Google+ Followers

Thursday, April 21, 2016

විද්‍යාව, තාක්‍ෂණය, තොරතුරු තාක්ෂණයේ හාස්කම් ප්‍රතික්ෂේප කර ආපසු ගල් යුග...





විද්‍යාව, තාක්‍ෂණය, තොරතුරු තාක්ෂණයේ හාස්කම් ප්‍රතික්ෂේප කර
ආපසු ගල් යුගයට පිය මැනීමට නොව ............
මත්
ද්‍රව්‍ය
, TV, ස්ත්‍රී ලොල්කම, සූදුව,
ආදී ඇබ්බැහිවීම්
ලැයිස්තුවට මෙය තවත් එක් ඇබ්බැහි වීමක් නොවේද යන්න ගැන විමසීමටයි.
අහස
උසට ගොඩනැගිලි තැනුවද
, මිනිසුන්ට නිදහස, සැනසීම,
ඉස්පාසුව නොමැතිනම්, ඒ විද්‍යාවෙන්, සංවර්ධනයෙන්
ඇති ඵල කීම
?
මේ නිසා
සංවර්ධනයේ නාමයෙන් පෙනෙන්නේ මිනිසුන් තව තවත් හුස්මක්වත්  ගන්න බැරි තැනකට  පැටලීමක් පමණි. ජංගම දුරකථනය නොබෝ දිනකින් කනේ එල්ලගෙන
යාමට තරම් අපි ‘දියුණු වනු’ ඇත. ‘එක බොත්තමක් තද කර’ දහස් ගණනක් එකවර මැරීමට අපිට හැකිවුනායයි
උදම් ඇණිය හැකිය. එහෙත්
, තවත් පැත්තකින් මිනිසුන් සහ අනෙකුත් ජීවින්
කුස ගින්නේ මියදෙනු පෙනේ. මියැදෙන මිනිසකුට වතුර පොදක් දීමට වෙලාවක් නොමැති මිනිසුන්
බිහිවනු ඇත. ඒ විද්‍යාවේ
, සංවර්ධනයේ ‘ආශ්චර්යමත් බවයි’.


කනෙන්
අහල
, පොත් බලල ඉගෙන ගන්න දේවල් වලින් පෝෂණය වන්නේ
මනස/ සිතුවිලි/ මොලය පමණක් නොවේද
? අද ඉගෙන ගත්  දේ හෙට අවලංගුය. අලුත් දෙයක් ඉගෙන ගත්තේ නැතිනම්
මමද අවලංගුය. මෙය නඩත්තු කිරීම වෙහෙසකරය. විඩාවකි. දාහයකි. මුළු සමාජයම එකතු වී ‘ මතු
දියුණුවට අකුරු උගනීම’ අපි අපිම රවටා ගැනීමක් නොවේද
? වංක, ව්‍යාජ බවට ලංවීමක්ද? සරල බවින්,
සොභා දහමින් ඈත්වීමක්
නොවේද
? එවිට කෙසේනම් ඉස්පාසුවක් ලබන්නද?