Google+ Followers

Wednesday, February 25, 2015

marriage conflict සඹඳතා ගැටළු


Conflict is in relationships.
Problem is to identify the relationship.
දු දරුවන් ඉදිරියේ
දෙමව්පියන් වශයෙන්
රණ්ඩු සරුවල් කිරීමට
සිදුවීම,
කොතරම්නම් අභාග්‍යයක්ද?
එක වහල යට
වසර ගණනක් හිටියත්
මට තවම මගේ
බිරිඳ/ සැමියා
හදුනාගැනීමට බැරිවුනාද?
එහෙමනම් ඉතිං, අපිට
කවරනම් ආධ්‍යාත්මික ගමනක්ද?

Now මේ ක්ෂණය



The Most Important Moment is Now.
මේ ක්ෂණය/ මොහොත
තරම් වටිනා දෙයක් 
අප ජීවිතයට
වෙනත් නැත.
අතීතය ගැන මෙනෙහිකර
ඇති ඵල කිම
එය මියගොස් ඇතිවිට.
අනාගතය ගැන 
සිහින මැවීමෙන්
ඇති ඵල කිම
එය තවමත් නුපන් නිසා.
අනාගතය යහපත් වන්නේ
මෙතන සිහියෙන් වැඩකටයුතු
කිරීමෙන් නොවෙද?

Saturday, February 21, 2015

Success



සාර්ථකත්වය, අසාර්ථකබව
ඇනුම්, බැනුම්
නින්දා, අපහාස
මේ කිසිම දේකට
අපගේ සතුට
ඩැහැ ගත නොහැකියි.

Monday, February 16, 2015

Religion


කපටි වෙළෙන්දා නිසා
පාරිභෝගිකයන්ගේ බුද්ධිය
පහල වන්නාසේ 
ආගමික ගුරුවරුන්ගේ 
ධර්මය නිසා 
ශ්‍රාවකයාගේ ඇස පහල වෙයි

Friday, February 13, 2015

Just breath සැනසුම් සුසුමක්


ඔබ මේ  සිටින්නේ
සිටිය යුතු තැන
කිම ඒ ගැන ලතැවිලි?
සතුටුවීමට මීට වඩා
තැනක් වේද?
මම තවමත්
සම්පුර්ණ නැහැ
සිතා දුක් වීමෙන්
මේ සුන්දර මොහොත

ගිලිහෙනවා නොවේද?

Sunday, February 8, 2015

Life is turning upside down ජීවිතේ හැටි එහෙම තමයි


Don't worry that your life is turning upside down.
How do you know that the side you are used to is better than the one to come?
~ Rumi
ජීවිතේ හැටි එහෙම තමයි
අසරණ වුනු තරමට හොදයි
බයවෙන්න දෙයක් නැහැ
පැමිණෙන දුක් පැණි රසයි කියන්නේ
දැන්, මෙතන, කලින්ට වඩා හොදද/ නරකද? කියලා දන්නේ කොහොමද?