Google+ Followers

Friday, February 26, 2016

Role playing- Face of Ego



Role playing- face of ego

Behind my smile

Is depression

And heartache

Why unhappiness

Not because of situations

No more roles playing

After I marry

Because we are

Now living together

ප්‍රතිරූපයක් නොමැති සිත

අපිට පුංචි කාලේ ඉදල කියල දෙන්නේ දොස්තරකෙනෙක්, දේශපාලකයෙක්, නැතිනම් අසවලාවගේ වෙයන් කියල. විශ්වවිද්‍යාලයේ කරන්නෙත් මේ ටිකමයි.

බොහොම සැහැල්ලුවෙන්, සතුටෙන්, ‘තමා වගේ’ හිටපු, අණුකරණය නොකරපු දරුවා; ගුරු, දෙගුරු, වැඩිහිටි අවවාද, හා ඔවුනගේ ආභාෂය ලැබ, රගපෑමට ටිකෙන් ටික පුරුදු පුහුණු වෙනවා. විශ්වවිද්‍යාලයේදී නම්  ඒවාට ලකුණුත් දෙනවා. ඉතා ඉහලින් අගයකරනවා. සම්මාන පිරිනමනවා.ආර්ථික වාසි ලබාදෙනවා. ඉහල රැකියා අවස්ථා ලබාදෙනවා. සමාජයේ පුදසත්කාරවලට බදුන්කරනවා. අනෙක් දුලා පුතාලට කියනවා ඔයාලත් කවදාහරි දවසක ‘මේ වගේ කෙනෙක් වෙන්න’ කියලා. එවිට, මෙතන වෙනුවට අනාගතයේ සිහිනයක් ජීවිතයට සමීප කරගෙන එක පිම්මේම දුවන්න පටන්ගන්නවා. ටිකෙන් ටික අව්‍යාජ බව, සරලබව, අතහැරෙනවා. ව්‍යාජබව, කපටිකම, කඩිකුලප්පුව ජීවිතයට ලංවෙනවා. අපි හරිම දක්ෂයි මේ දේවල් කියාදීලා නැතිදෙවල් සිගිති මනෂට ආරෝපණය කිරීමට. සදාකාලික දුකක්, වේදනාවක් උරුමකරදෙනවා.

මේ රගපෑම සැබෑවක් නොවන නිසා, සිතුවිලි අතෝරයක් නැතිව ජනිත කරනවා. මේ රගපෑම ඒතරම් ලෙහෙසි නැහැ. පනින්නෙම තමන් ඉන්න තැනට. මේ නිසා අනවශ්‍ය ශක්තියක් උපදවන්න අත්‍යවශ්‍යයි. මෙය අපට දරාගත නොහැකි පීඩාවක්/ විඩාවක්. මනසෙහි ආතතියක් ඇතිකරනවා. මෝඩයෝ වගේ බෙහෙත් බිබී, ආතතිය නැතිනොවී තියාගන්න මහන්සි ගන්නවා. ඇයි ඉස්පාසුව නැහැනේ?  කොටින්ම කියනවනම්, මහපොළවේ පයගහන්න බැරිතත්වයක් මම විහින්ම හදාගන්නවා. අඩිකිහිපයක් උඩින් තියල ගමන් කරන්න නිරන්තර වෑයමක් දරනවා. මේක කොතරම් පීඩාවක් කියාද ඔබ හිතන්නේ? එහෙම උදවියගේ ජීවිතවල සතුට, සැනසීම බිදක්වත් තිබිය හැකිද? හිනාවෙන්න පුලුවන්ද? දරුවකුට උදව්වක් උපකාරයක් බලාපොරොත්තු විය හැකිද? හැමතිස්සේ ම වැඩ. වැඩක් නැත්නම් හරිම ප්‍රශ්නෙ. Busy කියල පෙන්නන්න ඕන. ජීවත්වෙන්න නොවෙයි, පෙන්නන්නයි ඕන. අනෙකා කපාගෙන ‘මම’ සම්පුර්ණ කරගැනීමට දගලන ඔහුගේ/ ඇයගේ ජීවිතය නිමවෙන්නේ අහිමි මෙහෙවරකින්.

අපිටත් මේ උගුලෙන් ගැලවිය නොහැකිවිට, මල්කැකුලුවන් දරුවන් කෙසේනම් බේරෙන්නද?

දුවේ, පුතේ,

උඩගු සිත්පිරි මිනිසුන් පිරීගිය ලොවක, එවන් මිනිසුන් මේ සමාජ ක්‍රමයේ ඉහල පුටුවල වැජඹෙන තාක්කල්, උන්ට වැදුම් පිදුම් කරනතාක්කල්, ජීවත්වන්නන් වාලේ ජීවත්වෙනකල්, උඩුගං බලයන්න වාරුව නැතිකල් මෙය කල නොහැක. දිනක්, පිරිවෙනක උගන්වපු, වයසක හාමුදුරුකෙනෙක් කියනවා ‘බයවෙන්න එපා මහත්තයෝ, පාන්ශකූලෙ තියෙනකල්, මිනිසුන් පන්සලට එනවා. එනවාමයි.’