Google+ Followers

Saturday, January 30, 2016

கிரீன் பலூன் Pachcha Baloon





බැලුන් විකුණන මාමා
පාට පාට ලස්සන බැලුන්  අරන්
බයිසිකලෙන් ගමට
එන්නේ ඉරිදා හවසට.

අපි හැමෝම
පාරට ඇවිත් බලාගෙන ඉන්නවා

කොල්ලො  කුරුට්ටො  ටික
බයිසිකලේ පස්සෙන් කැ ගහ ගහ දුවනවා
සල්ලි තියෙන අය
බැලුන් ගන්න දිහා
හොදට බලන් ඉන්නවා

අපිත් වටකරගෙන
බලුන්වල ගණන් අහනවා
තොපිට ඇති සල්ලියක් නැහැ
කියල බැනල එලවනවා
ගෙදර ගිහින්
අම්මගෙන් ඇහුවට වැඩක් නැහැ.
තාතාගෙන් ඇහැව්වොත්
එක්කෝ බැනුම්
නැත්නම් ගුටි

පැරණි  බෙලෙක්කෙකට ගල්
කැටයක් දමල
හොලව හොලව අහල  පහල
ගෙවල් වලට ගිහින්
සතය  දෙක ඉල්ලගෙන
එකතුකරලා බැලුමක් ගත්තු දවසට
අපි හැම දෙනාටම


හරිම සතුටුයි.

Friday, January 29, 2016

too much expectations bring too much pain



The world is not here to

Make us happy

It is a myth

So do not hope/expect too much

And it can hurt you so much



මේ අප ජීවත්වන ලෝකය

හරිම සුන්දරයි

ලස්සනයි.

හැමදෙයක්ම

‘මගේ’ කරගන්න ආසයි.

බලාපොරොත්තු ඇතිව

ඒවා පස්සේ ලුහුබඳිනවිට

ඒ දේවල් නොලැබුනොත්

දුකක්, වේදනාවක් දැනෙනවා

පීඩාවට, වෙහෙසට පත්වෙනවා

එකට හේතුව

මේ ලෝකය බොරුවක් නිසා

මායාවක් නිසා.

මුව පොව්වෙක් මිරිඟුවක්

පසු පස ලුහුබැඳ

අවසානයේ ඒ මත්තේ නැහෙනවා

මේ නිසා

මේ මොහොතේ ජීවත්වීමට

පුරුදු පුහුණු කලයුතුයි

මියගිය අතීතයේ  හුල්ල හුල්ල

ඉන්න ගියොත්

අනාගත සිහිනමාලිගාවල තනිවුනොත්

අපි දන්නෙම නැතිව

මේ හිත අපිව එහි අතරමං කරනවා

මේ මොහොතේ

සිහියෙන්

කලයුතු වැඩ අතපසු නොකොට කලාම

ලැබිය යුතු දේවල් අපට ලැබෙනවා

නොලැබුණු/අහිමි වූ  දේවල්

ගැන හිත හිතා දුක්වීමෙන්

ඇති ඵලය කීම?



Tuesday, January 26, 2016

Stillness





නිසල මුහුද කිසිදිනක

දක්‍ෂ නැවියකු

බිහි නොකරයි.

ඒ නිසා

දුවේ, පුතේ,

විරුද්ධවාදිකම්  ඉවසන්න.

ඒවා සතුරුකම් ලෙස නොව

අභියෝග/ මහගු අවස්ථා

ලෙස සලකන්න.

Saturday, January 23, 2016

Noble Quest ආර්ය පර්යේෂණය





Today make sure you do not waste your valuable time

by making plans for a unseen future

and being worry about past already in past.

Open your mind to realize the truth

in every moment you spend alive..

Don't forget the breath you take in this moment,

it can be your last breath...

So stop worrying...

Stop making plans...

Stop feeding your mind (thoughts)...

This will help you to get rid of

suffering in this moment.

• Be present

• Do not resist

• Surrender to the present moment

This is the way out of suffering and into peace.

Fear, greed, and the desire for power

are the psychological motivating forces

not only behind warfare and violence

between nations, tribes, religions, and ideologies,

but also the cause of incessant conflict

in personal relationships.

මියගිය අතීතය හා නූපන් අනාගතය

වෙනුවෙන් විඳවමුද?

සුන්දරවූ මේ මොහොතේ ජීවත්වෙමුද?

living in the present

අද දින ඔබ විසින් නොදැකපු,

නොදන්නා අනාගතයක් වෙනුවෙන්

(not reality, only in thoughts)

දහසක් සැලසුම් සෑදීම මදකට නතර කරන්න..........

ඒ වගේම දැනටමත් අතීතයට එක් වූ (මියගිය)

අතීතය වෙනුවෙන් සෝසුසුම් ලෑමත්

මදකට නතර කරන්න..........



නොදැකපු අනාගතයකටත්

ගෙවුනු අතීතයකටත්

ඔබේ මේ වර්තමාන මොහොත

විනාශ කර නොදැමීමට වග බලා ගන්න.

ඔබ, ජීවිතය ගලන්නේ

මෙතන, මේ ක්ෂණයේ පමණි.

මේ මොහොතේ ඔබේ මනස විවෘත කරන්න.



ඒ විවෘත මනසින් ඔබ ජීවත් වන



මේ මොහොතේ යතාර්ථය



අවබෝධ කර ගන්නට උත්සාහ කරන්න.



අමතක කරන්න එපා මේ දැන්



ඔබ ඉහලට ගත් හුස්ම පොද,



ඔබේ අවසාන හුස්ම පොද විය හැකි බව.



එනිසා අතීතය වෙනුවෙන් දුක් වීමත්,



අනාගතය වෙනුවෙන් දහසක් සැලසුම් සෑදීමත්



මදකට නතර කොට

වැළපීම නොව සතුට සැනසීම

ඔබ ජීවිතයට ලං කරගැනීමට



මේ ඔබ ජීවත් වන්නට වරම් ලැබූ



වර්තමාන මොහොත යොදා ගන්න.

great opportunities දේවදුතයින්

Friday, January 22, 2016

The End of Suffering





The End of Suffering
May the sound of this bell penetrate deep into the cosmos
Even in the darkest spots
Living beings are able to hear it clearly
So that all suffering in them cease
Understanding comes to their heart
And they transcend the path of sorrow and death.
The universal dharma door is already open
The sound of the rising tide is heard clearly
The miracle happens
A beautiful child appears in the heart of a lotus flower
One single drop of this compassionate water
Is enough to bring back the refreshing spring to our mountains
and rivers.
Listening to the bell
I feel the afflictions in me begin to dissolve
My mind calm
My body relax
A smile is born on my lips
Following the sound of the bell
My breathe brings me back to the safe island of mindfulness
In the garden of my heart
The flowers of peace bloom beautifully.


Thich Nhat Hanh

Wednesday, January 20, 2016

HAPPINESS





ඉස්පාසුව/ මානසික විවේකය
මානසික
විවේකය ලබාගතයුත්තේ ආයාශයෙන්ද? නිරායාශයෙන්ද? ආයාශය- උත්සාහයේදී මොළය/ උඩගුව/
මාන්නය එක් පැත්තකට අදී. හදවත තවත් පැත්තකට අදී. ප්‍රතිඵලය වෙහෙසයි. විඩාවයි.  ඊට හේතුව මනසින් අල්ලාගනීමයි. බාහිර පරිසරයේ වන
සංසිද්ධීන් මනසට බලපෑමක් ඇතිකරන ලෙස 
තබාගැනීමයි. තවත් ලෙස සිතුවිලි ගොඩගසා ගැනීමයි. පිටස්තරින් කුණුගොඩක් ගෙනත්
දා ගත්තා.


මෙය
වටහා ගැනීමට නොහැකි අපි බාහිරින් පිරිසිදුවීමට උත්සාහ ගන්නවා. සිතුවිලිවලින් නොව
ගිහිගෙයින් නිදහස් වීම පිණිස ආරණ්‍යයේ වාසය තෝරාගන්නවා.  ආහාර පාන, ඇදුම් පැළදුම්, වෙනස් කරනවා. කෑම
වේල් ගණන අඩුකරනවා. මේවා ආයාශයෙන් කරන්න හදනකොට අපමණ විඩාවයි. ඒ නිසාම දෙබිඩි
ජීවිතයකට හුරුවෙනවා.    

Tuesday, January 19, 2016

Exams, Exams කොහේ බැලුවත් විභාගේ



මුළු සමාජයම අවධානයෙන් සිටීමට පුරුදු පුහුණු කරවා ඇත.
රැස්කරන/
අල්ලාගන්නා තරමට, නිරන්තරයෙන් සිටිය යුතු අවධානම වැඩිය. හුස්මක් ගන්නවත් වෙලාවක්
නැත. මස් කැල්ල ඩැහැගෙන සිටින තුරු ගැලවීමක් නැත. ආරක්ෂා කලයුතුය. වැඩිදියුණු කලයුතුය.
නඩත්තු කලයුතුය. එනම්, අතෝරයක් නොමැති සිතුවිලිය. නිරන්තර ඔලුවේ ඝෝසාවය. මානසික
විවේකයක් නැත. අසහනය, පීඩනය නිසා ජීවිතය විධවයි. අවසිහියෙන් කල් ගෙවයි.


අනවධානයෙන්
සිටීමට අපිට කියාදුන්නේ නැත. කෙළිලොල් ලමාකාලයේදී පමණි අපි සරලව, අව්‍යාජව,
ඉස්පාසුවෙන් සිටියේ.  පාසල/ වත්මන් අධ්‍යාපන
ක්‍රමය ලමාලෝකය සොරකම් කර ඇත. විශ්වවිද්‍යාලය අනාර්ය පර්යේෂණයේ නිරතවන්නන්ට ‘ඩොලර්
ලැබ’ එකකි. සිසුන්ට එහෙ බැලුවත් විභාගේ..මෙහෙ බැලුවත් විභාගේ. මේක තමයි උන්ගේ
අභාගේ. 

Sunday, January 17, 2016

Expectation brings sorrow





වෙන කෙනෙක්ගෙන් සිනහවක්වත් බලාපොරොත්තු නොවන්න.
සිනහවුනොත්
හොදයි.
කුමන
හේතුවක් නිසාවෙන් හෝ ඔහු/ ඇය
ඔබ
සමග සිනා සුනේ නැතිනම්
එය
ඊටත් වඩා හොදයි.
මක්
නිසාද?
බලාපොරොත්තු
නොවුණු නිසා



ගැන ඔබට දුකක් නැති බැවිනි.

මතු රැකෙනා ශිල්පයමයි උගතමනා





Living in dreams, not in the present moment

දෙමව්පියන්, දුදරුවන් ඇතුළු සමස්ථ සමාජයම

රැල්ලට හසුවී ගසාගෙන යනවා.

මතු රැකෙනා ශිල්පයමයි උගතමනා

අනාගතේ දොස්තරකෙනෙක්/ ඉංජිනේරු වෙක්/..

මට සිහිනයක් වූ දේ මගේ දරුවන් ලවාවත් ඉටුකරගන්න.

ඒ සිහිනය සැබෑවනතෙක් හැමෝම විඳවනවා.

අවසානයේ කිසිවක්ම ඉටුනොවී

නොනිමි මෙහෙවරක අපි හැමදෙනාම

මියැදෙනවා.


Saturday, January 16, 2016

IS THAT SO සෙන් කථා









  Zen Stories - සෙන් කතා
"Is
That So?"
ඒකත් එහෙමද? :  සෙන් කතාවක්
The Zen
master Hakuin was praised by his neighbours as one living a pure life.
A beautiful
Japanese girl whose parents owned a food store lived near him. Suddenly,
without any warning, her parents discovered she was with child.
This made
her parents angry. She would not confess who the man was, but after much
harassment at last named Hakuin.
In great
anger the parent went to the master. "Is that so?" was all he would
say.
After the
child was born it was brought to Hakuin. By this time he had lost his reputation,
which did not trouble him, but he took very good care of the child. He obtained
milk from his neighbours and everything else he needed.
A year later
the girl-mother could stand it no longer. She told her parents the truth - the
real father of the child was a young man who worked in the fish market.
The mother
and father of the girl at once went to Hakuin to ask forgiveness, to apologize
at length, and to get the child back.
Hakuin was
willing. In yielding the child, all he said was: "Is that so?"

ඒකත් එහෙමද? :  සෙන් කතාවක්
හකුයින් කියන සෙන් ගුරුවරයා පිරිසිදු
ජීවිතයක් ගත කළ අයෙකු ලෙස ප‍්‍රකටව සිටියා. ඒ නිසා බොහෝ දෙනා ඔහුට ගෞරව කළා.
ඒ ළඟපාත ලස්සන ජපන් තරුණියක් ජීවත්
වුණා. ඇගේ දෙමාපියන් ධනවත් අය.
තාත්තා පොහොසත් මුදලාලි කෙනෙක්.
හදිසියේ ම ඒ දෙමාපියන්ට දැන ගන්න ලැබුණා
, ඒ තරුණිය මවක් වෙන්න යන බව.
මේක අහලා ඒ දෙමාපියන්ට හොඳටෝම තරහ
ගියා. ඔවුන්ට දැන ගන්න  ඕනැ වුණා දරුවගෙ
තාත්ත කවුද කියල. ඒත් ඇය කියන්න කැමති වුණේ නෑ. අන්තිමේ දී නොයෙකුත් තාඩන පීඩන
කරලා ඇයගෙන් අහ ගත්තා
, දරුවගේ පියා කවුද කියලා. ඒ තමා
හකුයින්.
දෙමාපියන් ඒක අහපු ගමන්ම තරහෙන් පිපිරි
පිපිරි එතුමා හමුවෙන්න ආරාමයට ගියා. ඔවුන් කී සියල්ල එතුමා නිහඬව අහගෙන හිටියා.
අවසානයේ දී එතුමා මෙහෙම කිව්වා:ඒකත් එහෙමද?”
ඒකත් එහෙමද කියල හරියන්නෙ නෑ. අපි
දරුවා ලැබුණාම ඔබට ගෙනත් දෙනවා.
දෙමාපියන්
යන්න ගියා.
දරුවා උපන්නාට පස්සෙ ඔවුන් දරුව ව අර
ගෙන ගිහින් සෙන් ගුරුතුමාට බාර දුන්නා. ඔවුන් එතුමාට කළේ ලොකු ලැජ්ජාවක්. එතුමාගේ
පිරිසිදු ජීවිතයට ලොකු කැලලක් සිදු වුණා.
ඒත් එතුමා එයින් මඳක්වත් සැලූණේ නෑ.
කිසිත් මුවින් නොබැණ දරුවාව බාර ගත්තා. අසල්වාසීන්ගෙත් උදවු ඇතුව ඒ දරුවාට කිරි
ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි
, අවශ්‍ය හැම දෙයක්මත් ලබා දීලා දරුවාව
හොඳින් හදා වඩා ගත්තා.
අවුරුද්දක් විතර ගත වුණා. දරුවගෙ අම්මට
දරුවා නැතුව තවදුරටත් ජීවත්වෙන්න බැරි තරම් දරු කැක්කුමක් ආවා. ඇය අවසානයේ දී ඇත්ත
හෙළි කළා. ඒ දරුවාගේ ඇත්ත පියා මාළු වෙළෙඳ පොළේ තරුණයෙක්.
ඒක අහපු ගමන් ම ගෑනු ළමයාගෙ අම්මත්
තාත්තත් ගියා
, ආරාමයට. ගුරුතුමා හමු වෙන්න. ගිහින්
වැඳ වැටිලා අනේක වාරයක් සමාව ඉල්ලූවා
, තමන්
අතින් වුණු වැරැුද්දට. සමාව ඉල්ලල දරුවාව ආපහු ඉල්ලූවා.


හකුයින් ගුරුතුමා ඒ ඉල්ලීමට එකඟ වුණා.
දරුවාව ආපහු දෙන ගමන් කිවේ
ඒකත් එහෙමද?” කියල විතරයි.

Friday, January 15, 2016

Beyond thought





එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී වෙහෙසට
පත් ඇය, දිනක් මෙසේ කියනවා:
‘මේ ලෝකේ හැමදේම නොසිතු, නොපැතූ
දේවල්මයි වෙන්නේ. අපි බලාපොරොත්තුවෙන දේවල් සිදුවන්නෙම නැහැ.’
සමහරු මේලෝකේ සිහියක් නැතුව දුවනවා.
අරමුණු ඉටුකරගන්න. ජීවත් වෙනවද කියල දන්නෙත් නැහැ. කෑම ටික කන්නෙත් වෙනත් වැඩක්
කරමින්. busy නැත්නම් එයාලට හරි නැහැ වගේ.
දුවන්න දුවන්න අරමුණ තවත් ඇතට වෙනවා.
‘නවතින්න’, ‘ඔබ නැවතුනාම, අරමුණත්
නවතිනවා.’
විවේකයෙන්, ඉස්පාසුවෙන්, සරලව ඉන්න
කොට, අපේ ජීවිත ආලෝකමත් වෙනවා.
ජීවිතේට අවශ්‍ය සියලුම දේ ලැබෙනවා.
හොදයි, නොලැබුනොත්?
ඒක ඔක්කෝටම වඩා හොදයි.
තමන් බලාපොරොත්තුවෙන දේවල් නොලැබුණා
කියලා
ඇයි, ඒ මත්තේ නැහෙන්න හදන්නේ.
පිළිගන්න.
නොලැබීම තරම් හොඳ දෙයක් මේ ලෝකේ තවත්
නැහැ.
ඇයි හොඳ?
ලෝකයේ ඇත්ත දැනගැනීමට අවශ්ථාවක්
ලැබෙනවා.


අරමුණු/ සිතුවිලි වැඩිවුනාම වදයක්.
පීඩාවක්.

Thursday, January 14, 2016

Is life only education and job



Where we went wrong?
The society today gives high value for education
and minimal recognition for spiritual development.
සමාජයට වැරදුන තැන?
ධ්‍යාපනය වෙනුවට අධ්‍යාපනයට වටිනාකම් දීම
අධ්‍යාපනය යනු මොළය/ සිතුවිලි 
පෝෂණය කිරීමයි. අනුන්ගෙන් අසා/ පොතපත බලා දැනගත් දෙය  කටපාඩම් කර වැමාරීමේ හැකියාව දියුණු තියුණු
කිරීමයි. එහි අලුත් දෙයක්/ නව නිර්මාණයක් නැත. එය අනාර්ය පර්යේෂණයයි. ඉන්
බිහිවන්නේ දුෂ්ට කමයි. සරල, අව්‍යාජ, සොභාදහමට ලබැදි, මිනිසකු ඉන් ඇතිනොවේ.


ධ්‍යාපනය යනු හදවත පෝෂණය කිරීමයි. ආර්ය පර්යේෂණය ඒ සදහා උපකාරී වේ.
මියගිය අතීතයෙන් සහ නූපන් අනාගතයෙන් මිදී, ජීවිතය ගලායන මේ ක්ෂණයට/ මොහොතට අවධානය
යොමුකෙරේ. සංකීර්ණ පැටලිලිවලින්, අවයාජත්වයෙන් හෙම්බත්වුණු මිනිසාට ඉන් ඉස්පාසුව,
සැනසීම ඇතිකරයි. තමා ජීවත්වන බව පසක් කරයි. හේ අනෙකාට නොරිදවයි.

Wednesday, January 13, 2016

under one roof for several years, yet couldn't see you





 “Your purpose is to be yourself. You
don't have to run anywhere to become someone else. You are wonderful just as
you are.”




ඔබගේ පරමාර්ථය ඔබම වීම මිස වෙනත් අයකු වීමට වෙර දැරීම නොවේ.
බටහිර පොත්පත් වලට වන්දනාමාන කරමින්
පිටස්තරවූ/ ආගන්තුක  දේවල් වැළදගැනීමට
ඒවා අනුකරණය කිරීමට අපි කොතරම් වෙහෙසෙනවාද?
දෙමව්පියන්, වැඩිහිටියන් අපිව කොතරම්නම් වෙහෙසකරවනවාද?
පොඩි එවුන්ගේ ලමාකාලය සොරාගත්තේද?
හොද කෙනෙක්/ අසවලාවගේ වෙන්නන්ට උත්සාහකිරීමෙන්
එසේ වන්නට පුලුවනිද?
මේ හැම දෙයකින්ම සිදුවුයේ
වටිනාවූ (ආපසු ලබාගත නොහැකි) මේ ක්ෂණය/ මොහොත
නැතිවුනා පණක් නොවේද?
ඔබ ඔබම ලෙස කොතරම්නම් වටිනේද?
සොභාදහමට/ අව්‍යාජත්වයට නුදුරුම  නේද?
එක සෙවණේ වසර ගණනක් සිටියත් හදුනාගතනොහැකි වූ ලැබදියන්ට/
ආදරණීය සැමියාට බිරිඳට දුවට පුතාට අම්මට තාත්තාට
සැබෑවුද, සරලවුද ඔබ දැකගතහැකිවනු නේද?

Tuesday, January 12, 2016

This too passes







"One of the greatest gifts we can offer people is to embody nonattachment and non fear. This is a true teaching, more precious than money or material resources. Many of us are very afraid, and this fear distorts our lives and makes us unhappy. We cling to objects and to people like a drowning person clings to a floating log. Practicing to realize nondiscrimination, to see the interconnectedness and impermanence of all things, and to share this wisdom with others, we are giving the gift of non fear. Everything is impermanent. This moment passes. That person walks away. Happiness is still possible.”

~ Thích Nhất Hạnh

Sunday, January 10, 2016

A Way out of Sufferings





වැලපෙන සිත් පහන් කිරීමේ සමත් උන්වහන්සේ දිනක් හිටි හැටියේම තම කුටියට වී හඩා වැලපෙන්නට පටන් ගත්තා. ඒ තම අම්මාගේ වියෝව ආරන්චිවීමෙනි.

ටික වේලාවක් බලා සිටි පන්සලේ උපාසක :

'ස්වාමීනි, මොකද?'

පිළිතුරු නැත. තව හයියෙන් හඩා වැලපේ.

'වෙන මිනුස්සු මැරුණම බණ කියනව, මේ මොකද?'

දැන් හැඩීම තවත් වැඩිය.

අහල පහල උදවියද පන්සල දෙසට ඇදේ.

'හත් වලාමේ මොකක් වෙලාද, ලතෝනි දෙන්නේ?'

'යකෝ!, මේ මැරිල ඉන්නේ මගේ අම්ම.'


Saturday, January 2, 2016

Heaven and Hell





අපාය සහ  දිව්‍යලෝකය
නොබුෂිගෙ නමැති සොල්දාදුවෙක් හයිකුන් හිමියන් වෙත පැමිණ මෙසේ ඇසීය:
''ස්වාමිනී අපායයි දිව්‍යලෝකයයි කියල දෙකක් ඇත්තටම තියෙනවද?''
හයිකුන් තමා කවරෙක්දැයි ඔහුගෙන් විචාළේය.
''මම සමුරායි කෙනෙක්'' යි හේ පිළිතුරු දුන්නේය.
''ඔබ සොල්දාදුවෙක්!'' යි හයිකුන් පුදුමය පළකළේය. ''මොන මෝඩ ප්‍රභූවරයෙක් ද තමුසෙ වගේ සොල්දාදුවෙකු පත් කරගන්නේ? තමුසෙගෙ මූණ
හරියට හිඟන්නෙකුගෙ මූණ වගෙයි.
''
මේ වචන ඇසූ සැණින් නොබුෂිගෙ බෙහෙවින් කෝපයට පත්වී කඩුව කොපුවෙන්
එළියට ඇදගත්තේය.
එහෙත් හයිකුන් නොනවත්වාම කතා කරගෙන ගියේය.
''හා...... එහෙනම් තමුසෙට කඩුවකුත් තියෙනවා. තමුසෙගෙ කඩුව මගෙ බෙල්ල
කපන්න තරම් මුවාත් නැතුව ඇති
''
නොබුෂිගෙ ගේ කඩුව මුළුමනින්ම එළියට ඇදෙත්ම,
''ඔන්න…. ඔන්න ඔය ඇරෙන්නෙ අපායේ දොර''
යි හයිකුන් පැවසීය.
මේ වචන පිටවෙනවාත් සමගම යථා තත්වය අවබෝධ කොට ගත් සමුරායි වරයා කඩුව
නැවතත් කොපුවේ දමාගෙන, තැන්පත්ව, පසෙකට වී, මද සිනහවක් පලකළේය. එවිට
,


''ඔය ඇරෙන්නෙ දිව්‍යලෝකයේ දොර''
යි හයිකුන්ගේ මුවින් නිකුත්
විය.