Google+ Followers

Thursday, February 4, 2016

Be as you are. Accept yourself





ඔබ ඔබම වන්න
දුවේ, පුතේ, ඔබ ඔබම වන්න.
අනුන් අනුකරණය කරන්න එපා.
කියල කවුරුත් අපට කිව්වේ නැහැ.
මේ සමාජය අපට කිව්වේ
දොස්තර කෙනෙක් වෙන්න.
අසවලා වගේ වෙන්න. කියලා
එත් ඔබ වගේ කෙනෙක්
තවත් මිහිපිට නැහැ.
තවම මම
සම්පුර්ණ නැහැ කියල
මේ මොහොත මගහැරලා
හඹා ගෙන යනකොට
ඉස්පාසුව ගිලිහෙනවා.
විඩාව, පීඩාව දැනෙනවා.
විඳවනවා
ලෝකය කියන දේ
අහල ඔබ කොපමණ දුරක්
ආවද?
කෝ? මිරිගුවක් පමණයි.


ඔබ ඔබම වන්න.