Google+ Followers

Friday, September 18, 2015

මියගිය අතීතය හා නූපන් අනාගතය living in the present


 
ද දින ඔබ විසින් නොදැකපු,

නොදන්නා අනාගතයක් වෙනුවෙන්

දහසක් සැලසුම් සෑදීම මදකට නතර කරන්න..........

ඒ වගේම දැනටමත් අතීතයට එක් වූ (මියගිය)

අතීතය වෙනුවෙන් සෝසුසුම් ලෑමත්

මදකට නතර කරන්න..........

නොදැකපු අනාගතයකටත්

ගෙවුනු අතීතයකටත්

ඔබේ මේ වර්තමාන මොහොත

විනාශ කර නොදැමීමට වග බලා ගන්න.

මේ මොහොතේ ඔබේ මනස විවෘත කරන්න.

ඒ විවෘත මනසින් ඔබ ජීවත් වන

මේ මොහොතේ යතාර්ථය

අවබෝධ කර ගන්නට උත්සහ කරන්න.

අමතක කරන්න එපා මේ දැන්

ඔබ ඉහලට ගත් හුස්ම පොද,

ඔබේ අවසාන හුස්ම පොද විය හැකි බව.

එනිසා අතීතය වෙනුවෙන් දුක් වීමත්,

අනාගතය වෙනුවෙන් දහසක් සැලසුම් සෑදීමත්

මදකට නතර කොට

ඔබ ඔබේම සිත කය වචනය තුළින්

රාගය, ද්වේශය, මෝහය නැති කර දැමීමට

මේ ඔබ ජීවත් වන්නට වරම් ලැබූ

වර්තමාන මොහොත යොදා ගන්න.

ඔබට තිසරණ සරණයී!