Google+ Followers

Saturday, November 29, 2014

Worship it cos its the beauty of existence





එයට වන්දනා මාන කලාට කම් නැත.

ඒ සොඳුරු සොභාදහමේ පැවැත්ම බැවිනි.

ඔබද, මාද එවැනීමය.

ඒ බවක් නොදන්නේ, නොදැනෙන්නේ,

ඔබත්, මමත් මෙතන නොව,

අතීතයේ හෝ අනාගතයේ සිරවී සිටින බැවිනි.

Wednesday, November 26, 2014

අනාරක්ෂිතභවේ ප්‍රඥා සම්පත්තිය


අනාරක්ෂිතභවේ ප්‍රඥා සම්පත්තිය

කුතුහලයෙන්, බියෙන්, සහ සැකයෙන් පිරුණු
සමාජයකට (ජීවිතවලට)
දෙනු ලබන කදිම පණිවුඩයකි.

Sunday, November 16, 2014

The self is a problem that thought cannot resolve


The self is a problem that thought cannot resolve.
There must be an awareness which is not of thought.
To be aware, without condemnation or justification, of the activities of the self -
just to be aware - is sufficient.
                                                    Krishnamurti

මේ ක්ෂණයට කෘතවේදී වන්න


එය කවරක් වුවද, ඔබ මේ ක්ෂණයට, මේ දැන් සිටින තත්වයට ගරු කරන්නේනම්, කෘතවේදී වන්නේනම් නම් පමණක්, ඔබට සතුටින්, සැහැල්ලුවෙන් සිටිය හැකිය.

Friday, November 14, 2014

All are happy, except man


සතා, සිව්පාවෝ සතුටින් දිවිගෙවනවා.

ගහ, කොළ, මල් සතුටින්,

නැවුන්බවකින් පසුවෙනවා .

කුරුල්ලෝ සැහැල්ලුවෙන්, සතුටින් සිටිනවා.

සියලුම ජීවින් සතුටින්, සිනහවෙන් ජීවත් වෙනවා.

මිනිසා පමණක්

ඉතාම දක්ෂ ලෙස අනුනටත්, තමනටත්

දුක ඇතිකරනවා.

හැමෝගෙම සතුට විනාස කරනවා.

එහෙත්, මිනිසා තරම් කුශලතා පිරිපුන් කෙනෙක් තවත් නැහැ.

Friday, November 7, 2014

ජීවිතයේ තේරුම Meaning of life


ජීවිතයේ තේරුම ජීවත්වීමයි.

එය ඉතාමත්ම සැහැල්ලුය.

ඉස්පාසුවකින් යුක්තය.

මග දෙපස ගහ, කොල, මල් වල පවා සුන්දරත්වය දැක ගනී.

එසේ නමුත්, බොහෝදෙනා ලොකු කලබලයකින්,

නොඉවසීමකින්, ඔලුව බරකරගෙන,

එහෙ, මෙහෙ දුවයි.

දැඩි වෙහෙසකින් යුතුව සොයනවා.

පීඩාවට පත්වෙලා.

ජීවිතය විදවනවා.

Tuesday, November 4, 2014

නින්දා අපහාස Insulting




නින්දා අපහාස මට පමණක් නොවේ.

මම තරම් කාලකන්නි ගැහැනියක්/ මිනිහෙක්...

එහෙම නොවෙයි.

මේවා හැමෝටම පොදුයි.

බුද්ධිමත්ව විමසීමට හැකි කෙනා ඒවා පිලිගන්නවා,

කුපිත නොවී.

නොසෙල්වී.

ජීවිතයේ මෙතෙක් නොදුටු ගැඹුර දැක ගැනීමට

අවස්ථාවක් කර ගන්නවා.

බුදුපියානන්වහන්සේ මේවා දෙවදුතයින් ලෙස

ගෙනහැර දැක්වුයේ මේ නිසාය.