Google+ Followers

Sunday, March 22, 2015

Be the space for your child to grow

කොන්දේසි නැතිව ආදරය
කළහැකි කෙනෙක්,
අපට මේ ජීවිතේ ලැබිල තියෙනවා.
ඒ දරුවෝ.
පුස් පැටව් වගේ තුරුළුකරගෙන,
කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව,
අහිතක්, සැකයක් නොමැතිව
ආදරය කලහැකියි.
ගහන්න, බනින්න අවශ්‍යය නැහැ.
හය හතර නොතේරෙන
දරුවන්ට 'හොඳ, නරක'
නාමයෙන් ඔබ රිදවනවද?
නැතිනම් ඔබේ වෙහෙස
පීඩාව, තරහ දරුවා පිටින් අරිනවද?

මේ ලෝකේ ඔය තරමට ආදරය
කරන්න පුළුවන් කෙනෙක්
ඔබට ඉන්නවද?
දුකින් හඩා වැළපෙන ඒ මුහුණ
දකින කොට ඔබට සිත
එකගකරගත හැකිද?
උඩගු මිනිසාගේ ග්‍රහණයට
හසුවූ ලෝකයේ, පැටියට
විවෘතවියහැකි, බිය නැති
එකම තැන ඔබ ලගයි.

පන්සල්, පල්ලි යනවටත් වඩා
මෙය ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික
පුහුණුවීමක්.