වියාධි මරණ අපට ලැබුනේ කෙසේ ? එය ලැබුනේ ඇණ හැකිල්ලෙන් නොවේ ? අපට ඇති දුක මෙම ඇණ හැකිල්ලෙන් ලැබුන ජාති ජරා වියාධි සහ මරණ නොවේ ? නමුත් අවාසනාවකට මෙන් බුද්ධ පහල වන තෙක් මෙම සත් වැසී පවතී. බුද්ධ මෙම සත් විවෘත කරන විට ඇණ හැකිල්ලෙන්ම සත් සොයා යන මුලාවට පත් වූවෝ බුදුන්ට එරෙහි වන්නේ බුද්ධ බුදු දහම විනාශ කරන්නේ යයි චෝදනා කරමිනි.

යමෙක් ඇණහැකිල්ල කුමක් දැයි දකීද, මොහොතක පමාවකින් තොරව කිසිම ආයාසයකින් තොරව ඇණ හැකිල්ල හෙවත් බාහිර ඇතයි පිළිගත් දේ තම මනසින් සාදාගත් ජායාවක් බව දකියි. මනසේ නිර්මාණයක් බව දකියි. බාහිර ඇණය ගැලවෙයි. ඇණය ගලවා ඇණහැකිල්ල ඉවත් කිරීම දැකීම තුලින්ම වන්නක් විනා කිසිම ආකාරයක වීර්යයකින් සිදුවන්නක් නොවෙයි. කායික වීර්යය සහ මානසික වීර්යය ඇණහැකිල්ලේම ඵලයක් බැවින් කායික වීර්යය සහ මානසික වීර්යය යොදා ඇණහැකිල්ලෙන් නිදහස් වන්නේ කෙසේ ?

ආණි සූතරයේ නිදාන කථාව තුලින් ලෝකෝත්තර සහ ලෞකික ධර්ම වෙන් කර ගත්තෝ මේ ජීවිතය තුලදීම සත් දැක ජාති ජරා වියාධි සහ මරණ වලින් නිදහස් වෙති.