Google+ Followers

Thursday, December 24, 2015

ZEN STORIES





















උගත් තරුණයෙකු රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට ගියේය. සුදුසුකම්
සපුරා ඇති බැවින් පළමු වටයෙන් තේරුණ ඔහුට අවසන් පරීක්ෂණයටද කැඳවුමක් ලැබුණි. ආයතන
ප්‍රධානියා තරුණයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව බෙහෙවින් තුටු වුණත් ඔහුගෙන් පැණ
කීපයක් ඇසුවේය.
"ඔබට මෙතරම් දුරට ඉගෙන ගන්නට ශිෂ්‍යත්ව කිසිවක් ලැබී තිබෙනවාද?"
"එවන් ශිෂ්‍යත්ව මා දිනාගෙන නැහැ"
"එසේනම් ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කලේ ඔබේ මා පියන් ?"
"ඔව් මගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කලේ මගේ පියා"
"
ඔබේ පියාගේ රැකියාව කුමක්ද ?"
"
ඔහු කම්මල්කරුවෙක් "
"
ඔබ කවදා හෝ ඔහුගේ වැඩකටයුතු වලට සහය වී තිබෙනවාද"
"
එසේ කිරීමට ඔහු කිසිවෙටකත් මට ඉඩ දුන්නේ නෑ - මගේ පාඩම් වැඩට ඉන්
බාධා වේ යැයි සිතා"
"
හොඳයි ඔබ හෙට නැවත එන්න - නමුත් ඔබ අද කළයුතුයි යමක්"
"
සර් කුමක්ද මා කළ යුතු?"
"අද සවස වැඩ නිමාවී ගෙදර එන ඔබේ පියාගේ දෑත් සෝදා පිරිසිදු කළයුතුයි
ඔබ."
තරුණයා එදා හවස වැඩ නිමවී නිවසට පැමිණි පියාගෙන් ඉල්ලීමක් කළේය.
"
තාත්තේ අද මට ඔය අත් දෙක සෝදා පිරිසිදු කරන්න ඉඩ දෙනවාද ?"
තරමක් පුදුමයෙන් වුණත් සතුටින් පියා පුතාට එය කරන්නට ඉඩ දුන්නේය.
පියාණන්ගේ අත් මුදුව ගෙන හෙමි හෙමින් සෝදා පිරිසිදු කරන පුත්‍රයා
හට මෙතෙක් ඔහු නොදුටු දෑ බොහෝ දැකගත හැකිවිය. ජීවිතයේ පළමු වරට ඔහු පියාගේ අත්වල
රළුව
, වියලි බව, රැලි
හා කැළැල් දුටුවේය. එහිවූ තැලුම් කෙතරම් වේදනා ගෙන දුනිද කිවහොත් පුතුගේ මුදු පහස
වුව රළුව දැනුණි.
ජීවිතේ පළමුවරට මේ තරුණයා බොහෝ දේ අවබෝධ කරගත්තේය. මේ දෑත කෙතරම්
විසල් මෙහෙයක් කළාද ඔහුගේ අද දවස වෙනුවෙන් කියා සිතද්දී ඔහුගේ නෙත් කඳුලින්
පිරුණි. තම සුකුමාර දෑතේ මුදු බව සදා පවතිනු පිණිස නොවේද මේ දෑත් මෙතරම් රළුවූයේ.
මේ තැලුම් බිඳුම් හා රිදුම් ඔහුට සුවය සදන්නට ගෙවූ මුදල නොවේද. පියාණන්ගේ දෑත්
පිරිසිදු කළපසු කම්මලට ගිය පුතු එයද පිරිසිදු කොට රැය පහන්වනතුරු පියාණන් හා
සාමිචියක යෙදුණේය.
එය පුතාටත් පියාටත් ඔවුනගේ ජීවිතවල වටිනාම දවස විය.
පසුදා නැවත ඔහු රැකියාව බලාපොරොත්තුවෙන කාර්යාලයට ගියේය.
"හොඳයි ඔබට දැන් කියන්නට හැකිද ඔබ ඊයේ උගත් යමක් වේද කියා"
"සැබැවින්ම බොහෝ දේ මගේ පියාගේ දෑතින් මා දුටුවා - අද මට මේ සියල්ල
දෙන්නට ඔවුන් විඳි දුක් කරදර සියල්ල මට මැනැවින් අවබෝධ වුණා. මගේ මාපියන් නොමැති
නම් මා කිසි සේත් අද මෙතැනට එන්නට සුදුස්සෙක් නොවන බව මට වැටහුණා. එපමණක් නොවේ ජීවිතය
තනිවම ගෙනයෑම කෙතරම් අසීරුද කියාත් මා දැනගත්තා"
"බොහෝම අපූරුයි! මට ඔබ ගැන සතුටුයි. මට අවශ්‍ය ඔබ වැනි තරුණයින්.
කෘතවේදී බව අන් අය තමා වෙනුවෙන් කළ දෑ අගය කල හැකි. එපමණක් නොවෙයි ජීවිතය රෝස මල්
යහනාවක් නොවන බව පහදා ගැනීමත් මෙලොව ඇති උසස්ම දේ මුදල නොවන බව වටහා ගැනීමත් ඉතා
වැදගත්."
දෙමාපියන් බොහෝවිට තම දරුවන්ට ඉතා සුවපහසු ජීවිතයක් දෙන්නට බොහෝ
දුක් විඳිනවා නමුත් දර්වන් ඒ ගැන දන්නේ නෑ ඒ ගැන සිතන්නේත් නෑ. එය මේ දරුවන්
වැඩිහිටියන් ලෙස සමාජයේ විඳින්නට වෙන දුෂකර යථාවෙන් ඈත් කරනවා. එය ඔවුනට එම
ජීවිතයට මුහුණ දීම අපහසු කරනවා. සැමවිටම දරුවන් කුඩා කල පටන් ව්ගකීම භාරගෙන ක්‍රියාකිරීමට
හුරුකිරීම වැදගත්. පවුල තුල සහජීවනයෙන් වැඩකිරීමට හුරුවීම සමාජයේදීත් වගකීම්
තුටින් ඉයුකරන සහජීවනයෙන් වැඩකරන යහපත් පෞර්ශ‍යක් ඇති දරුවන් බිහිකරනවා.


ජීවිතය අසීරු ගමනක් බවත් එය යෑමට උත්සහය හා ධෛර්‍යය අත්‍යාවශ්‍ය
බවත් දරුවන් දැනගත යුතුමයි. එවිටයි ඔවුන් සමාජයෙහි අභියෝග වලට නොබියව මුහුණ දෙන්නට
පුරුදුවන්නේ.