Google+ Followers

Saturday, February 27, 2016

ආදරය Love



LOVE- Is it egoic wanting and needing?
Is it like addicting to drugs?
You become addicted to a body?
Or you expected something?
Then it is conditional.
දෙනෙත්
අයාගෙන හමුවීමට බලාසිටින පෙම්වතුන්
විවාහවීමෙන්
පසු එකිනෙකා මුණගැසීම පවා පිළිකුල් කරනවා.
වසර
ගණනක් එක වහල යට වුන්නත් තවම එයාල එකිනෙක දැකල නැහැ.
එහෙම
වෙන්නේ ජීවිතය පිළිබද
අවබෝධයක්
නොමැතිකම නිසා.
කලාතුරකින්
හමුවෙනකොට
සුදානම්වෙලා
බලන්න එනකොට
හමුවීම
කෙටි එකක් වෙනකොට
ජීවිතවල
ඇතුලාන්තය පෙනෙනේ නැහැ.
එතන
ඇත්තේ ස්වභාදහමේ දායාදයයි.
එකිනෙකාට
ඇති ආකර්ෂණයයි.
නමුත්
විවාහවීමෙන් පසු
එකට
ජීවත් වෙනකොට
තවදුරටත්
මේ රගපෑම කරන්න බැහැ.
සැබෑ
තත්වයට මුහුණදිය යුතුමයි.
යතාර්ථය
භාරගත යුතුමයි.
දුක
වේදනාවෙන් පිරීගිය
සාමාන්‍ය
මිනිසුන් වන අපගේ
ජීවිතය
ගොඩවී  තිබිය යුතුමය.
එවැන්නා
සුන්දර සිහින ලෝක වලට
නොරවැටේ.
ජීවිතයට
මුහුනදේ.
අනෙකාට
වරද නොපවරයි.
ඇති
තතු ඇති හැටියටම දකියි.
ඒවා
සංයමයෙන් හා සිහියෙන් යුතුව
භාරගනී.
සිහිවිකල්
කරගෙන ප්‍රතික්‍රියා නොකරයි.
ජීවිත
අවුල් නොකරයි.
ඇයට
හෝ ඔහුට සමාව දෙයි.
යටහත්
පහත් වී කටයුතු කරයි.
අනෙකාට
දොස් කීමෙන්/ රණ්ඩු දබර කිරීමෙන්
ඇති
ඵලක් නැත.

ඔහු හෝ ඇය සිහිය වඩාගෙන ඇති ප්‍රමාණයයි.

තරමටම හේ  ජීවිතය විදවයි.
මෙය
තෙරුම්ගත්විට
ඔබට,
ඇයට/ඔහුට සමාව දියහැකිය.
ආදරය
කලහැකිය.
කිසිවක්
බලාපොරොත්තුවෙන් නොවේ.
ඔහු/
ඇය ජීවිතය විදිනු දැකීම රිසියෙන් පමණකි.
එතන
ආදරය ඇත.
සොඳුරු
කැදැල්ලක් තැනෙ.
බිය
සැක නැත.
හරිම
නිදහස්ය.


ජීවිතය
සුන්දරය.

Friday, February 26, 2016

Role playing- Face of Ego



Role playing- face of ego

Behind my smile

Is depression

And heartache

Why unhappiness

Not because of situations

No more roles playing

After I marry

Because we are

Now living together

ප්‍රතිරූපයක් නොමැති සිත

අපිට පුංචි කාලේ ඉදල කියල දෙන්නේ දොස්තරකෙනෙක්, දේශපාලකයෙක්, නැතිනම් අසවලාවගේ වෙයන් කියල. විශ්වවිද්‍යාලයේ කරන්නෙත් මේ ටිකමයි.

බොහොම සැහැල්ලුවෙන්, සතුටෙන්, ‘තමා වගේ’ හිටපු, අණුකරණය නොකරපු දරුවා; ගුරු, දෙගුරු, වැඩිහිටි අවවාද, හා ඔවුනගේ ආභාෂය ලැබ, රගපෑමට ටිකෙන් ටික පුරුදු පුහුණු වෙනවා. විශ්වවිද්‍යාලයේදී නම්  ඒවාට ලකුණුත් දෙනවා. ඉතා ඉහලින් අගයකරනවා. සම්මාන පිරිනමනවා.ආර්ථික වාසි ලබාදෙනවා. ඉහල රැකියා අවස්ථා ලබාදෙනවා. සමාජයේ පුදසත්කාරවලට බදුන්කරනවා. අනෙක් දුලා පුතාලට කියනවා ඔයාලත් කවදාහරි දවසක ‘මේ වගේ කෙනෙක් වෙන්න’ කියලා. එවිට, මෙතන වෙනුවට අනාගතයේ සිහිනයක් ජීවිතයට සමීප කරගෙන එක පිම්මේම දුවන්න පටන්ගන්නවා. ටිකෙන් ටික අව්‍යාජ බව, සරලබව, අතහැරෙනවා. ව්‍යාජබව, කපටිකම, කඩිකුලප්පුව ජීවිතයට ලංවෙනවා. අපි හරිම දක්ෂයි මේ දේවල් කියාදීලා නැතිදෙවල් සිගිති මනෂට ආරෝපණය කිරීමට. සදාකාලික දුකක්, වේදනාවක් උරුමකරදෙනවා.

මේ රගපෑම සැබෑවක් නොවන නිසා, සිතුවිලි අතෝරයක් නැතිව ජනිත කරනවා. මේ රගපෑම ඒතරම් ලෙහෙසි නැහැ. පනින්නෙම තමන් ඉන්න තැනට. මේ නිසා අනවශ්‍ය ශක්තියක් උපදවන්න අත්‍යවශ්‍යයි. මෙය අපට දරාගත නොහැකි පීඩාවක්/ විඩාවක්. මනසෙහි ආතතියක් ඇතිකරනවා. මෝඩයෝ වගේ බෙහෙත් බිබී, ආතතිය නැතිනොවී තියාගන්න මහන්සි ගන්නවා. ඇයි ඉස්පාසුව නැහැනේ?  කොටින්ම කියනවනම්, මහපොළවේ පයගහන්න බැරිතත්වයක් මම විහින්ම හදාගන්නවා. අඩිකිහිපයක් උඩින් තියල ගමන් කරන්න නිරන්තර වෑයමක් දරනවා. මේක කොතරම් පීඩාවක් කියාද ඔබ හිතන්නේ? එහෙම උදවියගේ ජීවිතවල සතුට, සැනසීම බිදක්වත් තිබිය හැකිද? හිනාවෙන්න පුලුවන්ද? දරුවකුට උදව්වක් උපකාරයක් බලාපොරොත්තු විය හැකිද? හැමතිස්සේ ම වැඩ. වැඩක් නැත්නම් හරිම ප්‍රශ්නෙ. Busy කියල පෙන්නන්න ඕන. ජීවත්වෙන්න නොවෙයි, පෙන්නන්නයි ඕන. අනෙකා කපාගෙන ‘මම’ සම්පුර්ණ කරගැනීමට දගලන ඔහුගේ/ ඇයගේ ජීවිතය නිමවෙන්නේ අහිමි මෙහෙවරකින්.

අපිටත් මේ උගුලෙන් ගැලවිය නොහැකිවිට, මල්කැකුලුවන් දරුවන් කෙසේනම් බේරෙන්නද?

දුවේ, පුතේ,

උඩගු සිත්පිරි මිනිසුන් පිරීගිය ලොවක, එවන් මිනිසුන් මේ සමාජ ක්‍රමයේ ඉහල පුටුවල වැජඹෙන තාක්කල්, උන්ට වැදුම් පිදුම් කරනතාක්කල්, ජීවත්වන්නන් වාලේ ජීවත්වෙනකල්, උඩුගං බලයන්න වාරුව නැතිකල් මෙය කල නොහැක. දිනක්, පිරිවෙනක උගන්වපු, වයසක හාමුදුරුකෙනෙක් කියනවා ‘බයවෙන්න එපා මහත්තයෝ, පාන්ශකූලෙ තියෙනකල්, මිනිසුන් පන්සලට එනවා. එනවාමයි.’


Resist nothing, accept and surrender





Accept what
is unacceptable
This is the
greatest
Source of
GRACE
In this
world.
මට ඕන
විදියට
බලාපොරොත්තු
වෙන විදියට
වැඩකටයුතු
සිදුවන්නේ නැහැ.
බලාපොරෝත්තු
නොවන
දේවල්මයි
සිදුවන්නේ.
පිළිගන්න බැරිදෙවල්
අනපේක්ෂිත
දේවල්
කැමති නැති
දේවල්
ඇතිවුනාම
ඒවා සතුටින්
පිළිගන්න.
ඒ තමයි
මේ ලෝකේ/
ජීවිතේ
සතුටින් ,
සැනසීමෙන්


ජීවත්වියහැකි
 ක්‍රමය.

Thursday, February 25, 2016

කහට උගුරක් බීලා, හැලප කැල්ල දරුවන්ට ගෙනත් දෙන අම්මා





මිහිමඬලේ
අඳුරු කුසේ දිය උල්පත අම්මා
අහස්තලෙන්
මරු කතරට වහින වැස්ස අම්මා
නිල්
දෙර‍‍ණේ තුරුලිය මත මල් සම්පත අම්මා
තුරුලිය
මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා

සිය
දහසක් නෙක ලෝ දා එළිය කරන අම්මා
සොළොස්
කලා පිරි පුර හඳ එළිය කරන අම්මා
මිහිමඬලේ
අඳුරු කුසේ දිය උල්පත අම්මා
අහස්තලෙන්
මරු කතරට වහින වැස්ස අම්මා

සඳ
නැති රෑ සක්වල තරු එළිය කරන අම්මා
උදාගිරෙන්
ලොවට වඩින ළහිරු මඬළ අම්මා

මිහිමඬලේ
අඳුරු කුසේ .........
අපේ
අම්මලා බොහෝ දුක්ගැහැටවලට මුහුණ දීපු අය.
එයාලගේ
අරමුණ දු දරුවන් හොදින් රැක බලා ගැනීම.
එයාලට
හොද අනාගතයක් උදාකරදීම. ආර්ථික ගැටළුවලට
මුහුණදීමට
ශක්තියක් වන්නේත් එයමයි.
අම්මා
කුලියක් මලියක් කරල තමයි
අපි
හතරදෙනෙක්ව රැක බලා ගත්තේ.
තේ
බොන වෙලාවට කන්න දෙන
හැලප
වගේ දෙයක්
, අම්මා කන්නෙ  නැහැ.
තේ
කහට උගුරක් බීලා
,
කෑමට
දෙනදේ රෙද්දේ
, ඉනේ ඔතාගෙන ඇවිත්
අපිට
දෙනවා.
අම්මලා
දරුවෝ වෙනුවෙන් ගොඩාක් දුක් විදිනවා
,


මානසිකවත්, කායිකවත් (Pain Body).

Sunday, February 21, 2016

Living in the present





Living in the present? සතිමත්වීම / සිහිය පවත්වාගැනීම
Can you be here now?
Without being busy
Thinking about past
or waiting for the next moment
Is it possible to be here?

Couple of drinks
TV, sex, etc.
You are drifting towards
Below thinking
There too some relief
From the daily torture
of the mind
But there is a price to be paid
You are going back
Towards unconsciousness
To the animal round
Nature round
Mineral round
අපි කී දෙනාද සිහියෙන් ඉන්නේ?
පාර තොටේ  යනකොට
කථාබහ කරනවිට
එදිනෙදා වැඩකරනවිට
බොහෝවිට අපි ඉන්නේ මේ ලෝකේ නොවේ
අතීතයේ සිදුවුණු දේවල පැටලිලා
නැතිනම්, අනාගත සිහින මාලිගාවල
අපිට ඉන්න බැරි එකම තැන මෙතන
අපි ජීවත්වෙන තැන. මේ ක්ෂණය.
ඔහේ ඉන්නවා
ජීවත්වෙනවද කියල දන්නෙත් නැහැ
අඩියක් ගැහැව්වම
TV එකට ඇබ්බැහි වුනාම
ලිංගික ඇසුරකට වැටුනම
ටිකක් සහනයක් දැනෙනවා
මානසික අසහනයට/ විඳ වීමට
වඩා හොදයි වගේ දැනෙනවා
නමුත් ඒකට ලොකු වන්දියක්
ගෙවන්න වෙනවා
අපිව සිහිසුන් තත්වයට පත්කරනවා
සතුන්ගේ ලෝකයට


අපව නොදැනුවත්ව ඇද දමනවා

Surrender to the present moment



Surrender
to the present moment
බොහෝ ගෙවල්
වල, අපේ බෝවල මහගෙදර වගේ
, අඬදබර වලින් අඩුවක් නැහැ. මිනුසුන්ට හදවත්
තිබුනට, ඔවුන්ව මෙහෙයවන්නේ මොළයෙන්ය. ඒ උඩගු කම පිරීගිය මොළයයි. දුෂ්ටයින් බිහිකරන
මොළයයි.
අගහිගකම්
අපි හැමදෙනාටම පොදුය. කුලියක් මලියක් හරි කර, කුස ගින්නට මොනවා හරි කා සතුටින්
ජීවත්විය හැක. ඒ ජීවිතය පිළිබද අවබෝධයක් ඇතිනම් පමණි. නමුත්, අවාසනාවකට මෙන්
ඉස්සරහට එන්නේ මොළයයි. උඬගුකමයි. එවිට එතන අරක්ගන්නේ අදුරයි. කදුලයි.
මේ වගේ
වෙලාවට, එක්කෙනෙක්- කවුරු හරි, ගැහැණිය හෝ මිනිහා සිහියෙන් වැඩකටයුතු කලයුතුමයි.
මගේ ළමාකාලය කටෝරයි. එත් මගේ දරුවන්ට ඒ ඉරණම අත්කර දෙන්නේ නැ කියලා, ඔබටත්
පුලුවන්ද, ඔබටම  පොරොන්දු වෙලා,  ‘යටහත් පහත්’ (
surrender to the present moment) වෙන්න? අවශ්‍ය තැන්හිදී. ඔබට පුලුවන්ද ඔබේ
කැදැල්ලේ ඉන්න අනෙකුත් සාමාජිකයින්ට කොන්දේසි නැතිව ආදරය කරන්න? වරක් නෙවෙයි, දහ
දොළොස් වරක් හොදට හිතල බලන්න.
අන්න
එතකොට, ඔබේ කැදැල්ලත් සතුටෙන්, සමගියෙන් ඉතිරී යාවි.


ගොඩක් අය
සරෙන්ඩර් වෙන්න කැමති නැහැ. පිරිමි කමට හරි නැහැලු. බයාදු වීමක් ලු. ලැජ්ජලු.
එහෙමනම්, අපි ලැජ්ජා වියයුතු වැඩ කොතරන්නම් කරනවද?

Saturday, February 20, 2016

The Pursuit of Happyness Official Trailer





THE PURSUIT OF HAPPYNESS
A salesman struggling to build a future
for himself and his 5-year-old son.
His determination finally pays off
when he lands an unpaid internship
in a stockbroker-training program.
only one in twenty interns will make the cut.
But without a salary, he and his son are evicted from their
apartment.
They are forced to sleep on the streets, in homeless shelters
and even behind the locked doors of a metro station bathroom.
With self-confidence and
the love and trust of his son,
he rises above his obstacles


to become a Wall Street legend.

Friday, February 19, 2016

Let it go මනසින් අත හරින්න





මම
මේ ගොඩනගන ලෝකය අදට, මේ මොහොතට පමණමයි. ඒක පවතින්නේ නැහැ. ඒක අපට වෙනස් කරන්න
බැහැ. ඇතිවන හැම දෙයක්ම ඒ ඇතිවන මොහොතේම විනාශයත් සිදුවෙනවා. ඒකයි ලොව ධර්මතාවය.
පසුගිය
කාලයට හැරිලා බලන්න. මොකක්ද වෙලා තියෙන්නේ? හැදු ලෝකවල සිහිනයක් පමණක් ඉතිරිවෙලා.
ඒක අපේ
සිත්වල ගොඩනගා ගනිපු දෙයක් විතරයි. අපිට කියල දීල තියෙනවා එක පෝෂණය කරන්න. හිතපු
දේවල් ඒ විදියටම සිදුවෙනකොට සතුටුවෙන්න කියල. එලෙස සිදුනොවන විට හඬන්න කියල.
ලෝකය/
සංසාරය කියන්නේ සිතුවිලිවල/ චින්තනයේ ප්‍රවාහයක් පමණයි. කලින් මොහොත, මේ මොහොත,
ඊලග මොහොත, මේ තමයි සසර. මැරුණට පස්සේ, ලබන ආත්මයක්  ගැන කියන්නේ සත්‍ය නොවේ. දාන මානවලට අහිංසක
මිනිසුන් රවටනවා.
සිගිති
දරුවකුට ලෝකයක් නැහැ. හරිම ලස්සනට නිදහසේ ඉන්නවා.
ඊට
පස්සේ ලෝක හදවනවා. දාහයකින් තැවී තැවී, මැරි මැරී  ඉන්නවා.


ඇතිවෙමින්
නැතිවෙමින්, පටිච්චසමුප්පන්නව ගලායන මේ ලෝකයේ ඔබ මම ඇයි බලාපොරොත්තු පොදි  බැද ගත්තේ? මෙතන, මේ මොහොතේ මම කලයුතු දෙය
කලානම්, ඊලග මොහොතේදී ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවද , එදෙස උපේක්ෂාවෙන් බලාසිට, ඊට
ඉඩ හැරියානම් ඉවරයි. සිහින ලෝකයක් හදල බදාගන්න ගියාම නේද මේ අනේක විධ දුක් පීඩා?

My whole world is down?





වෛද්‍ය
පීඨයේ  දෙවැනි වසර ඉගෙන ගන්න දියණියක්
“මම
දුක් මහන්සියෙන් හැදූ ලෝකය කඩාගෙන වැටුනා. දැන් ඉතිං ජීවත් වීමේ ඵලය කුමක්දැයි  “ කියා විමසුවා.
ලෝක
විනාශය කියන්නේ මම ඇතුලාන්තයෙන් හදා ගත් ලෝකයේ බිදවැටීම.
මේක
වටහාගතහැකි කෙනා ශ්‍රේෂ්ඨ මිනිසකු වන අතර, වල්මත්වුකෙනා උන්මත්තකයකු වෙනවා. එකම දෙවදුතයකු
(great opportunity) ඔබත් මමත් දෙයාකාරයකට දැකීම එයයි.
අපි
කුඩා කල සිට මේ ලෝකය සංවර්ධනය කළා. ආදරයෙන් බලා කියා ගත්තා. දුෂ්ටයින් බිහිකරන මේ
අධ්‍යාපන ක්‍රමය ඊට මං පෙත් හෙලිකලා.


හෙම්බත්වී
හදා ගත් ලෝකය ස්ථීරද? සුඛද? ඉස්පාසුව ගෙනදෙන්නක්ද? කොහෙත්ම නැත. දාහයක් පමණි. මෙය
දන්නා මිනිසාට තම ලෝකය කඩාවැටීම ප්‍රශ්නයක්ද? නැත.

Thursday, February 18, 2016

What is my responsibility?





What is my responsibility?
The state of your consciousness is your ultimate responsibility
It determines what kind of world you create.
A diseased state of consciousness produces
a world of disease and dysfunction.

අපේ ජීවිතේ පරමාරථය
සතුටින් සිටීමයි.
දුක් පීඩා, දාහය, වීඩාව නොමැතිව
මේ ජීවත්වන කාලය
මැරුණට පස්සේ ලබන ආත්මයේ නොවේ
සැනසීමෙන් ජීවිතය ගත කිරීමයි.

කායික පීඩා මෙන් නොව
මානසික ලෙඩ දුක් හදාගන්නේ
අප විසින්මය.
සිහියෙන් මේ මොහොත ජීවත් වන්න.
මේ ලස්සන, සුන්දර ජීවිතය
අපායක් කරගන්නවාද? නැද්ද?
යන්න තීරණය කරන්නේ
ඔබමය.
එය පිටස්සතරයකුට


කිසිසේත්ම පාලනය කල නොහැකිය.

Tuesday, February 16, 2016

Resist nothing, Be present, Surrender





පසුගිය දිනක ලස්සන කථාවක් ඇහුවා.
මහත්තයෙක් හොදටෝම බීල
ගෙදර එන්න පුරුදු වෙලා හිටියා.
ඉතිං, හැමදාම ගෙදර යුද්ධයක්.
වැඩ ඇරිලා ගෙදර එන්නේ
රණ්ඩු කරන්න සුදානමින්
හොදට සුර් වෙන්න ගහලා.
එදත් සුපුරුදු පරිදි බස් එකෙන් බැහැලා
වැනි වැනි ගෙදරට එනවා.
නෝනා ලස්සනට ඇද පැළදගෙන
ඉදිරියට ඇවිත්,
‘ ආ! අපේ මහත්තය ඇවිල්ලා.
කෝ වාඩිවෙන්න සපත්තු ගලවන්න.
ඇග පත සෝදා ගන්න.
මම තේ එකක් හදන්නම්....’
බීපු එක ප්‍රශ්නයක් නොකරගෙන
තමන්ගේ මහත්තයට සැලකුවා.
මේ මිනිහා එදායින් පස්සේ
ආයේ කවමදාකවත් බිව්වේ නැහැ.
සතුටින් ජීවත් වුනා.
ඒ මොහොත පිළිගැනීම,
ප්‍රතික්ක්‍රියා නොකිරීම,
නිහතමානි ලෙස යටහත් පහත්  වීම,


 ජීවිතයට සතුට ගෙනෙනවා.

Sunday, February 14, 2016

VOICE IN THE HEAD





People
are in the grip of thinking.
Complaining,
having issues with this or that,
Unpleasant
thing happened yesterday,
Or 10
years ago,
What
might go wrong tomorrow?
Or
tonight?
Stream of
thinking.
This is
amplified today by the digital gadgets
‘Want
your attention’ an email coming in
A text
message ‘urgent’
A FB
message ‘dinner plate’
Then you
have to reply
Attention
is continuously absorbed
More
stuff in your mind
You are
drowning in
Physical
and mental stuff
One
thought after another
අතෝරයක් නොමැති සිතුවිලිවල සිරවූ
මිනිසුන්
පැමිනිලිකිරීම්, හැමතැනම කොකුදාගෙන ප්‍රශ්න
ඊයේ සිදුවුණු අමිහිරි අත්දැකීම්
නැතිනම් වසර ගණනකට පෙර සිදුවූ දේ
හෙට කුමක් සිදුවේද?
අද රෑට කුමක් සිදුවේද?
සීමාවක් නොමැති සිතුවිලි දහරාවක්
තාක්‍ෂණය නිසා අද මේවා දෙගුණ තෙගුණ
වෙලා
එක පැත්තකින් ඉතා වැදගත්
ඊ මේල් එකක්
අනෙක් ඇතට හදිසි
sms
එකක්
ඒ අතර FB එකේ රැ කෑමක්’ post එකක්
ඔබ ඒවාට පිළිතුරු දෙන්නත් ඕන
අවධානය නිරන්තරයෙන්ම මෙතනින්
ඇදලා ගන්නවා
ඔලුවේ නිරන්තර  ඝෝසාව
භෞතික හා මානසික දේවල් වල
ඔබව හිරවෙලා
හුම්මක් ගන්නවත් බැහැ
අතෝරයක් නොමැති සිතුවිලි


ජීවත්වෙනවද කියා ඔබ දන්නේ නැහැ

Saturday, February 13, 2016

Friends or Enemies?





සිදුහත් බෝසතාණෝ
සම්බුද්ධත්වයට පත්වුණේ
මාරසේනාව අතරෙන් මිස
දිව්‍යාංගනාවන්  අතරෙන් නොවේ.

මින් අදහස් වන්නේ කුමක්ද?
මේ ලෝකය ජයගැනීමට
ඔබට සැබෑ වශයෙන්ම
උදව් කරන්නේ
ඔබගේ මිතුරන්නොව
ඔබගේ සතුරන්මය.

මේ නිසා
දුක් කම් කටොලු,
බාධක,
දේවධුතයින් (great
opportunities)
ලෙස සතුටින් පිළිගන්න.
ඒවා/ ඔවුන් හරහට නොසිටින්නට


ඔබ අදටත් එතැනමය.

Thursday, February 11, 2016

All Problems are Illusions of the Mind.





සිත සහ සිතුවිලි ඇති තැන
ඇත්තේ
දාහයකි
දැවීමකි
පීඩාවකි
වෙහෙසකි
නොඉවසිල්ලකි
සංකීර්ණ බවකි
සොභාදහමෙන් ඇත්වීමකි
කෘතීම බවකි
ආරුඩ කරගැනීමකි
ව්‍යාජබවකි
වංක බවකි
බොරු ආටෝපයකි
උඬගු බවකි
මියගිය අතීතයකි
නොඉපදුණු  අනාගතයකි
නැත්තේ  මෙතැනයි
ජීවිතයයි
සතුටයි


සැනසුමයි