Google+ Followers

Sunday, April 24, 2016

ජීවිතය එපා වෙලාද?





ඔබගේ වටිනාකම ගැන සැකයක්ද?

ඔබව පිළිගන්නේ නැතිද?

ඔබව කොන් කරලා වගේ හැඟෙනවද?

ජීවිතය එපා වෙලාද?

කලකිරිලද?

ඔබට යහළු යෙහෙලියන් නොමැතිද?

ඔබේ සමීපතමයන් ඔබෙන් ඈත් වෙලාද?

සිනහව ඔබෙන් දුරස් වෙලාද?

ඔබ මේ ගැන පසුතැවිලි වෙනවාද?

ඒ ඔබට ඉඟි  කරන්නේ

දේවදුතයෙක් පහල වී ඇති බවයි.

හොදින් නිරීක්ෂණය කරන්න.

ඔබට පසු තැවිලි වීමට කිසිඳු  කාරණාවක් නැත.

මන්ද, ඔබව මේ තත්වයට පත් කර ඇත්තේ

ඔබගේ උඩඟු  මනසයි.

මේ වටිනා අවස්ථාවේ  එය මැනවින් තේරුම් ගන්න.

ඔබ ගැන ලෝකයාගේ තක්සේරුව පසෙකට විසිකර දමන්න.

දැන්වත්, දිවීම නතර කොට

සැබෑවටම ඔබ කවුදැයි විමසන්න.

මේ ලෝකේ කිසිවෙක් ඔබගේ සතුට, සැනසීම ගැන

සැලකිල්ලක් නොදක්වන බව මතක තබා ගන්න.

උඩඟු , මායාකාරී මනසට නොරැවටෙන්න.

ඔබ, ජීවිතය, සතුට විනාස කිරීමට

ලෝකයාට ඉඩ නොදෙන්න.

නෙලුම් මල ගැන විමසන්න.

මඩ ගොහොරුවේ හැදී, වැඩී

ඉන් ඉහලට නැගී ලොවම ලස්සන කරන

නෙලුම් මල , එහි වර් ධනයට හෝ රුවට හානියක්

කිරීමට අවට මඩ ගොහොරුවට කිසි විටකත් ඉඩ නොදේ.


Saturday, April 23, 2016

No one in this world cares about your happiness



Feel not worth of you?
Doubt about your self-worth?
Not recognized/ treated well?
Don’t worry?
Who you really are?
Don’t ask from others?
Make a self-inquiry.
No one in this world care about your happiness.
Remember the Lotus flower.
It plunges to life from beneath the mud.
It does not allow
the dirt surrounds it
to affect its growth or beauty.
So, do not allow
this world


to destroy your happiness.

Friday, April 22, 2016

අපේ කැදැල්ලට වසර 25 යි- April 27, 2016 Living in Our True Home is a joy ...



අපේ
කැදැල්ලට වසර 25 යි-
April 27, 2016
Living in Our True Home is a joy to
everyone in it
It is the acceptance of the other,
my unconditional readiness to surrender to the present moment,
and non-reaction
that keep us going happily for 25 years.
අභ්‍යන්තර
සහ බාහිර නොසන්සුන්තාවයට, නොසතුටට, ගැටුම්කාරී තත්වයට මුලික සහ එකම හේතුව අපේ උඩගු
සිතයි, මාන්නයයි.
නැවතත්
මවිසින් සිතා බැලිය යුතු වන්නේ මම   මේ ලෝකයේ කාට හරි කොන්දේසි නොමැතිව ආදරය කරනවාද?
යන්නයි.
එවිට
මේ මොහොත පිළිගැනීමට පහසුය. යටහත් වී, ප්‍රතික්‍රියා නොකර සිටීම පහසුය. ඔලුගෙඩියේ,
අතෝරයක් නොමැති ශබ්ද ඝෝශාවලින් මිදීමට පහසුය. හුස්මක් ගැනීමට තරම් ඉස්පාසුවක් ඉන්
ලැබේ. මේ නිසා එක වහලක් යට දිවි ගෙවන අනෙකා හදුනා ගැනීම පහසුය. ජීවත්වීම පහසුය.
ජීවත් වන බව දැනේ.


නො
එසේනම්, ‘මම හරි’ යැයි සිතා මුළු ලෝකයම සතුරන් කරගෙන, එහි පැටලීමට පුළුවන. එක එකාට
පාච්චල් වෙන්න ‘මම’ කවුද? කියා මුළු දිවියම දාහයක් කරගත හැකිය. එවිට වසර 25 ක් එක
වහලක් යටට වී සිටියද, අපි තවමත් එකිනෙකා නොහදුනන්නෙමු. 

Thursday, April 21, 2016

විද්‍යාව, තාක්‍ෂණය, තොරතුරු තාක්ෂණයේ හාස්කම් ප්‍රතික්ෂේප කර ආපසු ගල් යුග...





විද්‍යාව, තාක්‍ෂණය, තොරතුරු තාක්ෂණයේ හාස්කම් ප්‍රතික්ෂේප කර
ආපසු ගල් යුගයට පිය මැනීමට නොව ............
මත්
ද්‍රව්‍ය
, TV, ස්ත්‍රී ලොල්කම, සූදුව,
ආදී ඇබ්බැහිවීම්
ලැයිස්තුවට මෙය තවත් එක් ඇබ්බැහි වීමක් නොවේද යන්න ගැන විමසීමටයි.
අහස
උසට ගොඩනැගිලි තැනුවද
, මිනිසුන්ට නිදහස, සැනසීම,
ඉස්පාසුව නොමැතිනම්, ඒ විද්‍යාවෙන්, සංවර්ධනයෙන්
ඇති ඵල කීම
?
මේ නිසා
සංවර්ධනයේ නාමයෙන් පෙනෙන්නේ මිනිසුන් තව තවත් හුස්මක්වත්  ගන්න බැරි තැනකට  පැටලීමක් පමණි. ජංගම දුරකථනය නොබෝ දිනකින් කනේ එල්ලගෙන
යාමට තරම් අපි ‘දියුණු වනු’ ඇත. ‘එක බොත්තමක් තද කර’ දහස් ගණනක් එකවර මැරීමට අපිට හැකිවුනායයි
උදම් ඇණිය හැකිය. එහෙත්
, තවත් පැත්තකින් මිනිසුන් සහ අනෙකුත් ජීවින්
කුස ගින්නේ මියදෙනු පෙනේ. මියැදෙන මිනිසකුට වතුර පොදක් දීමට වෙලාවක් නොමැති මිනිසුන්
බිහිවනු ඇත. ඒ විද්‍යාවේ
, සංවර්ධනයේ ‘ආශ්චර්යමත් බවයි’.


කනෙන්
අහල
, පොත් බලල ඉගෙන ගන්න දේවල් වලින් පෝෂණය වන්නේ
මනස/ සිතුවිලි/ මොලය පමණක් නොවේද
? අද ඉගෙන ගත්  දේ හෙට අවලංගුය. අලුත් දෙයක් ඉගෙන ගත්තේ නැතිනම්
මමද අවලංගුය. මෙය නඩත්තු කිරීම වෙහෙසකරය. විඩාවකි. දාහයකි. මුළු සමාජයම එකතු වී ‘ මතු
දියුණුවට අකුරු උගනීම’ අපි අපිම රවටා ගැනීමක් නොවේද
? වංක, ව්‍යාජ බවට ලංවීමක්ද? සරල බවින්,
සොභා දහමින් ඈත්වීමක්
නොවේද
? එවිට කෙසේනම් ඉස්පාසුවක් ලබන්නද?