Google+ Followers

Thursday, February 4, 2016

මිරිවැඩි සඟලක් ඉල්ලා නොහඬමි





මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි

පා යුග නැති ඔබ දකින තුරා...

කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි

නෙත් යුග නැති ඔබ දකින තුරා...



මාවත කටු  අතු බොරළු මතක නැත

දෙපා රැඳුනු විට බුමුතුරුණේ...

දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ

මැදුරේ දෙසවන් අඟුළු වැටේ...



සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ

රසමසවුළු වල සුවඳ පිරේ...

ඒ රස සුවඳට දෑස අයාගෙන

බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ…



පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න.

සංගීතය - නන්දා මාලිනී.





අහල බලන්න මෙතනින් -  http://www.sinhalajukebox.org/cgi-bin/smi.cgi?s=A0170252C01



ගායනය - ගුණදාස කපුගේ

සංගීතය - ගුණදාස කපුගේ

පද රචනය - දයානන්ද රත්නායක



මිරිවැඩි සඟලක් ඉල්ලා නොහඬමි

පා යුග නැති උන් වෙසෙන රටේ..

කුස ගින්නට කිරි ඉල්ලා නොහඬමි

ඉඳුල් බතට පොර වදින රටේ..



ගත සරසන්නට සලුපිලි කුමටද

වැරහැලි නැතිවුන් වෙසෙන රටේ..

සවුදිය පුරනට මදුවිත කුමටද

දහසක් මව්වරු දරුවන් ඉල්ලා

හඬන රටේ..



බණක් අසන්නට පන්සල් කුමටද

වැදි බණ කියනා මෙහෙව් රටේ..

අඳ ගොලු බිහිරන් වී කුමටද අපි

ඔලුවක් නැතිවුන් වෙසෙනා මෙහෙව් රටේ..