Google+ Followers

Thursday, December 24, 2015

Be as you are





බිය, කෑදරකම, බලයට තියෙන ආශාව
මේවා ජාතීන්, ආගම්, කුල, මතිමතාන්තර අතර
යුධ කලකෝලාහල සහ සැහසිකම්වලට
හේතුභූත වුවා පමණක් නොව
පුද්ගල සම්බන්ධතාවල ගැටළු 
ඇතිකිරීමටද හේතු පාදක වී ඇත.
බිය සහ සැකය හැම ජීවිතයක්ම
පසුබිමින් ගලාගෙන යන අතර
බොහෝවිට මේ නිසා මෙතන
සිහිය පවත්වා ගැනීම අසීරුවී ඇත.
ඔලුවේ දෝංකාර දෙන මේ
ඉස්පාසුවක් නොමැති තත්වයෙන්
ගැලවීමක් නොමැතිද?
තිබේ.
ඒ ව්‍යාජයෙන් නොව අව්‍යාජයෙනි
බොරුවෙන් නොව සත්‍යය යෙනි
සොභාදහමට ලංවීමෙන් මිස ඉන් දුරස්වීමෙන් නොවේ
මහපොළොවේ පයගැසීමෙන් මිස අඩි හත අටක් උඩින් ඇවිදීමෙන් නොවේ
සාමාන්‍ය මිනිසකු වීමෙන් මිස අසාමාන්‍ය මිනිසකු වීමට ට්‍රයි කිරීමෙන් නොවේ
මේ ජීවිතයම ආර්ය පර්යේෂණයට ලක්කිරීමෙනි
රෙද්ද මාරුකර කැලෑ වැදීමෙන් නොවේ
ගිහිගෙයින් නොව සිතුවිලිවලින් නික්මීමෙනි
මෙතන, මේ ක්ෂණයේ ජීවත්වීමට පුරුදු පුහුණු කිරීමෙනි.
නැවතත් කුඩා සිගිත්තකු වීමෙනි
ඒ ඔබ ඔබම වීමෙනි.