Google+ Followers

Wednesday, January 21, 2015

දැනුම ගොඩගසනවා කුණුගොඩක් මෙන්/ නිවීම හිස්කරනවා, ඉස්පාසුවක් ලබාදෙනවා




සරසවි ඇදුරුතුමා සෙන් පිලිබදව
අනාර්ය පර්යේෂණයක් කරන්න
සෙන් ගුරුතුමෙක් හමුවුනා.
අදුරුතුමාට තේ පිළිගැන්නුවා.
තේ කෝප්පය පිරිලා ඉතිරිලා යද්දිත්
තවත් තේ වක්කලා.
ඇදුරුතුමා බලන් ඉදල කියනවා
“ඕක පිරිල. තවත් දාන්න බැහැ.”
ගුරුතුමා එවිට පිළිතුරු දෙනවා.
“මෙන්න මේ වගේ, ඔබේ ඔලුව
ඔබගේම අදහස්, මැති මතාන්තර වලින්
පුරවගෙන. එතින්, ඕක හිස් කරගන්නේ නැතිව

කොහොමද ඔබට සෙන් පෙන්වන්නේ?