Google+ Followers

Friday, April 22, 2016

අපේ කැදැල්ලට වසර 25 යි- April 27, 2016 Living in Our True Home is a joy ...



අපේ
කැදැල්ලට වසර 25 යි-
April 27, 2016
Living in Our True Home is a joy to
everyone in it
It is the acceptance of the other,
my unconditional readiness to surrender to the present moment,
and non-reaction
that keep us going happily for 25 years.
අභ්‍යන්තර
සහ බාහිර නොසන්සුන්තාවයට, නොසතුටට, ගැටුම්කාරී තත්වයට මුලික සහ එකම හේතුව අපේ උඩගු
සිතයි, මාන්නයයි.
නැවතත්
මවිසින් සිතා බැලිය යුතු වන්නේ මම   මේ ලෝකයේ කාට හරි කොන්දේසි නොමැතිව ආදරය කරනවාද?
යන්නයි.
එවිට
මේ මොහොත පිළිගැනීමට පහසුය. යටහත් වී, ප්‍රතික්‍රියා නොකර සිටීම පහසුය. ඔලුගෙඩියේ,
අතෝරයක් නොමැති ශබ්ද ඝෝශාවලින් මිදීමට පහසුය. හුස්මක් ගැනීමට තරම් ඉස්පාසුවක් ඉන්
ලැබේ. මේ නිසා එක වහලක් යට දිවි ගෙවන අනෙකා හදුනා ගැනීම පහසුය. ජීවත්වීම පහසුය.
ජීවත් වන බව දැනේ.


නො
එසේනම්, ‘මම හරි’ යැයි සිතා මුළු ලෝකයම සතුරන් කරගෙන, එහි පැටලීමට පුළුවන. එක එකාට
පාච්චල් වෙන්න ‘මම’ කවුද? කියා මුළු දිවියම දාහයක් කරගත හැකිය. එවිට වසර 25 ක් එක
වහලක් යටට වී සිටියද, අපි තවමත් එකිනෙකා නොහදුනන්නෙමු.