Google+ Followers

Wednesday, December 16, 2015

In a backward village





හද්දා පිටිසර ගමක 
කිසිදු සමාජ ආර්ථික පසුබිමක්
නොමැතිව හැදුනු, වැඩුනු 
ඔහුට, 
ලැබුන ප්‍රථම ඔවදන: 
යහපත් පුරවැසියකු වන්නටය.
ඒ දෙමාපිය ඇතුළු වැඩිහිටි, පන්සලේ හාමුදුරුවෝ,
දේශ පාලකය, සහ මාද්යවෙදියාගෙනි .
අනුන්ගේ පොල්ගකට නැග
කුසගින්න නිවා ගත් හේ 
අම්මා කුලී වැඩ කර ගෙනදුන් මුදලින්
ඉගෙනගත්තා.
සා. පෙ. / උ. පෙ. සමත් වුනාම
සතුට, සැනසීම, ඔක්කොම හරි කිව්වා.
නොකා නොබී සැතපුන් 4 ක් පමණ 
මිරිවැඩි සගලකුදු නොමැතිව 
හේ දැඩි අදිෂ්ඨානයෙන් අකුරු කළා.
විභාග සමත් වුවද ඒ කී සතුට නොදැ ක් කෙමි.

අම්මා ඇතුළු වැඩිහිටි සමාජය ඔවදන් දුන්නා -
පුතේ තව ඒක පිම්මයි පනින්න තියෙන්නේ.
එතන තමයි ජය කනුව.
ඔහු උපාධි යද කටපාඩම් කර වමාරා
ඉහලින් සමත්වුනා.
කෝ අම්මේ අර කී සැනසීම?

දැන් ලගයි රත්තරනේ. දුර්වල වෙන්න එපා. 
අපේ සනුහරේම ගොඩදාන්න පුළුවනි.
මසකට රු. 600/ දීමනාවට ලෝක ප්‍රසිද්ද PK MG එකෙන් 
වසර 2 ක් පුහු නුවී ලෝකයේ ශ්‍රේෂ්ඨතම 
කලාමනාකරන ශිල්පීය ක්‍රම (බටහිර පොත් වනපොත් කර)
අත් දුටුවා.
රජයේ විධායක තනතුරක් ලැබුනා. 
කෝ අම්මේ වැඩිහිටියෝ පොරොන්දුවුනු සරල බව?
කසාදයක් බදගත්තම , හොද, වැදගත් පවුලකින්
අපි නිදහස් පුතේ.
බැන්දා. 
ජීවිතය පසුබිමින් නිහඩව ගලා ආ 
සැකය සහ බිය ගංගාව
මහහඩින් දෝරේ ගලන්නට වුනා.
ඉස්පාසුවක් නැද්ද අම්මේ ජීවිතේට?

මැ රෙන්න කලින් මේ ඇස්දෙකට දකින්න 
මුනුපුරෙක් ඉන්නවනම්?
එහෙත් පීඩනය මිස සැනසුම ලගානොවිනි.

නොගියපු/ නොවැදපු පන්සලක්
වන සෙනසුනක්, පුජාවක් නැත. 
මේ ප්රෝඩාකාරයින්ට වඩා
දුක් මහන්සියෙන් දරු පවුලක් නඩත්තු කරන 
මිනිසුන් ලග ඉස්පාසුව ඇතිබව මම අත්දැක්කා.
මියගිය අතීතයේ වෙලී සුසුම් හෙලුවා.
අනාගත සිහින මන්දිරවල / මනෝ ලෝ කවල 
රජකලා.
මෙතන, මේ සිටින තැන, 
දරුපවුල සමග, වෙනත් (බණ ටෝක් වල කියන 
දිවියලෝ ක) කොතනකවත් නැති 
සරලබව, ඉස්පාසුව , සැනසුම
ඇතිබව හේ අත් දුටුවා.

‘ මේ අසවලාට පුළුවනි අහසින් යන්න.
.................... ඔබට මොනවාද පුළුවන්?’
ඔහුගෙන් ඇසුවා.,
‘බඩගිනි වෙනකොට කනවා
නිදිමතවෙනකොට නිදියනවා.
මම සාමාන්‍ය මිනිහෙක්.

‘ඔබ දෙපල එක වහල යටට වී වසර 25 යි.
තවම ඔබ ඇයව හදුනා ගත්තද?
තව ටික කලකින් මැරිලා යාවි..
එතකොට මේ ලෝකේ සැබවින්ම, 
කොන්දේසි නැතිව ආදරය කල කෙනෙක් 
ඉදීවිද ඔබට ?’
ඔහු පෙරලා ඇසුවා.